ජනාධිපිතවරයා සහ අගමැතිවරයා රජ පුටුවේ වාඩි කළේ ගොවි ජනතාව බවත්, එසේ ඔවුන්ව රජ පුටුවේ වාඩි කළේ ගොවිතැනට කොඩිවින කරන්නට නොවන බවත් ජවිපෙ හිටපු පාරිලමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
බදුල්ලේ පැවැති ගොවි උද්ඝෝෂණයකදී ඒ මහතා ගොවීන්ගෙන් විමසා සිටියේ රජ ගෙදර වටලන්න යාමට ගොවීන් සූදානම්ද කියාය.
ඊට පිළිතුරු දෙමින් ගොවීන් පිළිතුරු දුන්නේ තමන් ඊට සූදානම් යැයි කියාය.










