• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දෙසැම්බරයේ මහා විනාශයක්! කොරෝනා අනාවැකිය මුලින්ම ලෝකයට කී අභිග්‍යා දරුවාගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක්!

November 14, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
දෙසැම්බරයේ මහා විනාශයක්! කොරෝනා අනාවැකිය මුලින්ම ලෝකයට කී අභිග්‍යා දරුවාගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක්!
Share on WhatsAppShare on Facebook

‘මේක ඇත්තටම ලෝක යුද්ධයක් වගේ එකක්. යුද්ධයකදී මිනිස්සු ආයුධ භාවිත කරනවා සටන් කරන්න. ඒත් මේ යුද්ධයේදී ආයුධ නැහැ. මේ භයානක යුද්ධය ඇති වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ වෛරසයක් අතරයි. මේක ආයුධ භාවිත කරන යුද්ධයකට වඩා ඉතාමත් භයානකයි. 2019 වසරේ නොවැම්බර් මාසයේ ඉකුත් 2020 මැයි මාසය වෙනකම් මේ මාරක යුද්ධය ඇති වන්නට පුළුවන්. මේ කාලයේ ඉතාමත්ම දුර්ලභ ග්‍රහ බැඳීමක් සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවෙනවා. ග්‍රහ මණ්ඩලයේ ප්‍රබලතම ග්‍රහයන් තිදෙනා තමයි අඟහරු, සෙනසුරු සහ බ්‍රහස්පති. මේ බලගතු ග්‍රහයන් තිදෙනාම එකට බැඳීමක් මේ කාලය තුළදී සිදුවෙනවා. මෙම සිදුවීම මනුෂ්‍ය වර්ගයාට ඉතාමත්ම භයානක ප්‍රතිඵල ගෙනදෙන එකක්. එමෙන්ම එය මාරක අනතුරු ඇති කරනවා. මේ නිසා ඇති වන භයානක වෛරසයක් සමග මිනිසාට යුද්ධ කරන්නට වෙනවා.’

කුමක්ද මේ භයානක අනාවැකිය?

කවුද මේක මෙහෙම කිව්වේ?

එහෙම කියපු මාරක යුද්ධයට අද අපි මැදිවෙලා ඉවරයි. මේ තිගැස්සෙන බියකරු කතාව කිව්වේ ඉන්දියාවේ කුඩා පිරිමි දරුවෙක්. අද ලොව විනාශයට පත්කරන මාරක ‘කොරෝනා’ වසංගතය ගැන අල්ප මාත්‍රයකවත් සඳහනක් නැති කාලයකදී තමයි මේ කතාව ඔහු පැවැසුවේ. එනම් මෙයට හරියටම අවුරුදු 02යි මාස 03කට පෙරදී. එනම් 2019 වසරේ අගෝස්තු 22දා. තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් ලෝකයේ කොරෝනා වසංගතය ඇරැඹීමට මාස 03කට පමණ පෙරදී, එනම් ප්‍රථම කොරෝනා රෝගියා සොයා ගත්තේ 2019 නොවැම්බර් 17 වැනිදා චීනයේ, වූහාන් ප්‍රදේශයෙනුයි. ඉන්පසු චීනයෙන් දිගින්, දිගටම ඒ හා සමාන රෝගීන් වාර්තා වීම සිදුවිණි. එතැනින් නිම නොවුණු එම සිදුවීම් ලෝකය පුරාම පැතිර යන්නට විය. එය මෙම මාරක යුද්ධයේ ආරම්භයයි.

