• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ගමේ ආණ්ඩුව පෙරළන්න ඇතුළෙන්ම කැරැල්ලක්! බැසිල්ට ආ ඔත්තුව! දුමින්ද අමෙරිකාවෙන් මතුවෙයි! ඩයස්පෝරාවෙන් දෙමළ සන්ධානයට කෝල් එකක්! අනුරට ලක්ෂ 80ක්! (රාජ්‍ය රහස්)

October 24, 2021
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ජනපති මහ රෑ තනිවම ගමනේ!

දෙක රත්වත්තේ-තුන සරත් වීරසේකර!

නිමල්ගේ පිටින් ගියේ විමල්ගේ තරහද!

දෙමළ සන්ධානය ජිනීවාවලට!

ගල උඩ සටනක්

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ මතුව ඇති මානව හිමිකම් සටන මේ වන විට ඇත්තේ ගල උඩ සටනක් බවට පත්වය. කාලයක් පුරා ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ආ මෙම ප්‍රශ්නය දැන් කූඨප්‍රාප්තියක් කරා ළඟා වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් එහි එක් පැතිකඩක් රටට හෙළිදරව් කිරීමට කටයුතු කළ අතර එහිදී අප කියා සිටියේ ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් පිළිබඳ සොයාබැලීම සඳහා එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් විවෘත කරනු ලැබූ කාර්යාලය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් මුදල් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවකි.ඒ අනුව මේ වන විට එම කාර්යාලය සඳහා මානව හිමිකම් විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් බඳවාගැනීමේ කටයුතු ආරම්භ කොට ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

බයිඩන් ජිනීවාවලට ඇතුල් වෙයි!

මේ සඳහා බලපෑ තවත් විශේෂ හේතුවක්ද තිබේ. ඒ, ඉකුත් මහ මැතිවරණයේදී ඇමෙරිකාවේ සිදුවූ ආණ්ඩු පෙරළියයි. මන්ද යත් ඉකුත් කාලයේදී ලංකාවට එරෙහි මානව හිමිකම් ප්‍රශ්නයේදී ලංකාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ සිරවූයේ ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් ගත් නායකත්වය සමගිනි. විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ඇමෙරිකාවේ බලය සතු කරගෙන සිටියදී මෙම බලපෑම දැඩිව එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ඉකුත් කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය බලයට පැමිණ ජිනීවා මානව හිමිකම් කොමිසම සමග ගැටුම් ඇති කරගැනීමත්, ඒ හේතුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වීමත් මත ලංකාවට එරෙහි මානව හිමිකම් සටන දුර්වල වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ලංකාව පසුපස පන්න පන්නා පහර දෙන ආකාරයක් දැකගන්නට නොලැබිණි.

රහස් ජන්දයක්

නමුත් ඉකුත් මහ මැතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත්ව නැවත වතාවක් ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ බලය තහවුරු කරගැනීමත් සමග ලංකාවට එරෙහි මානව හිමිකම් ප්‍රශ්නය යළි කරළියට එන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බයිඩ්න් කළ පළමු කාර්යය වූයේ ට්‍රම්ප් විසින් ඉවත් කරගත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය යළි ලබාගැනීම සඳහා අයැදුම් කිරීමය. එහි රහස් ඡන්දය ඉකුත් 14 වැනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ පැවැත්විණි. එම රහස් ඡන්දයෙන් රටවල් 193කින් 168ක්ම සිය ඡන්දය ඇමෙරිකාවට පක්ෂව ලබාදීමත් සමග නැවතත් ජිනීවාහි නිල සාමාජිකත්වය හිමි කරගැනීමට බයිඩ්න් සමත් විය.

