ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitelඑැක ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21දා මුල්ගල තැබීය.
නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත.
මෙම ගොඩනැගිල්ල නිමකිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලු මොබිටෙල් මෙහෙයුම් කාර්යාල එකම වහලක් යටතට ගෙන එනු ලබන අතර එමගින් සැලකිය යුතු මූල්‍යමය ප්‍රතිලාභ හිමිවනු ඇත. තවද, ගොඩනැගිල්ලේ එක් මහලක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම තාක්ෂණික නවෝත්පාදන උදෙසා වෙන්කරනු ලබයි.
මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නෑන්ඩස්, SLT ප්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකර සහ Mobitel ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.
නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී තිරසාරත්වයට මෙන්ම නවීන ‘සුහුරු’ (Smart) විශේෂාංග සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර, එය ඉදිකිරීමේදී බලශක්තිය පිරිමසන ආලෝකකරණ පද්ධති, බලශක්ති ජනන පද්ධති, කාර්යක්ෂම වායුසමීකරණ පද්ධති, වැසි ජලය රඳවාගැනීමේ පද්ධති, අපවහන ජලය පවිත්‍ර කිරීමේ පද්ධති සහ බලශක්තිය පිරිමසන වීදුරු හා විදුලි උපාංග වැනි බොහෝ දේ භාවිත වනු ඇත.











