• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු හමුදාපති මහේෂ්ට අමෙරිකාවේ ඉහළම සම්මානය! (VIDEO)

November 18, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
හිටපු හමුදාපති මහේෂ්ට අමෙරිකාවේ ඉහළම සම්මානය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

ශ්‍රී ලංකාවේ එම සම්මානය හිමිකරගත් පළමු පුද්ගලයා වන්නේ මහේෂ් සේනානායක මහතායි.

තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

වීඩියෝව මෙතැනින් නරඹන්න.

https://fb.watch/9m6X2LJZET/

එදා උපුල් ජෝශප් ප්‍රනාන්දු මව්රට පුවත්පතට හිටපු යුද හමුදාපතිවරයා පිළිබද ලියූ ගුරුදා විග්‍රහය.

හරක් ඉන්න රටක සිංහයෙක් රජ ‌වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවේ කොටස්කාරයෙක් යැයි චෝදනා කොට මෛත්‍රි ඔහුට ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණීම තහනම් කොට තිබිණි. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරක්ෂක ලේකම්ට ඔහු සමඟ ගනුදෙනු කිරීම තහනම් කොට තිබිණි. පොලිස්පතිවරයා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි චෝදනා කොට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීම තහනම් කොට තිබිණි. පොලිසිය ඇතුළු ඔත්තු සේවා නාමල් කුමාර නමැති කොහෙන්දෝ මතුවූ අබිරහස් චරිතයක් කියන මෛත්‍රි සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කටකතාව ගැන පරීක්ෂණ කරමින් සිටියහ. පාස්කු බෝම්බයේ නිර්මාතෘ සහරාන්ව අත්අඩංගුවට ගන්න උසාවියෙන් වරෙන්තු ඉල්ලා සිටි බුද්ධි අංශ නිලධාරී නාලක සිල්වා මෛත්‍රි – ගෝඨා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි නාමල් කුමාර කී සාක්ෂිය මත අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලිය ගැන සිදුකළ පරීක්ෂණ අඩාළ වී තිබිණි. එම පරීක්ෂණ කළේ එම නිලධාරියාය. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පසු බෝම්බ ප්‍රහාරය වන තෙක් ආරක්ෂක මණ්ඩල රැස්වීම් පවත්වා තිබුණේ නැත. නාමල් කුමාර නමැති අබිරහස් චරිතය නිසා රටේ ආරක්ෂක යන්ත්‍රණයම කඩාවැටී තිබිණි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූයේ එවැනි වෙලාවකය. තැතිගත් අගමැති ඒ වෙලාවේම තමන්ට තහනම් කොට තිබූ ආරක්ෂක අමාත්‍යාංශයට ගියත් ආරක්ෂක මණ්ඩල රැස්වීම් නොපවත්වන ලෙස නිවාඩුව ගතකරමින් සිටි මෛත්‍රිපාල ආරක්ෂක ලේකම්ට උපදෙස් දී තිබිණි.

“තව කොහේ බෝමබ පිපිරෙයිද…? මොනවයින් මොනව වෙයිද..?”

රටම බය බිරාන්ත වෙලා සිටි මොහොතක රටේ ආරක්ෂාව සියතට ගත් එක් මිනිසෙක් විය. ඔහු හමුදාපති මහේෂ් සේනානායකය. පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවීමෙන් අකර්මණ්‍ය වී සිටි පොලිසියත් අළු පිසදමා නැඟිට්ටේ හමුදාපති ආරක්ෂාව සියතට ගන්න ගත් තීරණයෙන්ය. හමුදාපතිවරයා ජාත්‍යන්තර බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගෙන බෝම්බකරුවන් සොයා රටම වටලන්න පටන්ගත්තේය. දින කිහිපයකින් ඔහු ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ජාලයේම කොන්ද කඩාදැමීය. හැබැයි ඒ මුස්ලිම්වරුන්ව ආරක්ෂා කරගනිමින් ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදිය.