මෙලෙස ලොවට සිදුවනු ලබන මෙම මහා ව්‍යසනය ගැන නිවැරැදි, සත්‍ය අනාවැකියක් පැවැසූ පිරිමි දරුවා ‘අබිග්යා ආනන්ද්’ නැමැති ඉන්දියානු ජාතිකයෙකි. ඔහු එකල මෙම සුවිශේෂී අනාවැකිය ප්‍රකාශ කරන විටදී ඔහු 13 වැනි වියෙහි පසුවිය. දැන් ඔහු 15 වැනි වියෙහි පසුවන අතර, තවද මෙලෙස විශ්මිත අනාවැකි ප්‍රකාශ කිරීමෙහි නිරතව සිටින්නෙහිය. අබිග්යා ආනන්ද් නැමැති මෙම දරුවා කියූ එම කතාව අද අප ඉදිරියේ සක්සුදක් සේ සිදුව තිබීම කෙතරම්ම ආශ්චර්යයක්ද? මෙම පිරිමි දරුවා අද ලොව වටා මහත් දැඩි කතාබහට ලක්වී ඇති දරුවකු වන අතර, ඔහුගේ ‘කොන්සයන්ස්’ නැමැති ‘යූ-ටියුබ්’ චැනලය ඔස්සේ මෙම අනාවැකි ප්‍රකාශ කරයි. මෙයට වසර 02කට පෙර එසේ ප්‍රකාශ කළ අනාවැකිය ගැන ඔහු තවදුරටත් එදා මෙසේ අවධාරණය කළේය.

‘මේක අතිශය බියකරු මාස 06ක තීරණාත්මක කාලයක්. අඟහරු, සෙනසුරු සහ බ්‍රහස්පති එකට බන්ධනය වීම නිසා සිදුවන මෙම මහා ව්‍යසනයෙන් මිනිස් ජීවිත රාශියක්ම විනාශයට පත්වෙනවා. මෙම ග්‍රහයන් තිදෙනාගේ කූඨාප්‍රාප්තිය සිදුවන්නේ 2020 මාර්තු 30 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා කාලය තුළයි. එහෙත් ඊට පෙර ගතවන මාස 03ක පමණ කාලය අතිශයින්ම භයානකයි. කෙසේ හෝ මෙම මාරක වසංගතයේ ශක්තිය සහ බලපැවැත්වීම 2020 මැයි 29දා වන විට ක්‍ෂය වී යන තත්ත්වයකට පත්වෙනවා. එහෙත් තවත් ඉදිරි මාස ගණනාවක් යනතුරුත් ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වන්නේ නැහැ.’

අද මුළු ලොවම දැඩි භීතියෙන්, ශෝකයටත්, පත්කර තිබෙන මාරක ‘කොවිඩ්-19’ වසංගතය මෙලොවට බිහිවී 2021 නොවැම්බර් 17 වැනිදාට වසර 02ක් සපිරෙයි. එම ගණන් හැදීම සිදු වන්නේ ප්‍රථම කොරෝනා රෝගියා සොයාගත් දිනයේ සිටය. මෙම මාරයාගේ උපන් දිනය ගැන ලොව බොහෝ දෙනෙකුට කරුණු අවබෝධ නැත. ඒ නිසා තවත් දින 03කින් යෙදෙන එම උපන් දිනය ගැනද අප ‘මව්රට’ පාඨකයන්ටද සිහිපත් කර සිටිමු. මෙවැනි සුවිශේෂී වටාපිටාවක් තිබියදී මෙයට දින කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණු තවත් අපූරු වගතුගක් ගැන දැන් අප අවධානය යොමු කරමු.

මෙම කතාන්දරය ලොවට ගලා එන්නේ, ඉහත දැනට 15 වැනි වියෙහි පසුවන අබිග්යා ආනන්ද් දරුවාගෙනි. එය ඔහු විසින් ප්‍රකාශ කරන ලද අලුත්ම අනාවැකියකි. එනම් දැනට ලොව පුරා යම් ආකාරයකින් සමනය වී තිබෙන ‘කොවිඩ්-19’ වසංගතය තවත් මාසයක පමණ කාලයකින් ඉතාමත් උච්ච ස්ථානයකට පැමිණෙන බැව්ය. මෙය සමහර විට කොරෝනා වසංගතයට සමාන වෙනත් වසංගතයක මුහුණුවරින් පැමිණිය හැකි බැව්ද අබිග්යා ආනන්ද් ප්‍රකාශ කර සිටියි.

