• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ඔබට – රටට වෙන්න යන දේ

November 2, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ඔබට – රටට වෙන්න යන දේ
Share on WhatsAppShare on Facebook

2019 නොවැම්බර් 05 කුජ දිනට එළිවන පාන්දර 05.25ට බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ධනු රාශියට පිවිසෙයි. ගුරු තමන්ටම අයත් ධනු රාශිය තුළදී ස්වක්‍ෂේත්‍ර බලය ලබාගෙන වක්‍ර වෙමින් නිවෘත වෙමින් ධනු රාශිය හරහා ගමන් කර 2020 නොවැම්බර් 20 වැනි දින පස්වරු 01.23ට මකර රාශියට පිවිසෙයි. ගුරු – ධනු රාශිය තුළදී මුල පුවසල නැකැත් සීමාවන් සම්පූර්ණයෙනුත්, උත්‍රපල නැකැතේ පළමුවැනි පාදයත් පසුකරමින් ගමන් ගනී. වසරකට ආසන්න කාලයක් මෙසේ ගුරු ග්‍රහයා ධනු රාශිය තුළ ගමන් කිරීම ඔබටත්, රටටත් කෙසේ දැයි සොයාබලමු. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරය සලකා බැලූ විට මෙම ගුරු මාරුව සිදුවන්නේ 10 වැනි භාවයේ සිට 11 වැනි භාවයටය. විශ්ව ජ්‍යොතිෂයට අනුව 11 වැනි භාවයෙන් විශේෂයෙන්ම රටක ජාත්‍යන්තර සම්බන්ධතා, ජාතික සංවර්ධනය, කර්මාන්ත හා විද්‍යා කටයුතුවල දියුණුව, සමුපකාර සමාගම්, ක්‍රමසම්පාදනය, සමාජ සේවා, සෞඛ්‍ය සේවා කටයුතු ගැන කියැවෙයි. ගුරු ග්‍රහයා ලංකා කේන්දරයේ 11 වැන්නේ ස්වක්‍ෂේත්‍රව ගමන් කිරීමෙන් ඉහත සෑම අංශයකම කැපී පෙනෙන දියුණුවක් ඇතිවීමට හේතුවෙයි. 2019 නොවැම්බර් 16 වැනි දින පවත්වන ජනාධිපතිවරණයෙන් පත්වන නව ජනාධිපතිතුමාට තමන්ගේ පාලන කටයුතු සාර්ථක කරගැනීමටද මෙම ගුරු මාරුව විශේෂයෙන් යහපත් බව සඳහන් කළ හැකිය. ඒ ඒ ලග්නවලට මෙම ගුරු මාරුව කෙසේ බලපාන්නේද යන්න දැන් සොයා බලමු.


මේෂ – විදේශ සම්බන්ධතා
ගුරු ග්‍රහයා ඔබගේ ජන්ම පත්‍රයේ පුණ්‍යස්ථානය වන 9 වැන්න හරහා ගමන් ගන්නා වසරකට ආසන්න කාලය තුළදී ඔබගේ ආර්ථික දියුණුවට බොහෝ විට මඟ පෑදෙන්නේ විදේශ රැකියා, විදේශ සම්බන්ධතා මගිනි. පදිංචි ප්‍රදේශයෙන් බැහැරව ගොස් කරන රැකියා, ව්‍යාපාර කටයුතුවලට ඔබට වැඩිපුර වාසි අත්වන බවක් පෙනේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට තරග – විභාගවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි. විදෙස් භාෂා ඉගෙනීමට ඇති උනන්දුව වැඩිවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවෙයි. ගෙදර-දොර කටයුතු සාමකාමීව, සතුටින් ගතවෙයි. දරු ඵල බලාපොරොත්තු අයට දරුවන් ලැබීමද, පවුලට අලුතින් ඥාතීන් එකතු වීමද මේ කාලයේදී සිදුවෙයි. සමාජය තුළ තිබෙන පිළිගැනීම වැඩිවෙයි. නිලතල, ගරු-නම්බු ලැබෙන කාලයකි. නිතර නිතර ආගමික කටයුතුවලට යොමුවන බවක් පෙනේ. මේ කාලය තුළදී විනෝද ගමන් කිහිපයක්ද යෙදේ.