මුළු ලෝකයම මහේෂ් සේනානායකට ප්‍රශංසා කළේ රටක ජනාධිපති මුළු මහත් ආරක්ෂක යන්ත්‍රණයේම කොන්ද කඩා බිම ඇදදමා තිබෙන වෙලාවක ඔහු එම ආරක්ෂක ජාලයට පණ පිහිටුවා ත්‍රස්ත කල්ලි ජාලයේ කොන්ද කඩාදමපු නිසාය. වීරයෝ බිහිවන්නේ සාමාන්‍ය කාලයන්හි නොවේ. අසාමාන්‍ය කාලයන්හිය. අසාමාන්‍ය කාලයන්හි කරන අසාමාන්‍ය ක්‍රියා නිසා වීරයෝ බිහිවෙති. මහේෂ් සේනානායකත් එවැනි වීරයෙකි. ඒ ඔහු හමුදාපති වූ නිසා නොවේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔහු ලංකා මාතාව ගලවාගත් නිසාය. එය කළේ ඔහු මහ රෑ මුස්ලිම් ගෙවල්වලට හමුදාව යවා ඔවුන්ට හිරිහැර කිරීමෙන් නොව, මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට හමුදාව යෙදවීමෙන් නොව, රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකරන ලෙස හමුදාවට උපදෙස් දීමෙන්ය.

ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා නිෂ්ප්‍රභ කරමින් ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරක කල්ලිය මර්දනය කොට ලංකාවේ හමුදාව විනයගරුක හමුදාවක් බව ලොවට පෙන්වීය. මුළු ලෝකයම හිතුවෙ ඔහුට සේවා දිගුවක් දෙයි කියාය. එහෙත් මෛත්‍රි ඔහුට සේවා දිගුවක් නොදන්නේ බියෙන් විය යුතුය. එය රටේත් ජාතියේත් වාසනාවකි. දැන් ඔහු එළියට ඇවිත් ඉන්නේ 2019 ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා ලෙසය.

මහේෂ් සේනානායක ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ සීයා ලංකාවට නිදහස ලැබීමට පෙර බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව යටතේ සේවය කළ පොලිස් නිලධාරියෙකි. ඔහුගේ පියාද පොලිස් සේවයට බැඳුණේ පියා ගිය මඟ යමින්ය. ඒත් ඔහුගේ පියා, පුත් මහේෂ් හමුදා සේවයට යවන්න තීරණය කළේය. හමුදා සේවයේ ඉහළට යන්න නම් මිලිටරි ඇකඩමියට යා යුතු යැයි පියා යෝජනා කළේය. පුහුණු කාලය අවසන් වීමෙන් පසු විසිරයෑමේ උත්සවයට පැමිණෙන ලෙස ලැබුණු ආරාධනා පත කියවූ පියා කීවේ තමා ගත් තීරණය හරි බවය. හේතුව මහේෂ් එම කණ්ඩායමේ පළමුවැනියා බවට පත්ව තිබිණි. මිලිටරි ඇකඩමියේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා යටතේ සුද්දාගේ හමුදාවේ ඉංග්‍රීසි සම්ප්‍රදායන් ඉගෙන ගත්තේය. 2000දී චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ හමුදාව යාපනයට කොටු කොට ප්‍රභාකරන්ගේ නොනවතින රැල්ල යාපනය දොරකඩටම ඇවිත් හමුදාවට මුහුදට පනින්න හැර වෙන විකල්පයක් නැති අවස්ථාවක හමුදාව බේරාගැනීමේ ජානක පෙරේරාගේ මෙහෙයුමේ මහේෂ් ප්‍රධාන චරිතයක් රඟපෑවේය. ඔහු ජානක පෙරේරා සමඟ හමුදාව බේරාගන්න කරට කර සටනක් දුන්නේය. 2005 මහින්ද ජනාධිපති වී සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්වීමෙන් පසු යුද්ධය දිනන්න පුළුවන් හමුදා නිලධාරීන් හමුදාව තුළින් සෙව්වේය. ෆොන්සේකා කීවේ යුද්ධය දිනන්න අවශ්‍ය හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය නොව හැකියාව කියාය. ෆොන්සේකා එලෙස තෝරාගත් ටීම් එකේ මහේෂ් සේනානායකද සිටියේය. ෆොන්සේකා ඔහුව තෝරාගත්තේ 2000 යාපනයේ කොටු වූ හමුදාව මුදාගැනීමේ මෙහෙයුමේදී මහේෂ්ගේ දක්ෂකම් දැකලාය. මහේෂ්ද ෆොන්සේකා යටතේ සේවය කරන්න කැමැති වූයේ දිනන්න බැහැ කී යුද්ධය ජයගැනීමේ නොනිමි ආශාවෙන් පෙළුණු අතලොස්සක් වූ හමුදා නිලධාරීන් අතර මහේෂ්ද පෙරමුණේ රාළ කෙනකු වූ නිසාය. හැබැයි යුද්ධය දිනන්න ෆොන්සේකාගේ නියෝග අකුරට ඉටුකිරීම කෙදිනක හෝ හමුදාවෙන් පහකරන තරමේ වරදක් වේ යැයි මහේෂ් නොසිතන්නට ඇත. යුද්ධය දිනපු ෆොන්සේකාගේ ජනප්‍රියත්වය මහින්දගේ ආණ්ඩුවට හිසරදයක් වෙද්දී මහින්දගේ ආණ්ඩුව ෆොන්සේකාව හමුදාපති ධුරයෙන් ඉවත් කළේය. මහේෂ්ලා මේ දෙස බලා සිටියේ කලකිරීමෙනි. මහින්දගේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ඉවසාගත නොහී ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කරන විට රාජපක්ෂ ආණ්ඩුවේ කුණු කොන්ත්‍රාත් කරපු හමුදා නිලධාරීන් මහේෂ්ලා දිහා බැලුවේ සැකයෙන්ය. මහින්ද දිනවන්න ෆොන්සේකාට පහර ගහන්න මහින්දගේ ආණ්ඩුව ෆොන්සේකා යටතේ යුද්ධ කළ හමුදා නිලධාරීන්ව සෙව්වේය. ෆොන්සේකාට පහරගහන්න මහින්දගේ වේදිකාවට හෝ රාජ්‍ය මාධ්‍යයන්හි පවත්වන සාකච්ඡාවලට එන ලෙස මහේෂ්ටත් බලපෑම් ආවේය. ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මහින්දට පක්ෂව හමුදා සොල්දාදුවන්ගේ ඡන්ද හරවන ලෙස ඔහුට බලපෑම් ආවේය. ඔහු කොන්ද කෙළින් තියාගෙන එයත් ප්‍රතික්ෂේප කළේය. දේශපාලනය වෙනුවෙන් තම නිලය පාවා නොදුන් තමන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වේ යැයි ඔහු නොසිතන්නට ඇත. 2010 ජනාධිපතිවරණයෙන් ෆොන්සේකා පරාජයවී ඔහුව අත්අඩංගුවට පත්විය. 2010 ජනවාරි 30 මහේෂ් සේනානායකට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් ලිපියක් ලැබිණි. ඔහු ඇතුළු 12 දෙනකුගේ සේවය හමුදාවට අනවශ්‍ය බව එහි සඳහන් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියෝගක් මත තමා මෙය දැනුම්දෙන බව එහි සඳහන් විය. මහේෂ් ඇතුළු අනෙක් නිලධාරීන්ගේ සේවාව, වැටුප, තනතුර, නිවාස, විශ්‍රාම වැටුප යනාදී සියල්ල එක රැයින් අහිමි කරනු ලැබීය. ඔහු තමන්ගේ ජීවිතයේ විඳි ඒ කටුක භයංකර අත්දැකීම 2017.07.22 දින ‘දි අයිලන්ඞ්’ පුවත්පතට හෙළි කළේ මෙසේය.