අමෙරීකාව බැලන්ස් කරගන්නවාද

එහි ආසන්නතම ප්‍රතිඵලය වනු ඇත්තේ ලබන මාර්තු මාසයේදී ජිනීවාහි ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව නැවතත් ඇමෙරිකාව සිය හස්තය තද කිරීමට උත්සාහ ගැනීමය. එය ඇමෙරිකාව විසින් විවිධ රටවල් දෙස බලා හෝ එහි නායකයන් දෙස බලා ගන්නා තීන්දුවක් නොව ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටියදී ගනු ලබන සාමාන්‍ය ක්‍රියාපටිපාටියය. එම පක්ෂය නිතරම අවධානය යොමු කරනුයේ ඒ ඒ රටවල මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කරන ආකාරය පිළිබඳවය. ඒ අනුව දැන් ලංකාවටද කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මානව හිමිකම් ප්‍රශ්නයේදී යම් සහනයක් ලබාගැනීමට නම් ඇමෙරිකාව සමග සුහද ගනුදෙනුවකට යෑමට සිදුව තිබේ. නැතහොත් ඇමෙරිකාව බැලන්ස් කරගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුව තිබේ. ඒ අනුව එම පන්දුව දැන් ඇත්තේ ආණ්ඩුව පැත්තේ ඇති කොටුවේය.

අමෙරිකාවෙන් ආ යෝජනා 3

කෙසේ වෙතත් අපට ඇති ආරංචිවලට අනුව ඇමෙරිකාව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇතුළත් වූ විගසම ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බවක් දැනගන්නට තිබේ. ඒ මෙතෙක් ලංකාවට එරෙහිව පැවැති යුද අපරාධ චෝදනාවලට අමතරව වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව සිදුවූ යම් යම් මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් මුල් කරගෙනය. එහිදී විශේෂ කරුණු 3ක් පිළිබඳ ඇමෙරිකාව මේ වන විට සිය අවධානය යොමුකොට ඇති බවත්, ඒ පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනුම් දීමක් කෙරී ඇති බවත් වාර්තා වේ.

දුමින්ද උඩින්ම

එහි පළමු සිදුවීම වන්නේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමය. ඒ සඳහා විධායක බලය භාවිත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය අවධානය යොමු කර ඇති ආකාරයක් ඒ අනුව දැකගන්නට ඇත.

දෙක රත්වත්තේ

දෙවැනි සිදුවීම වන්නේ හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිරගත කොට සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කිරීමය. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම සහ තවමත් ලොහාන් අමාත්‍ය ධුරයක කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ අවධානය යොමුව ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.

තුන වීරසේකර

තුන්වැනි කාරණය වන්නේ මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට දින කිහිපයකට ඉහතදී කරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයෙන් වීරසේකර සඳහන් කර සිටියේ පොලිස් නිලධාරීන්ට එල්ලවී ඇති චෝදනා මාස 6ක් ඇතුළත විමර්ශනය කොට අවසන් නොකරන්නේ නම් එම චෝදනා අහෝසි වී යනු ඇති බවකි. විශේෂයෙන්ම අත්අඩංගුවේ සිටියදී සිරකරුවන් කිහිප දෙනකු ඝාතනයට ලක්වීම, කෲර වදහිංසා පැනවීම, පහරදීම ආදිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව බරපතළ චෝදනා ප්‍රමාණයක් තිබියදී සරත් වීරසේකර විසින් කරනු ලැබූ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ මානව හිමිකම් අංශවල දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව මෙම චෝදනා තුන ඇමෙරිකාව පාර්ශ්වයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සැලසුම් කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඇතැම් විට දැනටමත් ඒ පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කොට තිබීමටද පුළුවන. ඒ අනුව ලබන මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන තවත් බරපතළ ප්‍රශ්නයක් බවට මෙය පත්ව තිබේ.

