• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාදෙණිය ඇයි ‌මේ..

November 4, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
පාදෙණිය ඇයි ‌මේ..
Share on WhatsAppShare on Facebook

අනුරුද්ධ පාදෙණිය

මේ නම හැමෝම දන්න නමක්. ඒ පසුගිය අවුරුදු හතරාමාරක් පුරා තිබ්බ වෛද්‍ය වැඩවර්ජන නිසා මේ නම හැම තිස්සෙම මාධ්‍යවල කියැවුණා. මෙතුමගෙ මුහුණ හැම තිස්සෙම මාධ්‍යවලින් දැකගන්න ලැබුණා. දොස්තරවරුන්ට තිබ්බ ප්‍රශ්නයි, වාහන පර්මිට් ගැන ප්‍රශ්නයි, බාල බෙහෙත් ගැන ප්‍රශ්නයි ආදී මෙකී නොකී හැම කාරණයක් නිසාම පසුගිය අවුරුදු හතරහමාරේ වෛද්‍ය වැඩවර්ජන විශාල ප්‍රමාණයක් සිදුකෙරුණා. ජනතාව නම් ඒ හැමතිස්සෙම ආණ්ඩුවට බැන්නත් මේ වෛද්‍ය වැඩවර්ජනවලට මුහුණ දෙන්න ආණ්ඩුවටත් පුළුවන්කමක් තිබුණෙ නැහැ. ආණ්ඩුව හැම තිස්සෙම කිව්වේ මේ වෛද්‍යවරුන්ට සියලු පහසුකම් දීල තියෙද්දිත් ජනතාව අපහසුතාවට පත්කරමින් මේ වැඩවර්ජන කරන්නෙ විපක්ෂයේ උවමනා එපාකම් ඉෂ්ට කරන්න කියලයි. කොටින්ම කියනවා නම් පොහොට්ටුවේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න කියලයි. මේක තවදුරටත් ඔප්පු වුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුව අස්සන් කරන්න යන ගිවිසුම්වලට පවා විරෝධය පළකරන්න කටයුතු කිරීම නිසයි. වෙනතක් තියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දියත් කළ ‘සුවසැරිය’ ගිලන් රථ සේවයටත් දැඩි විරෝධයක් පළ කළා. ඒ අය කිව්වේ සුවසැරිය දෙන්නෙ ඉන්දීය කම්කරුවන් කියලයි. ඒකේ තියෙන බඩුවලින් කරන්ට් වැදිලා රෝගීන් මැරෙන්න පුළුවන් කියා ඒවයේ යන්න එපා කියලත් මේ පාදෙණියලා ඒ දවස්වල ප්‍රවෘත්ති සාකච්ඡා තියල කිව්වා. එහෙම එන ලෙඞ්ඩුන්ගේ වගකීම බාරගන්න බෑ කියලත් ඒ අය කිව්වා. හැබැයි අද මුළු රටම ආදරය කරන විශේෂ සේවාවක් බවට මේ සුවසැරිය ගිලන් රථ සේවය පත්වෙලා තියෙනවා.

පාදෙණිය ‌ගෝඨාභයගේ ‌වේදිකාවේ

කොහොම වුණත් මේ දොස්තර පාදෙණිය යළිත් කරළියට එන්නෙ පසුගිය ඉරිදා කොළඹ නෙලුම් පොකුණේ තිබ්බ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදීයි. එතැන ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ප්‍රධාන පීඨිකාවේ දොස්තර පාදෙණියත් ප්‍රධාන චරිතයක් රඟදැක්වූවා. මේ නිසාම දොස්තර පාදෙණියට චෝදනාවක් ආවා. පැෆරල් සංවිධානයෙන් රජයේ නිලධාරියෙක් විදියට දොස්තර පාදෙණිය ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනකට සහභාගි වෙලා නීති විරෝධී කටයුත්තක් කරලා තියෙනවා කියලයි ඔවුන් ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලකුත් කළා.