වෘෂභ – හදිසි අනතුරු
ජන්ම පත්‍රයේ මාරක ස්ථානය ලෙස සැලකෙන 8 වැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම වෘෂභ ලග්න හිමියන්ට ගෙන එන්නේ අවාසිසහගත තත්ත්වයකි. මේ කාලය තුළදී ඔබගේ රැකියා, ව්‍යාපාර කටයුතුවල එතරම් දියුණුවක් දැකගත නොහැකි වන අතර, අත-මිට මුදල් ගැවසීම අඩු වෙයි. ඉගෙනීමේ කටයුතුවල මන්දගාමී ස්වභාවයක් ඇති වන කාලයකි. උත්සාහයේ තරමට විභාග ආදියෙන් ජය අත්නොවෙයි. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම සුදුසුය. අර්ශස් වැනි ගුද මාර්ගය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට ඔබට මේ කාලය තුළදී සිදුවිය හැකිය. විදෙස් ගමනක්, රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සඳහා නොයෙකුත් කරදර බාධක එල්ල වී ගමන ප්‍රමාද වෙයි. ඥාතීන් සමඟද ඇසුරු කළ අය සමඟද තිබුණු හොඳ හිත පළුදු වන ආකාරයේ සිදුවීම් සිදුවිය හැකිය. දුරදිග නොබලා කටයුතු කිරීම නිසා සමජය තුළ තිබුණු පිළිගැනීම අඩුවෙයි. 8 වැන්නේ ගුරු ගමන් කරන කාලය තුළ වෘෂභ ලග්න හිමියන් ආගමට-දහමට නැඹුරු වී පින්දහම් කරමින් කාලය ගතකිරීම වඩාත් සුදුසුය.

මිථුන – මංගල යෝග
කලත්‍ර ස්ථානය, විවාහක ස්ථානය, ලෙස සලකනු ලබන ජන්ම පත්‍රයේ 7 වැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම විවාහ වන වයසේ සිටින මිථුන ලග්න හිමියන්ට මංග යෝග උදාවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවෙයි. විවාහක අඹු-සැමියන් අතර සුහදතාව වර්ධනය වී ගෙදර-දොර සාමය, සතුට ඇතිවන කාලයකි. ඔබ මේ කාලය තුළදී අනුමානයට කරන වැඩකින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට සමත් වෙයි. ලොතරැයි මිලද ගැනීමට, මැණික් පතල් කැපීමට සුදුසු කාලයකි. අතමිට මුදල් යහමින් ගැවසී සැප සේ කාලය ගතවෙයි. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයට තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. ඉගෙනීමේ කටයුතුවල ප්‍රබෝධයක් ඇති වන කාලයකි. අලුත් විෂය ක්‍ෂේත්‍රවලට පිවිසීමට අවස්ථාව සැලසෙයි. සුළු සුළු අසනීප ගති විටින් විට මතු වුවද ප්‍රතිකාර නොගෙනම සුව අතට හැරේ. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිට අයට මේ කාලය තුළදී එම අදහස ඉටුකර ගැනීමට හැකි වන අතර, ආගමික, වන්දනා කටයුතු සඳහා වැඩි අවස්ථාවක් ලබාගෙන කටයුතු කරයි.

කටක – අසහනකාරී කාලයක්
ඔබගේ ජන්ම පත්‍රයේ රෝග ස්ථානය ලෙස හඳුන්වනු ලබන 6 වැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම ඔබට තරමක අසහනකාරී බවක් ගෙන ඒමට හේතු වෙයි. එදිනෙදා වැඩකටයුතුවලට ඇති වන කරදර, බාධක හේතුකොට ගෙන ඔබගේ ආදායම් තත්ත්වය පහළ යෑමට හේතු විය හැකිය. විටින් විට සුළු සුළු ලාභ ඇති වුවද වියදමද ඊට සරිලන පරිදිම වැඩිවෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට අසනීප හේතු කොටගෙන ඉගෙනීමේ කටයුතුවලට බාධක ඇතිවන කාලයකි. ඥාතීන්, මිත්‍රයන් සමඟ ඇතිවන මතභේද දුරදිග යෑමට ඉඩ ඇති බැවින් වචන හැසිරවීමේදී ප්‍රවේශම් වියයුතු කාලයකි. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි කටක ලග්න හිමියන්ට විදෙස්ගත වීමට අවස්ථාව උදාවිය හැකිය. බොරු චෝදනාවක් නිසා තමන්ට ලැබෙන්නට තිබුණු උසස් වීමක් හෝ නම්බු නාමයක් අහිමිවීම යන තැනට කටයුතු යෙදේ. ශරීරය වෙහෙසවා වැඩ කරන්නටද කිසිම ප්‍රයෝජනයක් නැති අනුන්ගේ වැඩවල යෙදීමටද ඔබට සිදුවන කාලයකි.