ඩයස්පෝරාවට අත වැනීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා ගිය ඇමෙරිකානු සංචාරයේදී සිදුකළ දෙමළ ඩයස්පෝරාව මුණගැසී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවට කළ ප්‍රකාශයේ රස්නය තවමත් නිවී නැත. මෙරට දෙමළ දේශපාලන පක්ෂ අතරත්, ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව අතරත් තවමත් ඊට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන ආකාරයක් දැකගන්නට තිබේ. ඇතැමුන් ඊට විරෝධය පළ කළත් තවමත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමක් හෝ සිදුවී නැත. මේ නිහඬ බවින් පෙන්නුම් කරනුයේ තවමත් ජනාධිපතිවරයාගේ ආරාධනාවට ඉඩකඩ විවර වී ඇති බවකි.

ඇල්ලේ හිමි පාලම හදයි

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ ඩයස්පෝරා කතාවෙන් අනතුරුව මේ වන විට ජනාධිපතිවරයා හා දෙමළ ඩයස්පෝරාව අතර සමගි පාලමක් නිර්මාණය කිරීමට පාර්ශ්ව කිහිපයක්ම ඉදිරිපත් වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් එක් චරිතයක් බවට පත්ව ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල වැඩ කොටසක් ඉටුකළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ය. උන්වහන්සේ මේ සඳහා අඩිතාලම දමා තිබුණේ ප්‍රංශයේ ජීවත්වන දෙමළ ඩයස්පෝරා නායකයකු වන නිමලන් විශ්වනාදන් සිය බොරැල්ලේ ධර්මායතනයේදී හමුවීම හරහාය. ඇල්ලේ හිමියන් සමග නිමලන් පැවැත්වූ සාකච්ඡාවේදී කියා සිටියේ ලංකාවේම සමස්ත ණය ප්‍රමාණය වූ රුපියල් ට්‍රිලියන 17ක මුදල ගෙවාදැමීමට තරම් ධනස්කන්ධයක් දෙමළ ඩයස්පෝරාව සතුව ඇතැයි කියාය. කෙසේ වෙතත් දැඩි සිංහල බෞද්ධ මතයක එදා සිටම සිටි ඇල්ලේ හිමියන්ගේ මෙම වෙනස ඒ දිනවල බොහෝ දෙනාගේ කුතුහලයට හේතු වුවත් බහුතරයක් දෙනා ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.

ජනපති මහ රෑ තනිවම ගමනේ

එම හමුවෙන් දින කිහිපයක් ඉක්ම ගිය පසු නැවතත් ඇල්ලේ හිමියන් ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ආණ්ඩු විරෝධී පාර්ශ්වයන් හමුවී ඔවුන් සමග සාකච්ඡා කරන ආකාරයක්ද දැකගන්නට තිබිණි. මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට දොස් පවරන ආකාරයක්ද දැකගන්නට ලැබණි. මේ අයුරින් ආණ්ඩුව විවේචනය කළ ඇල්ලේ ගුණවංශ හිමියන් හිටිහැටියේම පසුගිය කාලයේදී නිහඬ චරිතයකට පණ පෙවූ ආකාරයක්ද දිස්විය. ඒ පිළිබඳ සොයා බලද්දී ලැබුණු තොරතුරුවලින් කියැවුණේ ජනාධිපතිවරයා පසුගිය දිනෙක ඉතා රහසිගතව ආරක්ෂකයන් හෝ නොමැතිව ඇල්ලේ හිමියන් මුණගැසීම සඳහා උන්වහන්සේගේ විහාරස්ථානයට මහ රෑ ගොස් ඇති බවකි. මෙහිදී පැය දෙකක පමණ කාලයක් ඇල්ලේ හිමියන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වී ඇති බවත් දැනගන්නට තිබේ. මෙහිදී දෙදෙනා අතර රටේ පවතින වත්මන් තත්ත්වය, ගොවි අර්බුදය, රටේ සම්පත් විකිණීම, ඩයස්පෝරා ප්‍රශ්නය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ සාකච්ඡා වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මෙම සාකච්ඡාවෙන් පසුවද ඇල්ලේ හිමියන් නිහඬව ආණ්ඩුව විවේචනය කිරීමෙන් වැළකී සිටියත් යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව කාදිනල් හිමියන් සමග පැවරූ නඩුවේ එක් පාර්ශ්වයක් ලෙස පෙනී සිටීමට උන්වහන්සේ පියවර ගෙන තිබිණි.