පාදෙණිය එජාපෙ රැස්වීමේ

පැෆරල් සංවිධානය නිකුත් කළ නිවේදනයේ කිව්වේ මෙහෙම කතාවක්.
ගරු සභාපතිතුමනි,
මාණ්ඩලික නිලධාරියෙක් දේශපාලනය සඳහා යෙදවීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උළෙලට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සම්බන්ධ වූ බව ඊයේ (25-10-2019) ප්‍රවෘත්ති විකාශනය තුළින් නිරීක්ෂණය වූ අතර ඔහු වේදිකාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි බවද නිරීක්ෂණය විය.
වෘත්තීයවේදියකු ලෙස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියකට තමාගේ, තම සංගමයේ යෝජනා ඉදිරිපත් කිරීම වරදක් නොවුවද මැතිවරණ කාලසීමාවක තරග වදින දේශපාලන පක්ෂයක වැදගත්ම අවස්ථාව වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම වැනි දේශපාලන වැඩසටහනක වේදිකාගත වීම සැබැවින්ම දේශපාලනයට ඍජු ලෙස දායක වීමකි. විශේෂයෙන්ම තැපැල් ඡන්ද භාවිතය නුදුරු දිනෙක පැවැත්වෙද්දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයකු දේශපාලන වේදිකාවට ගොඩවීම සාමාජිකත්වයට වක්‍ර බලපෑමක් විය හැකිය. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරියකු මාණ්ඩලික නිලධාරීන් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන්ව ඇත.
මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික සේවාවලට අදාළ රජයේ වෘත්තීය සමිති නායකයන් මේ ආකාරයට දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඉඩ ලදහොත් අනෙකුත් මාණ්ඩලික නිලධාරි සංගම්ද දේශපාලන ක්‍රියාවලියට අවතීර්ණ වීමට ඉඩ ඇත. එය ලංකාවේ නිදහස් මැතිවරණවලට බරපතළ අභියෝගයක් එල්ලවිය හැක. දැනටමත් මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ සමහර වෘත්තීය සමිති බරපතළ ලෙස දේශපාලනීකරණය වී ඇති තත්ත්වයක් තුළ මාණ්ඩලික නිලධාරීන්ගේ වෘත්තීය සමිති පක්ෂ දේශපාලන ක්‍රියාවල යෙදීම ආරම්භයේදී වැළැක්වීමට ක්‍රියා නොකළහොත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වනු ඇත.
එබැවින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අපට දැක්වූයේ මෙවන් අදහසක්.
“අපේ අදහස වෘත්තීය සමිතියක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනයකට දායක වීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක දේශපාලන ක්‍රියාවලියක් වෙන්න බැහැ. එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන වේදිකාවෙ ඉදිරි පෙළ වාඩිවී සිටියෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයේ සභාපතියි. රජයේ රෝහලක නිලධාරීන්ට දේශපාලනය කරන්න බැහැ. මේ වෛද්‍ය සංගමයේ සභාපති මෙහෙම දේශපාලන වේදිකාවෙ ඉන්නකොට අනෙක් වෘත්තීය සමිතිවල විධායක ශ්‍රේණිවල නිලධාරීනුත් ඒක අනුගමනය කළොත් මැතිවරණ කරන්නෙ කොහොමද? මේවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු. මේ වගේ දේවල් අනාගතයේ සිදුවීම වළක්වාගන්න ඕනෑ. ඒකයි අපි කළ යුත්තේ. අපි පෞද්ගලිකව වෛද්‍ය පාදෙණිය සමඟ අමනාපයක් නැහැ.”
පැෆ්රල් සංවිධානය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට විරුද්ධව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පාදෙණිය මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබුණේ පසුගිය අඟහරුවාදා සවසය. අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය මහතා එදිනම ඊට අදාළ පියවර ගෙන තිබුණා.