“මම වගේම සේවය අවසන් කළ අනෙක් නිලධාරීන් ඒ කාලයේ හිටියේ දැඩි බියකින්. මම මගේ පවුලේ අය සමඟ පිටිසර ඈත ගම්මානවල හැංගිලා හිටියා. සමහර දිනවල කැලෑවල සැඟවිලා හිටියා. දේශපාලනඥයන්ගේ කොන්ත්‍රාත් කරන හමුදාවේ අවතාර ඒකක අපි පසුපස ලුහුබැන්දේ පිස්සු බල්ලො වගෙයි. මගේ බිරියත් දියණියත් හිටියේ මර බියෙන්. අපි කොයි තරම් කම්පනයට ලක්ව සිටියද කියනව නම් පසු කලෙක මගේ බිරියටත් දරුවන්ටත් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවුණා. අන්තිමේදී මම තීරණය කළා රට හැර යන්න….”

මේ, ප්‍රභාකරන් එක්ක බය නැතිව යුද්ධ කළ මහේෂ්ලාට මහින්දගේ ආණ්ඩුවට බියෙන් පලායන්න සිදුවූ හැටිය. ඔහු යළි ලංකාවට ආවේ මහින්ද පරාජය වූවාට පසුවය. මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුව ඔහුව හමුදාපති ධුරයට පත් කළේ රාජපක්ෂලාට කඬේ යන මාධ්‍ය මහේෂ්ට එරෙහිව ගතු කියද්දීය. ඔහු මහින්දගේ ආණ්ඩු කාලයේ අපකීර්තියට ලක්වූ හමුදාව ජාත්‍යන්තරය ඉදිරියේ යළිත් අභිමානවත් හමුදාවක් බවට පත් කළේය.

