• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඩඩ්ලිටයි වෑගපිටියටයි මෙහෙමත් බයක්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 16, 2021
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ඩඩ්ලිටයි වෑගපිටියටයි මෙහෙමත් බයක්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

අවසන් ඇමෙරිකානුකාරයාත් ලංකාවෙන් පන්නනවා කියා 1960 සහ 65 ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ලෝකෙටම ඇහෙන්න කෑ මොර දුන්නේ ඇමෙරිකානු ෂෙල් ගෑස් කොම්පැනිය ජනසතු කරමිනි. මැතිනියගේ ඒ තීරණයෙන් ඇමෙරිකානු ආණ්ඩුව නොසන්සුන් වූ අතර ලංකාවට දෙන ආධාර වහාම කපා හරින්න තීරණය කරනු ලැබීය. මැතිනිය ඇමෙරිකානු ෂෙල් ගෑස් කොම්පැනිය ජනසතු කළේ ලංකාවේ ගෑස් සම්පත තියෙනවා යැයි උදම් අනමිනි. ඒත් බේතකටවත් ලංකාවෙන් ගෑස් සොයාගත නොහැකි විය. 1994 බලයට ආ මැතිනියගේ දුව, බණ්ඩාරනායක මැතිනිය ගෑස් ජනසතු කරන්න ගත් තීරණය කණපිට හැරෙව්වේ මැතිනිය අගමැති ධුරයේ සිටියදීමය. ඇය ජනසතු කළ ලංකා ගෑස් වික්කේ මැතිනිය පන්නපු ඇමෙරිකානු ෂෙල් සමාගමටය. ඇය ගෑස් පුද්ගලීකරණය කිරීමත් සමග වෑගපිටිය ගෑස් බිස්නස් එකට එන්නේ ලාෆ්ස් ගෑස් හරහාය. ඒ 2001දීය.

2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද සිය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුද්ගලීකරණය කරන ලද රාජ්‍ය ආයතන යළි රජයට පවරා ගන්න පොරොන්දු වෙයි. 2010දී මහින්දගේ ආණ්ඩුව මහින්ද චින්තනයට අනුව ෂෙල් ගෑස් සමාගම පන්නා ගෑස් යළි රජයට පවරා ගනු ලැබීය. රජයට පවරාගෙන ෂෙල් ගෑස් ලිට්රෝ ගෑස් නමින් නම් කළේය. මහින්ද බලයට එන කොටත් මෙරට ගෑස් ඒකාධිකාරය ෂෙල් ගෑස් සමාගම සතුව තිබූ අතර, වෑගපිටියගේ ලාෆ්ස් ගෑස් ෂෙල් ගෑස් සමාගමට තරගයක් දීමට දඟලමින් සිටියේය. මහින්දගේ ආණ්ඩුව ෂෙල් ගෑස් පවරා ගැනීමෙන් කරල පැහුණේ වෑගපිටියගේ ලාෆ්ස් ගෑස් සමාගමටය. ලංකාව පුරා විහිදීගත් දැවැන්ත අධිරාජ්‍යයක් වූ ෂෙල් ගෑස් සමාගම එලෙසම සාර්ථක ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යන්න ආණ්ඩුවේ ලිට්රෝ ගෑස් සමාගමට නොහැකි විය. ඇත්තටම චන්ද්‍රිකා ගෑස් යළි ෂෙල් සමාගමට දුන්නේ 1961 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ෂෙල් ගෑස් රජයට පවරා ගැනීමෙන් පසු ආණ්ඩු පාක්‍ෂිකයන්ට රස්සා දුන්නා මිස ව්‍යාපාරයක් කර නොතිබුණු නිසාය. 2010 මහින්දගේ ආණ්ඩුව ෂෙල් ගෑස් රජයට පවරාගෙන ලිට්රෝ ගෑස් සමාගම හැදුවේ ලංකාවේ ගෑස් සම්පත තියෙනවා කියමින් 1961 බණ්ඩාරනායක මැතිනිය කියපු සුරංගනා කතාවම කියමින්ය. ඒත් 1961 සිට යළි ගෑස් ෂෙල් සමාගමට විකුණන තෙක් හොයපු ගෑස් සම්පතක් නැත. යළිත් මහින්ද 2010 ගෑස් පවරාගෙන ලිට්රෝ ගෑස් සමාගම හදපු දින සිට හොයපු ගෑස් සම්පතක්ද නැත. එකම දේ වුණේ වෑගපිටියගේ ලාෆ්ස් ගෑස්, පෞද්ගලික අංශයේ ඒකාධිකාරය සියතට ගැනීමය.