දෙමළ සන්ධානය කලබලෙන්

ජනාධිපතිවරයා අයර්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් රට තුළ මතුව පැවතියදීය. ලබන 21 වැනි දින සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපතිවරයා අයර්ලන්තය බලා යන අතරතුර දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවක් බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ නිජබිම බවට ලන්ඩනය පත්ව තිබීමය. ප්‍රධාන දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක්ම ලන්ඩනය කේන්ද්‍රස්ථානය කරගෙන සිටින අතර ඉන් ප්‍රධානම සංගමය වන්නේ ගෝලීය දෙමළ සංසදය හෙවත් ජී.ටී.එෆ්. සංවිධානයය. එහි නායකයා වශයෙන් කටයුතු කරන්නේ සුරේන් සුරේන්ද්‍රන්ය. ජනාධිපතිවරයාගේ මෙම අයර්ලන්ත සංචාරය අතරතුරදී දෙමළ ඩයස්පෝරාව හමුවන බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමග මෙරට ප්‍රධාන දෙමළ නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානයද කලබලයට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන්ද මේ සම්බන්ධයෙන් වහ වහා සොයා බලන්නට වූයේ මෙම කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න කියාය.

පැති දෙකම එකගතාවක

එමෙන්ම සුරේන් සුරේන්ද්‍රන්ටද හිසරදයක් වන තරමට දුරකතන ඇමතුම් ලැබුණු අතර ඒ සියල්ලෙන්ම විමසා තිබුණේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුවේදැයි කියාය. මේ ඇමතුම් හිසරදයක් වූ නිසාම අවසානයේදී සුරේන්ද්‍රන් කළේ නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍යයක් බව සඳහන් කිරීමය. එපමණක් නොව මේ ආකාරයේ කටකතා පැතිරයෑම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව අතර කිසියම් එකඟතාවක්ද මේ වන විට මතුව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඒ, ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට පෙරාතුව ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ දේශීය නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කළ යුතු බවකි.
ඇත්තටම මීට මාස 6කට පමණ ඉහතදී ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය හමුවීම සඳහා සාකච්ඡා කොට දින වකවානු පවා වෙන් කරගෙන සිටියේය. ඒ සඳහා අගමැතිවරයා මැදිහත්ව අවශ්‍ය වටපිටාව සකස් කොට දී තිබිණි. ඒ අවස්ථාවේදී අපට මෙම තොරතුරු පළමු වරට අප අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. නමුත් අවසන් මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය වෙත දැනුම්දී තිබුණේ සාකච්ඡා දින නියමයකින් තොරව කල්දැමූ බවකි.

දෙමළ සන්ධානය ජිනීවාවලට

එමෙන්ම දෙමළ ඩයස්පෝරාව පැත්තෙන් මෙ වන විට දෙමළ ජාතික සන්ධානය වෙත නිල ආරාධනාවක්ද ලැබී තිබේ. ඒ, ජිනීවා නුවරට පැමිණ, ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා හා බටහිර රටවල තානාපතිවරුන් දැනුවත් කරන ලෙසටය. ඒ අනුව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ද ඉදිරි දින කිහිපය ඇතුළත ජිනීවා නුවර බලා පිටත්ව යෑමට නියමිත බව දැනගන්නට තිබේ.

ඒ අනුව දැන් බලාසිටිය යුත්තේ දෙමළ ජාතික සන්ධානය ජිනීවා ගොස් පැමිණි පසු සහ ජනාධිපතිවරයා අයර්ලන්තයට ගොස් පැමිණි පසු කල් ඇදෙමින් තිබූ ජනපති-දෙමළ ජාතික සන්ධාන සාකච්ඡා පැවැත්වෙනු ඇතිද කියාය.

