• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් ඉවසුවා හොඳටම ඇති! සුෂන්ත්ගේ අභිරහස් මරණය ගැන ඇත්ත හෙළිකරන්න…

October 21, 2021
in Heart
Reading Time: 4 mins read
A A
දැන් ඉවසුවා හොඳටම ඇති! සුෂන්ත්ගේ අභිරහස් මරණය ගැන ඇත්ත හෙළිකරන්න…
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු රසිකයෝ එක්ක ශ්වේතා සිං සීඅයිබීයට බලපෑම් කරයි…

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හදිසි අභාවය සිදුවී වසරක්, හමාරක් පමණ ගෙවී ගියද අදටත් ඒ කඩවසම් නළුවාගේ මතකය… ඔහුට ආකර්ෂණය වී සිටි රසික සිත්වලින් මැකී ගිහින් නැත.
පසුගිය දිනෙක ඉන්දීය රූපවාහානී සේවාවක සාකච්ඡාවක් සඳහා පැමිණ සිටි රිහා චක්‍රබෝර්ති… විනාඩි ගණනක් ගොළුව සිටියේද සුෂාන්ත් සිං රාජ්පුත් ගැන මතකය එතැනදී
අවදි වීම නිසාය.

ස්ත්‍රී සිත් සහ හැඟීම් මනමෝහනය කරන රූපකායක් සේම රංගන ශෛලියක්ද හිමි සුෂාන්ත් තම ප්‍රේමය පූජා කොට තිබුණේ රිහාට පමණය.., කදිමට හැඩට ඒ ඒ තාලයට දෙපා තබමින් ඩාන්ස් කරන්නට දන්නා සුෂාන්ත් වෙනුවෙන් තම කුමරි බඹසර පවා පූජා කරන්නට ඉන්දියානු යෞවනියන් පොරබදද්දී සුෂාන්ත් තම ජීවිතයෙන් කොටසක් කර ගත්තේ රිහාවය. ඒ තරමටම සුෂාන්ත් රිහාගේ පෙමින් ආතුරව සිටියේය.

සුෂාන්ත් වෙත අවාසනාවන්ත ලෙස මරණය කැන්දාගෙන ආවේ ඒ ආතුර වූ ප්‍රේමය නොවේද..?
නිල වශයෙන් තවම එය තීන්දු වී නැත. කෙසේ වුවද සුෂාන්ත්ගේ අකල් මරණයට වගකිවයුත්තකු වූ රිහා චක්‍රබෝර්ති ගැන නීතිමය වශයෙන් වූ සැකසහිත වංහුං සියල්ල හමස් පෙට්ටියට දමා අවසන්ය.., ඒ විතරක්ද..? සුෂාන්ත්ගේ අබිරහස්මය මරණයද සියල්ල හමස් පෙට්ටියට දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සියල්ලන් යැයි මෙතැන හඳුන්වන්නේ කවුරුන් ගැනද..?
සියල්ලන් යැයි හඳුන්වන්නේ ඉන්දියානු මාධ්‍ය සහ ‘සී.බී.අයි’ සංවිධානය ගැනය..,

එතකොට සුෂාන්ත්ට ආදරය කළ රසික රසිකාවියන්ටත් ඔහුගේ දුක්ඛිත මරණය අමතක වෙලාද..?
කොහොමවත් නැහැ.., 2020 ජුනි 14 වැනිදායින් පසුව අද වනතුරුම ගෙවී ගිය කාලය තුළ සුෂාන්ත්ගේ සුන්දර ප්‍රතිරූපයට ඇලුම් කළ සියලුම රසික, රසිකාවියන් වාගෙම ඔහුගේ ලක්‍ෂ සංඛ්‍යාත ‘ට්විටර්’ අනුගාමිකයන්ද සුෂාන්ත් ගැන මතකය තුළ ඉතාම සංවේදී ලෙස දවස ගෙවූයේ සිත, මනස කීරි ගසන ආකාරයේ වදන් වරින්වර සනිටුහන් කරවමිනි.

එයට එක් සුවිශේෂී හේතුවක් වූයේ, සුෂාන්ත්ගේ සහෝදරිය වූ ශ්වේතා සිං කීර්ති, සුෂාන්ත්ගේ ශෝචනීය මරණයෙහි දුක, ශෝකය ඔවුන් සමග නිතර බෙදාගත් නිසාය. තම සෙනෙහෙබර සහෝදරයාට ඔවුන් තවමත් ළෙන්ගතුව සිටීම ශ්වේතාට ඉමහත් වූ සතුටක් සේම අස්වැසිල්ලක්ද විය.

