එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා පත්කරගන්නා ආකාරය පිළිබදව අනාවරණයක් කළේය.
එහිදී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ තමන් ජනපති වූ විගස පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස තෝරාගැනීමට කටයුතු කරන බවකි.
මෙම විශේෂ ප්‍රකාශය සිරස නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට පියවර ගෙන තිබිණ.