පළාත් සභා සටන

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතාගේ ලංකා සංචාරයෙන් පසුව මෙරට ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ පළාත් සභා මැතිවරණයය. අප මෙන්ම බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඉන්දීය ලේකම්වරයාගේ මෙම සංචාරය අතරතුරදී හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය පාර්ශ්වයෙන් ලංකාවට බලපෑම් එල්ල වී තිබූ බවකි. ආණ්ඩුව මේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නත් ආණ්ඩුව ඇතුළේ පසුගිය සතියේ දැකගන්නට ලැබුණු කලබලය හේතු කොටගෙන පළාත් සභා මාතෘකාවෙන් ආණ්ඩුව ඇතුළේ තවත් අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි.

එහිදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් කෙළින්ම කියා සිටියේ මැතිවරණ කල්දැමීම නොකළ යුත්තක් බවත්, ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය. එසේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ශ්‍රීලනිපය සූදානම් වී සිටිනුයේ ආණ්ඩුවේ අනෙකුත් පක්ෂද එකතු කරගෙන නව සන්ධානයක් ලෙස ආණ්ඩුවෙන් වෙන්වී වෙනම තරග වදින්නටය.

විපක්ෂය එකමුතු වෙයි

ශ්‍රීලනිපය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයද සිටින්නේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමේ සූදානමිනි. අප ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය තුළින් අනාවරණ කළේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනකු ඉල්ලා අස්වී මහ ඇමැති ධුර සඳහා තරග කිරීමට තීන්දු කර ඇති බවකි. එමෙන්ම මෙහි තවත් ඉදිරි පියවරක් තබමින් මේ සතියේදී සියලු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක් පැවැත්වීමටද සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ. ඒ, පසුගිය කාලයේදී සිදුකර ඇති මත විමසුමක ප්‍රතිඵල පදනම් කරගනිමිනි. මෙම මත විමසුමේදී සමගි ජන බලවේගයට රට ඇතුළේ ඇති ප්‍රසාදය, වාසිසහගත තැන්, අවාසිසහගත තැන් පිළිබඳ දීර්ඝ විස්තරයක් කර ඇති අතර, මෙම වැඩමුළුවේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. එමෙන්ම දැනටමත් සමගි ජන බලවේගය ආසන මට්ටමින් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කිරීමටද පියවර ගෙන ඇත.

ආණ්ඩුවට පනින්න බැරිවෙයි

කෙසේ වෙතත් මුල් අවස්ථාවේදී ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය විවිධ හේතු ඉදිරිපත් කොට කල්දැමීමට සැලසුම් කර තිබුණද, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් පසු මේ වන විට ආණ්ඩුව පත්වී ඇත්තේ කෙසේ හෝ පළාත් සභා මැතිවරණව පැවැත්විය යුතු බවට වූ තත්ත්වයකය. මුලින් මුලින් ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලු, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සොයාගැනීමේ ගැටලු, සීමා නිර්ණය ගැටලු ආදිය ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණද විපක්ෂය පසුගිය සති කිහිපය පුරා ගෙන තිබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුවට තව දුරටත් එම හේතු දැක්වීමේ අවස්ථාවක් ඉතිරිව නැත. ඒ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම පැරැණි ක්‍රමයට සිදුකරන බවට යෝජනාවක් ආණ්ඩුව ගෙන එන්නේ නම් ඊට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය ආණ්ඩුවට ලබාදීමට සමගි ජන බලවේගයත්, දෙමළ ජාතික සන්ධානයත් දැනටම ආණ්ඩුවට දැනුම් දී තිබීම නිසාය. ආණ්ඩුවට පමණක් නොව මෙරට පිහිටි තානාපති කාර්යාලවලටද ඔවුන් මේ බව දැනටමත් සඳහන් කොට තිබීම හරහා ආණ්ඩුව පත්ව සිටින්නේ උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දාන්නටත් බැරි තත්ත්වයකටය.