තමන්ගේ ‘කොන්සයන්ස්’ නැමැති ‘යූ-ටියුබ්’ රූපවාහිනී නාලිකාව මගින් ඔහු එම තත්ත්වය විස්තර කර ඇත්තේ මෙසේය.

  • 2021 ජුනි සිට 2021 නොවැම්බර් දක්වා,
    ලොව වටා සිටින රටවල් රාශියක්ම තම රටවල් තුළ ‘කොවිඩ්-19’ තෙවැනි හෝ සිව්වැනි රැල්ලට මුහුණ දුන් අතර, එය පෙර රැල්ලක් සේ බියකරු නොවීය. මෙම තත්ත්වය නොවැම්බර් මස අග පමණ දක්වා සාවධානව පැවැතුනද, එය 2021 දෙසැම්බර් මාසයේ සිට වෙනත් මගකට ගමන් කරනු ඇත.
  • 2021 දෙසැම්බර් 21 සිට 2022 මාර්තු දක්වා,
    ලොව වටා රටවල් රැසක ශීත ඍතුවත් සමග ‘කොවිඩ්-19’ වසංගතය ඉතා උච්ච තත්ත්වයකට පැමිණෙයි. මෙසේ වන්නේ මෙම කාලය තුළදී සෙනසුරු සහ අඟහරු ග්‍රහයන්ගේ ඉතා ප්‍රබල බද්ධ වීමක් හේතු කරගෙනය. මෙහිදී සමහර විට කොරෝනා වසංගතයටම සමාන වෙනත් මාරක වසංගතයක් හෝ උද්ගත විය හැකිය. මෙම තත්ත්වය මාස කිහිපයක් පුරා ගතවනු ඇත.
  • 2022 අප්‍රේල් සිට 2022 මැයි දක්වා,
    ශීත ඍතුව හා ඇරැඹි එම වසංගත රැල්ල අප්‍රේල් – මැයි දක්වා උච්චව පවතියි. සෙනසුරු සහ අඟහරු ග්‍රහ බද්ධය යම් අයුරකින් බලහීන වන්නේ ඉන් පසුවය. ඉහත කාලයේදී ලෝකයේ රටවල්වල ආර්ථික තත්ත්වය යම් සාර්ථක තත්ත්වයකට පත්ව තිබුණද, නැවැත වසංගතයේ උච්චස්ථානය නිසා එම තත්ත්වයද කඩාවැටීමකට ලක්වෙයි. මෙම වසංගත අධි අවදානම් තත්ත්වය 2022 දෙවැනි භාගයේදී යම් හීනතාවයකටද පත්වෙයි.
  • දැන් ඔබට මේ තත්ත්වය පැහැදිලි වනු ඇතැයි සිතමි.

එනම් තවත් මාස එකහමාරකින් ලෝකයට සිදුවන්නට යන්නේ කුමක්ද? තවත් මහා විනාශයකට මනුෂ්‍ය වර්ගයා පත්වන්නේද,

එනම් දෙසැම්බර් මස අග වන විටදී නැවැත මහත් ව්‍යවසනයක් ආරම්භ වන බැව් මෙම අනාවැකියෙන් ප්‍රකාශ කර තිබෙයි. පසුගිය කොරෝනා වසංගත වසර 02ක සමය තුළදී අබිග්යා ආනන්ද් පිරිමි දරුවා විසින් විවිධ අනාවැකි රැසක්ම ප්‍රකාශ කර තිබුණද ඒ සෑම එකක්ම සත්‍යය බවට පරිවර්තනය වූයේ නැත. එහෙත් ඔහු 2019 වසරේ අගෝස්තු 22දා ප්‍රකාශ කළ මාරක වෛරස වසංගතයක ආරම්භය ගැනවූ අනාවැකිය ලෝකය උඩුයටිකුරු කළේය. එය දැනටත් ඔහුගේ රූපවාහිනී නාලිකාවේ පසුවිපරම් කිරීමේදී ඉතා පැහැදිලිවම පෙනෙයි. ඒ වන විට ලෝකයේ කිසිදු නක්‍ෂත්‍රකරුවකු හෝ ජ්‍යොතිෂකරුවකු මෙවැනි අනාවැකියක් ප්‍රකාශ කර නොතිබිණි. අප රටේද රූපවාහිනී නාලිකාවල ‘හද්දා පට්ටපල් කෙබර’ දෙසාබාන අමනෝඥ ජ්‍යොතිෂකාරයෝ කොපමණ සිටියේද? නොයෙකුත් ආකාරයෙන් විසිතුරු සාටක, රෙදිපිළි පැළඳ මෙසේ මුසාබස් දෙසාබාන්නෙ, රූපවාහිනී දර්ශනයෙන් පසුව අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කන පල්හොරුන්ය.