2010 – 2015 මහින්දගේ ආණ්ඩු කාලයේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වුණත් ලාෆ්ස් ගෑස් සමාගමේ බලපෑම මත මහින්දගේ ආණ්ඩුව ගෑස් මිල අඩු කළේ නැත. 2014 මහින්දගේ පරාජයට ප්‍රධාන හේතුවක් වුණේ මේ ගෑස් මිලය. ෂෙල් ගෑස් සමාගමෙන් ගෑස් රජයට පවරා ගත් 2010 වන විට ගෑස් සිලින්ඩරයක මිල 1,447කි. 2013 වන විට ගෑස් මිල 2,369ක් විය. 2014 සැප්තැම්බර් 19 වෑගපිටිය ‘අද දෙරණ’ට විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ මහින්ද චින්තනයට අනුව ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත්කිරීමට සැලැසුම් කර ඇති බවත්, ලාෆ්ස් ගෑස් කොම්පැනිය එම ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්කරමින් එල්.පී. ගෑස් අනෙක් රටවලට ලංකාව හරහා සපයන්න සැලැසුම් කරන බවය. රාජපක්‍ෂවරු සහ ලාෆ්ස් ගෑස් සමග තිබුණු සම්බන්ධය සහ බැඳීම එතරම් ශක්තිමත් එකක් විය.

මහින්ද පරාජය වී මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට පත් වූ විට කළ පළමු කාර්ය වූයේ තෙල් සහ ගෑස් මිල අඩු කිරීමය. 2015 වර්ෂයේදී දෙවරක්ම ගෑස් මිල අඩු කළේය. 2015 වන විට ගෑස් මිල 1,345ක් විය. ඒ කියන්නේ රු. 1,000කින් පමණ ගෑස් මිල අඩු විය. මෙම මිල අඩු කිරීමට ගෑස් ඒකාධිකාරය පවත්වාගෙන ගිය ලාෆ්ස් ගෑස් කැමැති නොවීය. මේ වන විට මෛත්‍රි – රනිල් ආණ්ඩුව යටතේ ෂෙල් ගෑස් සමාගම යළි ලංකාවේ ගෑස් ව්‍යාපාරයට එක්වෙන්න කැමැත්ත පළ කරමින් සාකච්ඡාත් ආරම්භ කර තිබුණි. මෙයත් ලාෆ්ස් ගෑස් සමාගම ඉවසුවේ නැත. ගෑස් මිල අඩු කිරීමෙන් තමන්ට පාඩු බව ලාෆ්ස් ගෑස් කිහිප වරක්ම පවසා තිබුණි. වැඩි කලක් ගියේ නැත. 2017 අප්‍රේල් 22 සන්ඩේ ලීඩර් පත්තරේ අපූරු පුවතක් පළ විය. මහින්දගේ ගෝල්ෆේස් මැයි දින රැලියට ලංකාවේ ප්‍රකට ගෑස් සමාගම් හිමිකරුවෙක් අතිවිශාල මුදලක් දී ඇති බව එම පුවතින් සන්ඩේ ලීඩර් අනාවරණය කළේය. මේ වන විට ලංකාවේ තිබුණේ ආණ්ඩුවේ ලිට්රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම පමණි.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් මහින්දව යළි බලයට ගෙන එන්න රාජපක්‍ෂලාගේ කාලයේ හැදුණු වැඩුණු ව්‍යාපාරිකයන්ට ලොකු වුවමනාවක් තිබූ බව කාටවත් රහසක් නොවීය. මෙම ව්‍යාපාරිකයන් මෛත්‍රිපාල සිරිසේනට සම්බන්ධ කිරීමේ රාජකාරිය බාර ගත්තේ මෛත්‍රිගේ සොහොයුරු අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනය. මෛත්‍රි ලාෆ්ස් අධිපති වෑගපිටියව ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයටද පත් කළේය. මේ රාජපක්‍ෂවාදී ව්‍යාපාරික පන්තිය එතැන් සිට රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේම විවේචනය කරන්න ගත්තේ මෛත්‍රිපාලගේ ආශිර්වාදයෙන්ය. ඔවුන් මෛත්‍රිපාලට බල කළේ එක්කෝ මුදල් අමාත්‍යාංශය මෛත්‍රී යටතට ගන්න නැතිනම් රාජපක්‍ෂවරු සමග එක්වී ආණ්ඩුවක් හදන්න කියාය. රාජපක්‍ෂවාදී ව්‍යාපාරිකවරු ව්‍යාපාරික සම්මන්ත්‍රණ තියමින් රනිල්ගේ ආණ්ඩුවටත්, රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියටත් පහර ගහද්දී එයට රාජපක්‍ෂවාදී මාධ්‍ය උඩ පැන පැන මාධ්‍ය ආවරණය දුන්හ. ඔවුන්ගේ ව්‍යාපාරවලට රනිල්ගේ ආණ්ඩුවට අත තියන්න නොදෙන සහතිකය මෛත්‍රි දී තිබුණි.