ඒ සම්බන්ධයෙන් ‘මව්රට’ට අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය මහතා සඳහන් කළේ ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (විමර්ශන) සුදත් රත්නවීර මහතා යටතේ පරීක්ෂණ කණ්ඩායමක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් එහි සිටින නිලධාරීන්ගෙන්ද උපදෙස් ලබාගෙන, ඒවා සටහන් තබා ඇති බවයි. මෙදිනම විශේෂ විමර්ශන අංශය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු සොයා ගිය නමුදු පසුගිය බදාදා වන තුරු ඔහු සොයාගැනීමට නොහැකි වුණා. පසුගිය බදාදා උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමට යළි උපදෙස් ලැබී තිබුණේ පාදෙණිය මහතා පිටස්තර ප්‍රදේශයකට ගොස් ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සොයා මෙසේ මෙහෙයුමක් සිදුවෙමින් තිබියදී ‘මව්රට’ අප පසුගිය බදාදා සවස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. එහිදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
“මේ දිනවල මම ඉන්නෙ අනුරාධපුරය පැත්තෙ. ඔය සිද්ධිය ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන නිසා අපේ නීතිඥ මණ්ඩලයෙන් උපදෙස් අරන් තමයි යමක් කිවහැක්කෙ. ඒත් මම මේ දවස්වල ප්‍රකාශ දීමෙන් ඈත්වෙලයි ඉන්නේ.”
ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් සොයිසා මහතා පසුගිය බදාදා සවස කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවයි ඔහු පැවැසුවේ.
නවීන්ද සොයිසා මහතා අපට කීවේ මෙවැන්නක්.
“2019 මේ එන ජනාධිපතිවරණය තීරණාත්මක ජනාධිපතිවරණයක්. මෙතැනදි පත්වන ජනාධිපති ප්‍රතිපත්ති රාමුවකට ගන්න තියෙන අවසාන අවස්ථාවද මෙයයි. අපි යෝජනා 20ක් ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කර තියෙනවා. අපි ඒ යෝජනා ඉදිරිපත් කළා පමණයි. කිසිම අපේක්ෂකයකු දිනවන්න කියල කියල නැහැ. එදා අපට ගෝඨාභය ආරාධනා කළා. අපි ගියා. ඒ වගේම අපි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයත් හමුවෙන්න යනවා. හැම පක්ෂයකම අපෙත් වෛද්‍යවරු ඉන්නවා. ඒ අය දේශපාලනය කරන්නෙ නැහැ. සමහර රාජ්‍ය නොවන සංවිධාන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිතයි. ඒ අය මුදල් සොයන ප්‍රතිපත්ති මතයි කටයුතු කරන්නේ.
කිව්වා වගේම පාදෙණිය මහත්තයා ගෝඨාභයගේ වේදිකාවට විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන උත්සවයටත් ගියා. හැබැයි එතැනදි නම් එතුමා වේදිකාවට නඟින්නෙ නැතිව පහළ මන්ත්‍රිවරුන් එක්ක වාඩිවෙලා තනියම ඉන්න බවක් තමයි පෙනුණේ. එතැනදි බොහෝදෙනෙක් කිව්ව කාරණාවක් වුණේ ආරාධනාවක් නැතිවම බලෙන් වගේ වෙච්ච වැරැද්ද වහගන්න පාදෙණිය මහත්තයා එතැනට ගියා කියලයි.
ඒ කොහොම වුණත් මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා හරි අපූරු කතාවක් මාධ්‍යයට කියලා තිබුණා. ඒ පාදෙණිය මහත්තයා වැරැද්දක් වහගන්න ගිහිල්ලා වැරැදි දෙයක් කරලා තියෙනවා කියලයි. මේ ගැන මහින්ද දේශප්‍රිය මහත්තයා කිව්වේ මෙන්න මෙහෙමයි.
“අද ගියත් ඒක වැරැදියි. දේශපාලන රැස්වීම්වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ.”
“පොලිසියට මේ ගැන ලැබුණු පැමිණිල්ලක් මත ඒගොල්ලොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දක්වන්නේ මෙවන් අදහසක්.
“මෙයාට තහනම් දේවල් තමයි ජීවිත කාලය තුළම කළේ. එයා වෘත්තීය සමිති දාපු පනතට පටහැනි දේවල්, කිරිපිටි ගැන කතාකරන්න මෙයාට අයිතියක් නැහැ. බෙහෙත් බාලයි කියන්න අයිතියක් නැහැ. ඒවට අදාළ නිලධාරීන් ඉන්නවා. අමාත්‍ය රාජිතගෙ ප්‍රජා අයිතිය අයින් කරන්න කියල එයාට කියන්න තියෙන අයිතිය මොකක්ද? මෙයා මෑතදි ඔප්පු කරල තියෙනවා එයා කටයුතු කරන්නෙ දේශපාලන න්‍යායපත්‍රයකට කියල. වසර ගණනක් කටයුතු කරල තියෙන්නේ ඒ දේශපාලන න්‍යායපත්‍රය අනුවයි. දිගින් දිගටම රෝහල් වැඩවර්ජන කරල අහිංසක රෝගීන් අපහසුතාවට පත් කළා. රෝහල් වර්ජන පසුපස තිබුණු දේශපාලන රැල්ල ගැන දැන් හොඳට පැහැදිලි වෙනවා.”

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

දැනගන්න: ‌දෙවැනි මනාපය තීරණාත්මකයි

Next Post

ගෝඨාභය ‌සොයා මව්රට ‌මැදමුලනට ගිය ගමන

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.