• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩ වෙනවා! එක්තැන් වෙනවා! හිටිහැටියේ මැරෙනවා! අපේ කලාකරුවන්ට මොකක්ද මේ වෙලා තියෙන අපලය!

November 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෙඩ වෙනවා! එක්තැන් වෙනවා! හිටිහැටියේ මැරෙනවා! අපේ කලාකරුවන්ට මොකක්ද මේ වෙලා තියෙන අපලය!
Share on WhatsAppShare on Facebook

කලාකරුවන් යනු නිරන්තරයෙන් පොදු ජනතාවගේ සතුට වෙනුවෙන් කටයුතු කරන පිරිසකි. කිසියම් කලාකරුවෙකුට කරදරයක් සිදු වූ විට රටේ පොදු ජනතාවද කලබලවන්නේ ඒ නිසාය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ තත්ත්වය මත මේ කාලය සෑම අතින්ම කලාකරුවන්ට අහිතකර කාලයකි. ඒ අතරතුර මෙරට කලාකරුවන් මියයෑම සහ රෝගී වීම අසාමාන්‍ය ආකාරයෙන් වැඩි වී ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත.

ඕනෑම කෙනෙකු ලෙඩ වීම සහ මියයෑම සාමාන්‍ය දෙයක් වුවද, දේශීය කලාකරුවන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී එය සාමාන්‍ය තත්ත්වයෙන් එහාට ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. පසුගිය කාලය විමසා බැලීමේදී එය පැහැදිලිව දැකගත හැක.

ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා පසුගියදා අප අතරින් වියෝ විය. දශක ගණනාවක් පුරා මෙරට කලා කෙත අස්වැද්දූ විජේසේකර මහතා මියයන විට 73 වැනි වියේ පසුවිය.

එම ආරංචිය ලැබී දින දෙකක් යන්නට මත්තෙන් දැන ගැනීමට ලැබුණේ ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන මහතාද ජීවන ගමන නිමා කෙට ඇති බවය. සිරස සුපර්ස්ටාර්ස් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණි සුසිරිවර්ධන මහතා ඉන් අනතුරුව නිර්මාණ රාශියක් හරහා ජනතා හදවත් මුසපත් කිරීමට සමත් විය. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 58කි.

ගිරිරාජ් කෞශල්‍ය, සරත් චන්ද්‍රසිරි සහ සම්පත් තෙන්නකෝන් යන කලාකරුවන් තිදෙනාද මේ වනවිට අසනීපයෙන් යුතුව රෝහල් ගතව ඇත. මේ අතරින් ඇතැම් කලාකරුවන් මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගියද, රටේ ජනතාවගේ වාසනාවට එම ආරංචි බොරු ඒවා බවට තහවුරු විය.

කලක් පීඩා විඳි රෝගී තත්ත්වයක් නැවත මතු වීම හේතුවෙන් ගිරිරාජ් කෞශල්‍ය මහතා මේ වන විට විවේකී සුවයෙන් පසුවන බව දැනගන්නට ඇත. ඒ හේතුවෙන් මේ දිනවල අතිශයින් ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙන් පවා ඉවත් වීමට ඒ මහතාට සිදුව ඇත. පසුගිය දිනෙක ඒ මහතාගේ උපන්දිනයද යෙදී තිබුණු අතර වෙනදාට වඩා වෙනස් ආකාරයකින් උපන්දිනය සැමරීමට කෞශල්‍ය මහතාට සිදු විය.

සරත් චන්ද්‍රසිරි මහතා අසනීප වී ඇත්තේ පසුගිය දා ඇල්පිටියේ පැවැති වේදිකා නාට්‍යයක රංගනයේ නිරතව සිටියදීය. ජනක් ප්‍රේමලාල් මහතාගේ වේදිකා නාට්‍යයක ඒ ආකාරයෙන් රංගනයේ නිරතව සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් නිසා චන්ද්‍රසිරි මහතා රෝහල් ගත කර ඇත. ඒ මහතා තවමත් පසුවන්නේ රෝහල්ගතවය.

ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයාවන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාද මේ වන විට අසනීප තත්ත්වයෙන් රෝහල් ගතව ඇත. අසනීප තත්ත්වය හේතුවෙන් තම රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට ඒ මහතාටද සිදුව ඇත.

මේ සියලු දෙනාම මෙරට ජනතාවගේ හදවත් සුවපත් කිරීමට තම ජීවිත කාලය කැප කළ කලාකරුවෝය. කලාවට එහා ගොස් ජනතාව වෙනුවෙන් තම මෙහෙවර ඉටු කිරීමටද මේ සියලු කලාකරුවන් කටයුතු කර ඇත. තමන් සතුටු කළ මේ අසහාය කලාකරුවන් විපතට පත් වී ඇති මොහොතේ රටේ බොහෝ දෙනකු කම්පා වී ඇත්තේද ඒ හේතුවෙනි.

මේ අවාසනාවන්ත තොරතුරු කිහිපයම දැන ගන්නට ලැබුණේ දින කිහිපයක් ඇතුළත වීමද විශේෂත්වයකි. රටේ කලාකරුවන්ට බලපා ඇති අපලය කුමක්දැයි බොහෝ දෙනකු විමසන්නට වූයේද ඒ හේතුවෙනි. එමෙන්ම පසුගිය මාස කිහිපය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම තත්ත්වය වඩාත් බරපතළ බවය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිශය ජනාදරයට පත් වූ කලාකරුවෙකු වූ සුනිල් පෙරේරා මහතා මෙලොව හැරදා ගියේ පසුගිය මාස කිහිපය තුළය. එමෙන්ම විශාඛා සිරිවර්ධන, ෂෙල්ටන් මුතුනමගේ වැනි ප්‍රවීණ කලාකරුවන් රැසක්ම පසුගිය කාලයේදී අපට අහිමි විය.

කලා කටයුතු තරමක් දුරට නැවතී ඇති යුගයක, ජනතාව මඟ බලා සිටින්නේ නැවත වරක් තමන් ආදරය කරන කලාකරුවන්ගේ දක්ෂතා දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. රෝගාතුරුව සිටින සියලු කලාකරුවන්ට අප ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නේ රටේ සියලු ජනතාව සමඟ එකතු වෙමිනි. එමෙන්ම රටේ කලාකරුවන්ට බලපා ඇති නරක කාලය ඉක්මනින්ම යහපත් අතට හැරේවා යන්න අපේ ඒකායන බලාපොරොත්තුවය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඔක්කොම ඉවරයි! ගොවීන්ට දැන් වෙන්නේ වහ බොන්න! මේ සේරටම මුල මහින්දානන්ද! මෛත්‍රීපාල අදත් ආණ්ඩුවට හතරඅතේ බැන වදී! (VIDEO)

Next Post

මතකද ජනාධිපතිවරණයෙදි කියපුවා! ගෝඨා කියපුවා සජිත් මිනිස්සුන්ට මතක් කරන්න පටන් ගනී! (PHOTOS & VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.