මෙවැනි වටාපිටාවක් තිබියදී අද ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ වෙසෙන හින්දු ආගමික දරුවකු මෙවැනි පුදුමාකාර අනාවැකි ප්‍රකාශ කර තිබීම සැබෑ ලෙසම ආශ්චර්යයකි. එකල ඔහු ප්‍රකාශ කළ මෙම අනාවැකියේ දසුන් ලොව ජනතාව ලක්‍ෂ 20කට අධික ජනතාවක් නරඹා තිබිණි. ඉන්පසුව එම අනාවැකිය සත්‍ය වීමෙන් පසුව තවත් මිලියන ගණනාවක ජනතාවක් ඔහුගේ රූපවාහිනී නාලිකාවේ ප්‍රේක්‍ෂකයන් බවට පත්විය. ඒ අතර ඔහුගේ පසුගියදා ප්‍රකාශ කළ අලුත්ම අනාවැකිය ගැන තොරතුරුද මේ වන විට විශාල ජනතාවක් විසින් නරඹා සහ කියවා අවධානයට ගෙන ඇත. එහෙත් සමහර පාර්ශ්ව මෙවර ඔහුගේ අනාවැකිය ගැන විවිධ මත පළ කරති. එවැනි මාරක වසංගතයක නැවැත ආරම්භයක් ගැන සමහරු පිළිගත්තද, සමහරු එම මතය බැහැර කරති.

අබිග්යා ආනන්ද්ට මෙම ජ්‍යොතිෂය ශාස්ත්‍රය සහ ග්‍රහ තාරකා ශාස්ත්‍රය ගැන දැනුම ලැබී ඇත්තේ පෙර ජන්ම බලයකින් යැයි පැවසෙයි. එසේ නැතිනම් ඔහු මෙම ශාස්ත්‍රයන් පොතපතින් ඉගෙනගෙන නැත. ඒ වුවද ඔහු දැනට ඉපැරැණි හින්දු ග්‍රන්ථ ආදියද පරිශීලනය කරමින් සිටියි. මේ වන විට ඔහු ඉපැරැණි හින්දු ‘වේද ශාස්ත්‍ර’ ගැන ඉතා ඉහළ දැනුමක් ලබා සිටියි. දැනුම යන තේරුම සඳහා සංස්කෘති භාෂාවේ භාවිත වන්නේ ‘වේද’ යන වචනයයි. ඍග් වේදය, යජුර් වේදය සහ සාම වේදය ලෙස මෙම විෂය කොටස් තුනකින් අධ්‍යයනය කරනු ලබයි. මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ ලෙසද සැලකෙයි. මේ අතර අබිග්යා ආනන්ද් දරුවා හින්දු ආගමෙහි ඇති ඉතා ඉපැරැණි පූජනීය ග්‍රන්ථයක් වන, ‘භගවත් ගීතාව’ මහා කාව්‍යයේ ප්‍රවීණයකු ලෙසද සැලකෙයි. කාව්‍ය 700කින් සමන්විත ‘භගවත් ගීතාව’ ඔහු විසින් මුළුමනින්ම කටපාඩමින් ගායනා කරන බැව් පැවසෙයි. ඔහු මෙම ප්‍රවීණත්වය ලබා ඇත්තේ ඔහුට වයස අවුරුදු 10-12 පමණ කාලයේදීය. මෙය අතිශය පුදුම ආශ්චර්යයකි.

