පසුගිය දිනවල ඇද හැළුණු මහා වැස්සෙන් – කාබනික පොහොර සේදී ගිය ගොවීන්ට රසායනික පොහොර ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ සදහා තවමත් රට තුළ ඉතිරිව පවතින රසායනික පොහොර තොග භාවිතා කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
පසුගිය දිනවල ඇදහැළුණු මහා වර්ෂාවෙන්, නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල එළවළු සහ පළතුරු ගොවියන් ඔවුන්ගේ ගොවිබිම්වලට භාවිතා කළ කාබනික පොහොර සේදීගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී ඇත.
කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අළුත්ගමගේ මහතාද මේ තත්ත්වය පිළිගෙන තිබෙන බව සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
”හදිසි පියවර නොගතහොත්, එළවළු මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකියි;” කෘෂිකර්ම අමාත්‍යවරයා එසේ පවසා තිබේ.
පොහොර ආනයනය කරන සමාගම් සතුව ඇති රසායනික පොහොර සහ කෘෂි රසායන තොග පිළිබදව වාර්තාවක් සකස් කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.