මන්ත්‍රීවරුන්ට සල්ලි මලු

නමුත් ආණ්ඩුවේ පසුපෙළ පමණක් නොව ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ද සිටින්නේ මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බවට වූ දැඩි ස්ථාවරයකය. මේ වන විට විවිධ ප්‍රශ්න හේතු කොටගෙන ගම් මට්ටමේ තත්ත්වය ආණ්ඩුවට ඉතා අවාසිදායක බැවින් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්දැමිය යුතු බවට ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. නමුත් ආණ්ඩුවේ තර්කය වී ඇත්තේ ඉදිරි අයවැය හරහා ගමට වියදම් කිරීමට විශාල මුදලක් මැති ඇමැතිවරුන්ට ලබාදීම හරහා මෙම තත්ත්වය කනපිට පෙරළිය හැකි බවකි. එසේ ගමට මුදල් වියදම් කිරීමෙන් පසු මාස 2ක් ඇතුළත එනම් ලබන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් ඊට අදාළ යෝජනාව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කොට ඇත.

කොමිසමත් ලෑස්තියි

ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුව මැතිවරණ කොමිසමෙන් මේ සම්බන්ධ නීතිමය තත්ත්වය විමසීමටද පියවර ගෙන තිබිණි. එහිදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ආණ්ඩුවට දැනුම්දී සිටියේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත්, සුළු සංශෝධන කිහිපයක් සිදුකොට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැරැණි ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත්ය. ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානම් බවද පුංචිහේවා මහතා ආණ්ඩුවට දැනුම්දී ඇත. ඒ අනුව ඇතුළේම විරෝධය මැද වුවද ආණ්ඩුව මේ වන විට සැලසුම් කරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණය පවත්වන තැනකය.

ගමෙන් ආණ්ඩුව වට්ටන්න විමල්ලා ගේමක

කෙසේ වෙතත් ආණ්ඩුව මේ ආකාරයට ඡන්දයකට පිටපොට ගහද්දී ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුදයක් මෝදුවෙමින් පවතින ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී තිබේ. ඒ, ආණ්ඩුව නියෝජනය කරන විමල් ඇතුළු කණ්ඩායම ගෙන ඇති අතිශය රහසිගත තීන්දුවක් පිළිබඳවය. මෙම තීන්දුවේ තොරතුරු පළමු වරට කනට වැටුණේ ආණ්ඩුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂටය. එහිදී බැසිල්ට දැනගන්නට ලැබුණේ විමල්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජයන්ත සමරවීර මහතා කළුතර ප්‍රදේශයේ සිය පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා දේශනයක් කර ඇති බවත්, එහිදී ආණ්ඩුව ඇතුළේ ඇති බරපතළ ප්‍රශ්න හේතුවෙන් ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතු බවට ප්‍රකාශ කොට ඇති බවත්ය.

බැසිල්ට ඔත්තුව එයි

ඒ අනුව ඉදිරියේදී එන පළාත් පාලන ආයතනවල අයවැය ජන්ද විමසීමේදී විපක්ෂයත් සමග එක්ව පොහොට්ටුවේ බලය ඇති ප්‍රාදේශීය සභා පරාජය කළ යුතු බවට ජයන්ත එහිදී දැනුම්දී ඇති බව බැසිල්ට වාර්තා විය. මෙම සාකච්ඡාවට විමල්ගේ පළාත් පාලන නියෝජිතයන්ට අමතරව උදයගේ නියෝජිතයන්ද සහභාගි වී ඇති බවත් බැසිල්ට දැනගන්නට ලැබිණි.