අබිග්යා ආනන්ද් ඉතා දක්‍ෂ ලෙස ඉංග්‍රීසි භාෂාව නිපුනත්වය ඇති දරුවකුද වෙයි. ඒ හෙයින් ඔහු තම අනාවැකි ඉංග්‍රීසි බසින්ද ලොව පුරා ප්‍රකාශයට පත්කරයි. එසේම ඔහුට දැඩි ආධ්‍යාත්මික බලයක්ද ඇත. ඔහු කොරෝනා වසංගතය හඳුන්වා දුන්නේ ආයුධ රහිත ගෝලීය යුද්ධයක් ලෙසිනි. අඟහරු, සෙනසුරු හා බ්‍රහස්පති එකට බද්ධ වීම සහ ජලකාරක චන්ද්‍රයාගේ දැඩි බලපෑමද හේතුවෙන් ශ්වසන රෝග ඇති වන බවටද ඔහු එකල කරුණු ප්‍රකාශ කර සිටියේය. ලෝකයේ විසූ අතිශය සුප්‍රකට අනාවැකිකරුවන් දෙදෙනෙකු වූ, 14 වැනි ශතවර්ෂයේ විසූ (ක්‍රි.ව. 1503-1566) ප්‍රංශ අනාවැකිකරුවකු වන මයිකල් නොස්ට්‍රාඩමස් සහ 20 වැනි ශතවර්ෂයේ විසූ බල්ගේරියානු ජාතික අනාවැකිකාරියක වූ බාබා වන්ගා (ක්‍රි.ව. 1911-1996) නමැති අන්ධ කාන්තාවද ලොවට විවිධ අනාවැකි ඉදිරිපත් කරන ලද අතර, ඔවුන්ට කිසිදු දිනෙක 2020 වසරේදී මෙලෙස සිදුවන මාරක කොරෝනා වසංගතය ගැන අනාවැකි කීමට හැකිවී නොමැත.

කෙසේ හෝ පසුගියදා අබිග්යා ආනන්ද් විසින් ප්‍රකාශ කළ අලුත්ම අනාවැකිය ගැන එතරම් දීර්ඝ තොරතුරක් දක්නට නැත. එහෙත් 2021 දෙසැම්බර් මස අග භාගයේදී සිට 2022 මැද භාගය දක්වා කාලය තුළ ප්‍රබල ලෙස මාරක වසංගතයක් හිස ඔසවන බැව් ප්‍රකාශ කර ඇත. මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇති විශේෂ කරුණක් වන්නේ, ඉදිරියේදී ලොව පුරා කොවිඩ් එන්නත්කරණය ඉතාමත් හීන තත්ත්වයකට නොහොත් පසුබෑමකට ලක්වන බැව්ය. කෙසේ හෝ ඉදිරියේදී මාස එකහමාරකින් උද්ගත වන වසංගතය මඟහරවා ගැනීමට නම් ලොව ජනතාව දැන් සිටම සම්පූර්ණයෙන්ම සත්ව මස්, මාංශවලින් වැලකී සිටිය යුතු අතර, සත්ව ඝාතනයද මුළුමනින්ම නවතා දැමිය යුතු බැව් ඔහු ප්‍රකාශ කර සිටියි. එසේ සිදු කරමින් ආගමානුකූල ජීවිතයක් ගතකළහොත් මෙම වසංගතයෙන් ගැලවිය හැකි බැව් ඔහු ප්‍රකාශ කර සිටියි. අබිග්යා ආනන්ද් සියලු ආගම්වලට එක හා සමානව සලකයි. ඒ නිසා ඔහු නිතර අවධාරණය කර සිටින්නේ, හින්දු භක්තිකයන් විසින් භගවත් ගීතාවද, ඉස්ලාමික භක්තිකයන් විසින් කුරානයද, ක්‍රිස්තියානි භක්තිකයන් බයිබලයද ඇදහිය යුතු බවයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ස’ වෙනස! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

කාබනික හේදෙයි! රසායනික බෙදන්න ලෑස්තියි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.