ශ්‍රී ලාංකීය ත්‍රිරෝද රථ හිමියන්ගේ විශ්වසනීයම ලීසිං සහකරු ලෙස මේ වන විට මුල් තැන පසුවන ඇසට්ලයින් ලීසිං පසුගියදා තවත් සුවිශේෂ දීමනාවක් හඳුන්වා දුන්නේය. මෙම නව දීමනාවට අනුව ලියාපදිංචි ත්‍රිරෝද රථයකට ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ෆුල් සර්විස් 03ක් හිමිවන අතර බජාජ් ත්‍රිරෝද රථ සඳහාම විශේෂඥයන් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩීලර්වරුන්ගෙන් මෙම සේවාව සැලසුම් කර ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය සීමාකර ඇති වටපිටාවක් තුළ “වාහන ප්‍රශ්නෙට රෙජිස්ටර්ඩ් උත්තරේ” නම් වැඩසටහන හඳුන්වාදුන් ඇසට්ලයින් ලීසිං, මෙරට පාරිභෝගිකයන්ගේ වාහන සිහිනය සැබෑ කරවීමට හැකි සෑම අයුරින්ම දායක වෙමින් සිටී.
ඇසට්ලයින් ලීසිං වෙතින් ලීසිං පහසුකම් ලබාගන්නා විට අවම ලියකියවිලි යටතේ අඩුම කාලයකින් තම ලීසිං පහසුකම රැගෙන තමාගේම ත්‍රිරෝද රථයකින් පාරිභෝගිකයාට යළි නිවෙස බලා යාමේ අවස්ථාව ඇත.