ඔහු හමුදාපති ධුරය දරද්දීම ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් මහින්ද යළි අගමැති විය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිල්ලට දමපු ඒ වෙලාවේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගන්න හොඳ වටපිටාවක් හැදී තිබිණි. විදේශ මාධ්‍ය හමුදාව ඉන්නේ කොතැනදැයි ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කීවෙ අධිකරණ තීන්දුව දෙන තෙක් හමුදාව නිහඬයි කියාය. රාජපක්ෂ සහ රාජපක්ෂලාට කඬේ යන මාධ්‍ය ඔහු හමුදාපති කාලයේ කීවේ හමුදා බුද්ධි අංශවල කොන්ද කැඩුවා කියාය. හැබැයි ගෝඨාභයට බෝම්බ ගැහුවේ කවුදැයි යුද්ධය ඉවර වෙලාවත් ඒ බුද්ධි අංශවලට සොයාගත නොහැකි විය. ඒත් මහේෂ් කොන්ද කැඩුවා කී බුද්ධි අංශ පාවිච්චි කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගත්තේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව බෝම්බකරුවන් සොයා මෙහෙයුම් දියත් කර තිබියදී මහේෂ් ආරක්ෂක මණ්ඩල රැස්වීමේ අසුන්ගෙන සිටියේය. මෛත්‍රිපාල මුලසුනේ විය. මහේෂ්ගේ දුරකතනය නාද විය. පාස්කු බෝම්බකරුවන්ගේ කඳවුරක් අසල තමන් සිටිනා බව හමුදා නිලධාරියා දුරකතනයේ එහා කෙළවරින් කීවේය. “මට වෙඩි සද්දය ඇහෙන්න ඕනා” මහේෂ් කීවේ එපමණකි. මෛත්‍රිපාල මහේෂ් දෙස බැලුවේ, කිව්වේ මොනවද කියා තේරුම්ගත නොහැකිවය.

“මට ජනාධිපති මුලසුනේ තියාගෙන ගහන්න කියන්න බැහැ. මම ඒකට වෙන වචනයක් පාවිච්චි කළා…”

ඔහු පසුව ආරක්ෂක මණ්ඩල සාමාජිකයකුට පැවැසීය. ෆොන්සේකා කොටි යුද්ධය ඉවර කිරීමේ වීරයා බවට පත්වීම මහින්ද නොඉවසුවා මෙන්ම මහේෂ් පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ ත්‍රස්ත කල්ලිය ඉවර කළ වීරයා ලෙස කරළියට ඒම මෛත්‍රි ඉවසුවේද නැත.

මහින්ද ෆොන්සේකාගේ හමුදා සේවය අවසන් කළා සේම මෛත්‍රි මහේෂ්ගේ හමුදා සේවය අවසන් කළේය. මහේෂ් ජනාධිපතිවරණයට එන්නේ තම සේවය දිගු නොකරන්න මෛත්‍රි ගත් තීරණය නිසාය. ඔහු ජනාධිපතිවරණයට එන්නේ ලොව බොහෝ රටවල ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලනයට එරෙහිව තුන්වැනි බලවේග නැඟිටින කාලයකය. ඇතැම් රටවල ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් පරාජය කොට තුන්වැනි බලවේගවල අපේක්ෂකයන් ජයගන්නා කාලයකය. මහේෂ් හමුදා සොල්දාදුවෙක් නොව මිනිස් සොල්දාදුවෙකි. දකුණේ බලපිටියේ රට ආරක්ෂා කරපු පරම්පරාවකින් පැවැත එන ඔහු දුටු විට මතකයට එන්නේ නිගණ්ඨයා වළගම්බා රජු පලායද්දී කී වචනය. “මහා කළු සිංහලයා පලායනවා” යැයි නිගණ්ඨයා කෑමොර දුන්නේය. මහේෂ්ද මහා කළු සිංහලයෙකි. රාජපක්ෂලාගේ දඩ බල්ලන් පන්නන විට පලාගිය මහා කළු සිංහලයෙකි. යළි මවුරටට පැමිණ, මවුරට වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටුකළ ලංකා පුත්‍රයෙකි. හරක් ඉන්නා රටක ඔහු වැනි සිංහයෙක් රජවේදැයි කිව නොහැකිය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රට කඩන් වැටුණේ වසංගතයට නෙමෙයි! ගනින් අපේ කැවුත්ත! (VIDEO)

Next Post

දහස් ගණනකගේ සහභාගීත්වය මැද සඳහිරු සෑය සසුනට පිදෙයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.