සිංහ – සෑම අතින්ම දියුණුවක්
විද්‍යා ස්ථානය ලෙස හඳුන්වන 5 වැනි භාවයට ගුරු ග්‍රහයාගේ පැමිණීම ඔබට සෑම අතින්ම දියුණුවක් ඇති වන ආකාරයට කටයුතු සිද්ධ වෙයි. ඉගෙනීමේ මෙන්ම ඉගැන්වීමේ යෙදී සිටින අයට තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටුවන කාලයකි. විභාග, සම්මුඛ පරීක්‍ෂණ ආදියෙන් සිංහ ලග්න හිමියන්ට විශේෂ ජය අත්වෙයි. දිගු කලක් නැවතී තිබුණු ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීමෙන් ලාභ ලබාගත හැකි තත්ත්වයට පත්වෙයි. අමතර ධන ලාභද ලැබේ. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතී. විදෙස්ගතව සිට පැමිණි ඥාතියකු නිසා නිවෙසේ අඩුපාඩුවක්ව පැවති භාණ්ඩයක් ඔබට මේ කාලය තුළදී ලැබීමට ඉඩ ඇත. තමන්ගේ වැඩට දක්‍ෂ උදව්කරුවන්, සේවකයන් ලැබී බලාපොරොත්තු නොවූ තරම් හොඳට වැඩකටයුතු දියුණුවට පත්වෙයි. උසස් අය සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව උදාවෙයි. මේ කාලය තුළදී සමූහයක් සමඟ එකතුව කරන මහා පින්කමකට සහභාගි වීමට අවස්ථාව යෙදේ. නිතර නිතර දුරබැහැර ගමන් යෙදෙන අතර, ඒ සෑම අවස්ථාවකම ඔබගේ වාසියට කරුණු යෙදෙන බවක් පෙනේ.

කන්‍යා – වාහන ලාභ
ගුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 4 වැන්නේ ගමන් කර වසරකට ආසන්න කාලය තුළදී වාහනයක් මිලදී ගැනීමට අවස්ථාවක් උදාවෙයි. දැනට වාහන තිබෙන කන්‍යා ලග්න හිමියන්ට වඩාත් හොඳ වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව උදාවිය හැකිය. වැය පක්‍ෂය වැඩි වන කාලයකි. අනාගත දියුණුව සඳහා කරන කටයුත්තක් ගැන තීරණයක් ගත නොහැකිව කාලය ගතවෙයි. පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ වෙනසක් ඇති වන බවක් පෙනේ. ඇසුරු කරන අය නිසා ඔබට මේ කාලය තුළදී සුළු සුළු පාඩු විඳීමට සිදුවිය හැකිවෙයි. ගෙදරින් බැහැරව ගොස් කරන ව්‍යාපාරවලින් විශේෂ ලාභ ලබාගත හැකි කාලයකි. ශරීර ශක්තිය දුර්වල වීමක් නිසා වැඩකටයුතු ගැන තිබුණු උනන්දුව අඩු විය හැකිය. වයස්ගත වැඩිහිටියන් ගැන විශේෂ අවධානය යොමුකර ඔවුන්ට උපස්ථාන කිරීමට යොමුවෙයි. හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කර අනාගත දියණුව පිණිස අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පෙනේ.

