ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් දේශපාලන වේදිකාවේ සදහන් කරන ලද කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ෂක තුවා (පෑඩ්) ලබා දෙන බවට කළ ප්‍රකාශයට ප්‍රවීණ ක්‍රීකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාගේ සහායද හිමිව තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ දියණියන් තිදෙනකු සිටින පියකු ලෙස කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දැරිය හැකි සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් මෙම සංවාදය පවත්වා ගත යුතු බවකි.
ඒ සම්බන්ධව සිදුකරන මුලපිරීමකට තම සහාය ලබා දෙන බවද මහානාම සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.










