• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

November 17, 2021
in Heart
Reading Time: 3 mins read
A A
සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…
Share on WhatsAppShare on Facebook

ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…
නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…

වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්වුණා. ඔහු ඉන්දික ධර්මතිලක. මේ දිනවල විකාශය වෙන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ඔහු ‘අඳුන්ගිර’ සමග ගෙවන ජීවිතය ගැන අප කතාබහ කළා…

ඉන්දික ඔබ මේ දවස්වල දැවැන්ත යුද්ධයක පැටලිලා වගෙයි. අපි කැමැතියි ඒ ගැන මුලින්ම කතා කරන්න?
මේ දවස්වල යුද්ධය විලච්චිය ප්‍රදේශයේ සිදුවෙනවා. මගේ දෙවැනි ටෙලිනාට්‍යයට ‘අඳුන්ගිර’ යුද්ධයේ සාර්ථකත්වය කොයි වගේද කියලා මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයින්ට ‘අඳුන්ගිර’ සමග හිටියොත් දැක බලා ගන්නට පුළුවන්. ‘අඳුන්ගිර’ 70 දශකයේ ඉඳලා දශක තුනක සිදුවුණු ක්‍රියාදාමයක කතාවක් තමයි නිර්මාණය වෙන්නේ.

‘අඳුන්ගිර’ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. කතා කරපු විදියට. ‘අඳුන්ගිර’ ළඟදි තමයි විකාශය වුණේ. ඉතින් මේ ටික කාලයට ලැබුණු ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ.

ඔබ ‘අඳුන්ගිර’ නිර්මාණයෙන් කතා කිරීමට උත්සාහ කරන්නේ මොනවගේ දෙයක්ද?
මම කලින් පැවැසූ පරිදි 1970 ඉඳලා 90 දශකය දක්වා සිදුවුණු විපර්යාසයක් තමයි ‘අඳුන්ගිර’ තුළින් කතා කිරීමට උත්සාහ ගන්නේ. 71 කැරැල්ල, 80 දශකයේ ජූලි කලබල සහ 90 දශකයේ යුද්ධ ආර්ථික භූමිකාවත් එක්ක මොකද වුණේ කියලා. කොලනි ගම්මානයක සිදුවුණු විපර්යාසයක් තමයි කතා කිරීමට උත්සාහ කළේ.

ඔබ ඒ ගන්න උත්සාහය සාර්ථකයි කියලා හිතනවද?
සාර්ථකද, අසාර්ථකද කියලා මට එය තීරණය කරන්න බැහැ. එය ප්‍රේක්‍ෂකයාගේ තීරණය මත තමයි තීරණය වෙන්නේ. දැනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයක් තිබෙන බව පෙනී යනවා.

මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමට අභියෝග රැසකට මුහුණපාන්න ඇති නේද?
මම කරන හැම නිර්මාණයක්ම මට අභියෝගයක් කියලා හිතලා තමයි මම වැඩ කරන්නේ. මම කිසිම දෙයක් සරලව හිතලා නැහැ. අභියෝගයක් ගැනීම තමයි නිර්මාණයක් සාර්ථක වීමට හේතුව. මම කරපු ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයෙන් ලබපු අත්දැකීම් එක්ක ‘අඳුන්ගිර’ කිරීමට තවත් පහසු වුණා.

ඔබ අදහන කලාව ඔබ දකින්නේ මොන විදියටද?
මම කලාව දකින්නේ මිනිසුන්ගේ රසවින්දනය වගේම ඔවුන්ව ප්‍රඥාව කරා ගෙනයන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි මම මෙවැනි ගුණාත්මක නිර්මාණ කිරීමට රුචියක් දක්වන්නේ.

අපි දකින විදියට බහුතරයක් නිර්මාණ එක තැන පල්වෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?
එක එක පුද්ගලයා අනුව රසවින්දනය වෙනස් වෙනවා. යම් නිර්මාණයකට කෙනෙක් කැමැති වෙන්න පුළුවන්. තව කෙනෙක් අකැමැති වෙන්න පුළුවන්. එය සාපේක්‍ෂව බලනවා මිසක් නිර්මාණවලට ලේබල් ගහලා වෙන් කරන්න බැහැ. මම හොඳ රසිකයෙක්. මම විඳින්න කැමැති මොනවද එයට තමයි මම ප්‍රිය කරන්නේ. කලාව විඳින පුද්ගලයා අනුව තමයි එහෙම වෙනස් වෙන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

එදා සිට අද දක්වා නෝටි පුතාලාගේ නයිට් ක්ලබ් සෙල්ලම්!

Next Post

බන්දුල සර්ගෙ අලුත් ආර්ථික විද්‍යාව මුල සිට අගටම කියවමු!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.