තුලා – ලෙඩ-දුක් සහිත කාලයක්
ඔබගේ ජන්ම පත්‍රයේ 3 වැනි භාවය හරහා ගුරු ග්‍රහයාගේ ගමන් කිරීම ඔබට නොයෙකුත් අසනීප ඇති වීමට හේතුවිය හැකිය. විශේෂයෙන්ම රුධිර පීඩනය, රුධිරයේ සීනි වැනි අසනීප දැනටමත් ඇති තුලා ලග්න හිමියන් මේ කාලය තුළදී ප්‍රවේශම් විය යුතුය. ආදායම් තත්ත්වයේ පහළ වැටීමක් සිදුවිය හැකි අතර, වැය පක්‍ෂය වැඩි වෙයි. තැන්පත් ධනය අඩු වීමට කටයුතු යෙදෙන කාලයකි. අනුමානයට කරන කටයුතුවලින් මේ කාලය තුළදී වැඩිපුර පාඩු සිදුවෙයි. සමීප ඥාතියකුගේ වියෝවක් සිදුවිය හැකියි. පදිංචි ස්ථානයේ, රැකියා ස්ථානයේ වෙනසක් සිදුවන අතර, එයින් ඔබට අවාසියක් සිදුවිය හැකියි. නිෂ්ඵල ගමන් නිතර නිතර ඇති වන අතර, ප්‍රයෝජනවත් නොවන දෙයට වෙහෙසෙන කාලයකි. කරදර, බාධක මැද වුවද ගෙදර-දොර අවශ්‍යතා හොඳින් ඉටුකර සාමය, සතුට පවත්වා ගැනීට උත්සාහයක් දරන කාලයකි. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට මහන්සියේ ප්‍රතිඵල ලබාගත හැකිවෙයි.

වෘශ්චික – ආදායම වැඩිවන කාලයක්
ගුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ 2 භාවය හරහා ගමන් කරන කාලය තුළදී ඔබගේ රැකියා, ව්‍යාපාර ආදියෙහි දියණුවක් ඇති වන අතර, ආදායම් තත්ත්වය යහපත් අතට හැරේ. බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කිරීම නිසා ඔබ සමාජ ගෞරවයට ලක්වන කාලයකි. වැඩ කිරීමෙන් ලබන අත්දැකීම් මෙන්ම අලුත් දේ ඉගෙනගැනීමටද අවස්ථාව ලැබේ. තරග-විභාග, සම්මුඛ පරීක්‍ෂණ ආදියෙන් ජයගත හැකි කාලයකි. ඔබගේ දියණුවට පැවති බාධක ඉවත් වී විරුද්ධව සිටි අය පවා උපකාර කිරීමට හැකිවෙයි. අවිවාහක අයට මංගල යෝජනාද, විවාහකයන් අතර සුහදතාවද ඇතිවෙයි. ශරීර සෞඛ්‍යය යහපත්ව පවතින කාලයකි. ගුරු ග්‍රහයා 3 වැන්නේ ගමන් කරන කාලය තුළ සහෝදර සහෝදරියන් සමඟ එක්ව ආගමික කටයුත්තක් සංවධාන කිරීමට අවස්ථාව ලැබේ. විදෙස් සංචාර බලාපොරොත්තුවෙන් සිටි අයට එම අදහස් ඉටුවන බව පෙනේ. සතුටින් සහ විනෝදයෙන් කාලය ගතකිරීමට අවස්ථාව සැලසෙයි.

ධනු – අධික වියදම්
ලග්න භාවයේම ගුරු ග්‍රහයන්ගේ ගමන් කිරීම ඔබට වියදම් අධික වන කාලයක් බවට පත්වෙයි. නමුත් ආදායමේ අඩුවක්ද නැත. අනුන් වෙනුවෙන් නිතරම තමන්ට මුදල් වැය කිරීමට සිදුවන කාලයකි. මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවලට අමතරව අලුත් ඉගෙනීමකට යොමුවන බවක් පෙනෙන අතර, මේ කාලය තුළදී ආරම්භ කරන අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවෙයි. විදෙස්ගතව සිටි පවුලේ ඥාතියකුගේ පැමිණීමත් සමඟ ඔබගේ වැඩකටයුතුවල සැලකිය යුතු වෙනසක් සිදුකිරීමට සිදුවෙයි. ශරීරයේ දුර්වලකමක් දැනෙන අතර, රුධිර රෝගයක් වැලඳීමටද ඉඩ ඇත. ගෙදර-දොර කරදර මතුවන කාලයක් වන අතර, පවුලේ ඥාතීන්ගෙන් දුරස් වීමක් දැකගත හැකි වෙයි. ගෙදරින් පිටව ගොස් ටික දිනක් නැවතී වැඩක් කිරීමට සිදුවිය හැකිය. උසස් කෙනකුගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් යන දුරබැහැර ගමනකින් නිසි ප්‍රතිඵල ලබාගත හැකි වෙයි. විරුද්ධකරුවන්ගේ බොරු චෝදනාවකින් සිත්තැවුලට පත්වෙයි.