ආදරණීය සුෂාන්ත්.., සෙනෙහසින් ලියා සිටිමි.., අනේ ඔබ අද සිටියා නම් අපට එය කෙතරම් අස්වැසිල්ලක්ද..? කළු පැහැති මරණයෙහි කඩතුරාව මඳකට හෝ විවර කර දෑස අයා බලන්න.
ඔබ ආදරය, සතුට බෙදා දුන් හදවත් තවමත් ඔබ සමගය. බලන්න… හැමදාම අපේ ජීවිතවල ආඩම්බරය වූ ඔබ දසදහස් ගණනක හදවත් තුළ ඇති කළ ආදරය කෙතරම් ආකර්ෂණීයද… මොනතරම් පුදුමාකාරයිද.., ඔවුන් ඔබ වෙනුවෙන් ගෙන යන ආදරණීය සටනට තවමත් තිත තබා නැත.., ඔවුන් සමග එක්ව මමද දෙවියන් යදිමි… ඒ ඔබද ගරුත්වයෙන් සැලකූ දුර්ගා අම්මා හමුවේය.
ආදර අම්මා… කරුණාකර සත්‍යය හෙළිදරව් කරගන්නට උදව් කරන්න… නොසන්සුන්ව තිබෙන අපේ හදවත්වලට සාමය සමග අස්වැසිල්ල දානය කළ මැනවි…’

ශ්වේතා සිය සහෝදරයා වෙනුවෙන් පසුගිය දවසෙක තැබූ ‘ටිව්ටර්’ පණිවුඩයෙහි එසේ සඳහන් විය. එක්සත් ජනපදයේ පදිංචිව සිටින ශ්වේතා සිං කීර්ති නවරාත්‍රී දුර්ගා පූජාව වෙනුවෙන් ඉන්දියාවට පැමිණියාය. තම පියා සහ මව සමග එක්ව ඇය ‘සී.බී.අයි.’ සංවිධානය වෙත බලකර සිටියේ සත්‍යය හෙළි කොට තම සහෝදරයාගේ මරණය පිටුපස සැඟවී සිටින පවුකාරයන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසය.

කරුණාකර ඔබ වෙතින් මඟහැරී ගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අබිරහස් මරණය වෙත නැවැත යොමු වන්න… සත්‍යය හෙළි කරන්න.., අප ඉවසා සිටි තරමෙහි සීමාව දැන්නම් හොඳටම ඇතියැ…’ යනුවෙන් ස්වේතා සිං කීර්ති සුෂාන්ත් සිං රාජ්පුත්ගේ රසිකයන් සමග එක්ව ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කළාය.

ස්වේතා සිතන්නේ රිහා චක්‍රබෝර්ති මෙයට සම්බන්ධය කියලද..?
නැහැ… එවැන්නක් ඇගේ වචනවල සඳහන්ව නැත. ඈ පවසා සිටින්නේ ‘සත්‍යය’ යටපත් නොකරන ලෙසය..,

සුෂාන්ත්ගේ අභිරහස් මරණය ගැන සඟවන්නට යමක් ‘සී.බී.අයි.’ සංවිධානය සතුව තිබෙනවාද?

කියන්නට දන්නේ නැත..,
නමුත් දුරකතන පටිගත කිරීම් සහ සුෂාන්ත් ගැන මවුපියන් පවසන දෑ ඇසූ විට සුෂාන්ත්ට දිවිනසා ගැනීමේ වුවමනාවක් තිබී නැත..,
සුෂාන්ත්ට සිදුවූ දේ හරියටම දන්නේ උඩ ඉන්නා දෙවියන් සහ මියගිය සුෂාන්ත්ම පමණය..,
සුෂාන්ත්ට නම් දැන් කිසිවක් පවසන්නට බැරි ලෙස මරණය ඔහුගේ හඬට අගුළුලා ඇත…
දෙවියන් නම් සියල්ල දන්නේය…

මිනිස් වෙසකට ආවේශව එහෙව් දෙවියන් එය ලොවට කවදා හෝ පවසනු ඇත…
එතෙක්, මිනිස් ආත්මයක් ලද ස්වේතා ඇතුළු රාජ්පුත් සිං පවුලට නිහඬව බලා සිටින්නට සිදුවනු ඇත.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තමන් වැරදි නැත්නම් ඇයි විමර්ශනය කරන්න නිදහස දෙන්නේ නැත්තේ? අහිංසකයන්ගේ ලේවලින් බලයට එන අයට වෙන දේ කාදිනල් හිමි කෙළින්ම කියයි! (VIDEO)

Next Post

දොම්පෙ අන්නාසි ගොවියොත් පාරට බහී! සජිත් දුක අහන්න යයි! ගොවියො රට බාරගන්න කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.