රෝහිත මෙලෝ දෙයක් දන්නේ නෑ

මෙම තොරතුරු වාර්තා වීමත් සමග බැසිල් වහාම කතා කළේ කළුතර පොහොට්ටු ප්‍රබලයා වන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනටය.එසේ කතා කළ බැසිල් මේ තොරතුරු විමසද්දී රෝහිත කියා සිටියේ තමන් ඒ පිළිබඳ දැනුවත්ව නැති බවකි. රෝහිතගේ මේ පිළිතුරෙන් බැසිල් තරමක් කෝපයට පත්වන ආකාරයක්ද දැකගන්නට තිබිණි. ඒ, සිය දිස්ත්‍රික්කයේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් රෝහිත දැනුවත්ව නොසිටීම නිසාය. පසුව බැසිල් කළේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම කතා කොට මෙම පුවතේ ඇත්ත නැත්ත සොයා බැලීමය. පුවත ඇත්තක් බව තහවුරු වීමත් සමග කෝපයට පත් බැසිල් වහාම ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන් දැනුවත් කොට ඊට අවශ පිළියම් යෙදීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම තොරතුර හරහා විමල්ලා ගමේ ආණ්ඩුවෙ වෙනසක් කර රටේ ආණ්ඩුව අල්ලන සැලැස්මක මුල් තොරතුරු හෙළි කරගැනීමට බැසිල් සමත් විය.

නිමල්ගේ පිටින් ගියේ විමල්ගේ තරහද

මෙම සිදුවීමෙන් පසු විමල්ගේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස හට දරුණු සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. ඒ, කොත්මලේ ප්‍රදේශයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය. මෙහිදී නිමල් පියතිස්ස සමග මත ගැටුමක් ඇති කරගත් පොහොට්ටුවේ පාක්ෂිකයන් නිමල්ට පහරදීමට පියවර ගත් අතර ගුටිබැට හුවමාරුවෙන් පසු පිරිස නිමල්ව ඉතා අපහසුවෙන් එතැනින් ඉවත් කරගැනීමට පියවර ගත් ආකාරයත් දැකගන්නට ලැබිණි.

අනුරට ලක්ෂ 80ක්!

පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර එක්තරා වෙබ් අඩවියක ආන්දෝලනාත්මක පුවතක් පළව තිබිණි. මෙම පුවතින් කියැවුණේ ජවිපෙ නායකයාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා මිලියන 80ක ව්‍යාපෘතියක් දියත් කොට ඇති බවත්, එම කටයුත්ත දිවයිනේ ප්‍රධාන පෙළේ දැන්වීම් ප්‍රචාරක ආයතනයක් වෙත ලබාදී ඇති බවත්ය. මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ මේ වන තෙක් පැහැදිලි තොරතුරක් නැතත් පුවතට වැඩි ප්‍රචාරයක් ලැබුණේ පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ මහතා ඒ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබීමත් සමගය. ඒ අනුව පුවත උණු කැවුම් මෙන් සමාජ මාධ්‍ය ජාලයන්හි පැතිර යන ආකාරයක් දැකගත හැකි විය.

නිවැරදි කිරීමක් නෑ!

කෙසේ වෙතත් මුලින් මේ පිළිබඳ ජවිපෙ එතරම් උනන්දුවක් නොදැක්වුවද දිගින් දිගටම ඒ පිළිබඳ විමසමින් ඇමතුම් ලබෙන්නට පටන් ගැනීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට ජවිපෙ තීරණය කළේය. ඒ අනුව ජවිපෙ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමත් සමග ඊට සම්බන්ධ බව කියන වෙළෙඳ දැන්වීම් ආයතනයෙන්ද එම පුවත ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් පාර්ශ්ව දෙකෙන්ම අදාළ පුවත ප්‍රතික්ෂේප කළත් පුවත පළ කළ වෙබ් අඩවිය නම් ඒ පිළිබඳ කිසිදු නිවැරැදි කිරීමක් කර නොතිබීම විශේෂ සිදුවීමකි.
කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

‘අපේ කොල්ලෝ’ YouTube ටේ‍රන්ඩින් ලැයිස්තුවට එක්වෙයි…

Next Post

සජබෙ රට පුරා උද්ඝෝෂණ! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.