මකර – ආයෝජන අවස්ථාවක්
ඔබගේ ජන්ම පත්‍රයේ 12 වැනි භාවයට ගුරු ග්‍රහයාගේ පැමිණීම අනාගතයට හොඳ ආයෝජනයක් කිරීමට අවස්ථාව ළඟාකර දෙයි. එදිනෙදා කටයුතු සාර්ථකව ඉටුවන අතර, ආදායම යහපත් අතට හැරේ. ගුප්ත විද්‍යා කටයුතු ගැන ඉගෙනීමෙහි යෙදීමට විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමටත්, සමහර විට ශල්‍යකර්මයකට භාජන වීමටත් ඉඩ ඇත. ගෙදරින් පිටව ගොස් දුර පළාතක රැකියාවක යෙදී සිටි අයට ගමට එන්නට අවස්ථාව උදාවෙයි. බලාපොරොත්තු රහිත අවුල් – වියැවුල් මතුවිය හැකි කාලයක් බැවින් නිතරම කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලාගත යුතුය. මිතුරන් සමගද අමනාපකම් ඇතිකර ගැනීමට ඉඩ තිබේ. පදිංචි ප්‍රදේශයේ කිහිපදෙනකු සමඟ එක්ව ආගමික කටයුත්තක් සඳහා යන දුරබැහැර ගමනක් යෙදේ. උගත් වැඩිහිටියන්ගෙන් ඔබට වටිනා අවවාද, අනුශාසනා ලැබෙන කාලයකි.

කුම්භ – ලාභ ප්‍රයෝජන
ජන්ම පත්‍රයේ අයස්ථානය වන 11 වැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම ඔබට සෑම අතකින්ම ලාභ ප්‍රයෝජන ලැබීමට හේතුවෙයි. ඔබ සතු දේපොළ ඉඩකඩම් ආදියෙන් වෙනදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමට හැකිවෙයි. ධනවත් වීමට අවස්ථාව සැලසෙයි. විභාගවලින් ජය ලබා ගැනීමට හැකි වන අතර, අලුතින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට හොඳ රැකියා ලැබෙන කාලයකි. උසස්වීම් ලැබීම ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්වීමද මේ කාලය තුළදී සිදුවෙයි. ශරීර සෞඛ්‍යය යහපත්ව පවතින කාලයකි. දිගු කලක් පැවැති අසනීපයක් සුවකර ගැනීමට අවශ්‍ය නියමිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට අවස්ථාව උදාවෙයි. අලුතින් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකිවන අතර, ඒ අයගෙන්ද ඔබට නොයෙකුත් උදවු උපකාර ලබාගත හැකිවෙයි. ගෙදරදොරේදීද, සමාජයේදීද නොඅඩුව සැලකිලි ලැබෙන කාලයකි. දේව භක්තිය, ගුරු භක්තිය, වැඩිහිටියන්ට සැලකීම වැනි කරුණුවලට මේ කාලය තුළදී ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව පෙනේ.

මීන – මුදල් හානි
ගුරු ග්‍රහයා ඔබගේ ජන්ම පත්‍රයේ 10 වැන්න හරහා ගමන් ගැනීම ඔබට මුදල් හානි ඇති වීමට හේතු වෙයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට තමන්ගේ වගා පාළු වීමක් මේ කාලයේදී දැකගත හැකිවෙයි. දියුණුව පිණිස ගන්නා උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනුයේ ඉතා අඩුවෙනි. ශරීර සෞඛ්‍යය අයහපත් අතට හැරෙන කාලයකි. විටින් විට සෙම් රෝග, රුධිර රෝග මතුවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. ස්ථාන වෙනසක් මේ කාලයේදී සිදවුවහොත් එයින් ඔබට අවාසිදායක තත්ත්වයක් උදාවිය හැකියි. තමන්ගේ තත්ත්වය පහත වැටීමට හේතුවන කරුණු සිදුවිය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ වන වයසේ සිටින මීන ලග්න හිමියන්ට මේ කාලය තුළදී ඇති වන විවාහ යෝජනා ඒ තරම් ප්‍රයෝජනවත් ඒවා නොවේ. රැවටිලිවලට හසුවීමේ ඉඩකඩක් පවතින කාලයකි.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න

Next Post

මෛත්‍රී මධ්‍යම කාරක සභාව කැදවයි: චන්ද්‍රිකා-‌‌වෙල්ගම පක්ෂයෙන් ‌නෙරපන්න යයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.