ඩඩ්ලි සිරිසේනත් ප්‍රසිද්ධියේ තම සහෝදර මෛත්‍රීව ආරක්‍ෂා කරමින් රනිල්ගේ ආණ්ඩුව පතුරු ගහන්න පටන්ගත්තේය. ඔහු වරක් කීවේ කෝට්, ටයිකාරයන් ලෝක හොරු කියාය. 2019දී ඩඩ්ලි සිරිසේන මහ බැංකු හොරකම ගැන කියමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි හොරුන්ට ඡන්දය දෙන්න එපා කියාය. 2018 මෛත්‍රිපාල රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති කළ වෙලාවේ මහින්දගේ ආණ්ඩු කාලයේ රුසියානු තානාපති ධුරය දරා මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ චෝදනාවන්ට ලක්වූ මහින්දගේ ඥාති උදයංග වීරතුංග, සිය ෆේස්බුක් ගිණුමේ ඩඩ්ලි සිරිසේනගේ ඡායාරූපයක් පළකොට අපූරු සටහනක් යොදා තිබුණි. පහත දැක්වෙන්නේ එම සටහනය.

‘ඩඩ්ලි ඔබට සුබ උපන් දිනයක් වේවා..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂව අගමැති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයකු වන අරලිය සහල් පුද්ගලික සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතාට අපගේ ස්තුතිය…’

22.11.2018

අද ගෑස් මිල ලාෆ්ස් ගෑස් අධිපති වෑගපිටිය තීරණය කරන්නේත් හාල් මිල ඩඩ්ලි සිරිසේන තීරණය කරන්නේත් සර් එක්ක සෙල්ලම් බැහැ කීව 69 ලක්‍ෂය පැස්බරා මෙන් වැල්ලේ ඔළුව හංගාගෙන ඉන්නේත් ඇයිද කියන එක තෝරන්න තුන් තේරවිලි අවශ්‍ය නැත. 2021 තෙක් තෙල් මිල, ගෑස් මිල, සහල් මිල ප්‍රකාශයට පත්කළේ ජනාධිපති, මුදල් ඇමැති නැතිනම් ආණ්ඩුවය. ලංකා ඉතිහාසයේ පළමු වරට ගෑස් කොම්පැනිය ගෑස් මිල සූත්‍රය ප්‍රකාශයට පත්කරයි. හාල් ව්‍යාපාරිකයන් හාල් මිල ප්‍රකාශයට පත්කරයි. කිරිපිටි සමාගම් කිරිපිටි මිල ප්‍රකාශයට පත්කරයි.

‘එතකොට ආණ්ඩුව?’

ආණ්ඩුව කෑම දිරවාගන්න ව්‍යායාම කිරීම සඳහා ජොගින් පාත් හදයි.

‘මෙහෙමත් දුෂ්ටකමක්…’

මේ හෙඩිම 1980 ජේ.ආර්.ගේ ආණ්ඩුව ශත 80කින් පාන් මිල වැඩි කළාම ඇත්ත පත්තරේ කර්තෘ සිරා කතුවැකියට දමපු හෙඩිමය. පහත දැක්වෙන්නේ එම කතුවැකියෙන් උපුටාගත් සටහනකි.

මෙහෙමත් දුෂ්ටකමක්…!

මුන් දැන් මිල වැඩිකරන්නේ ‘පුළුවන් නම් හෙඩිං දමාපියව්’ කියා අපටම අභියෝග කරන්නට වාගේ යැයි ලාල් කීවේය. අභියෝගය පිළිගෙන කුලසිරි හෙඩිම දැමුවේය.

‘උතුමාණෙනි, දැන් ….පාන්.’

රාත්තල රු. 2.16යි…?’

‘පාඨකයෙනි, අපේ කන්තෝරුවේ ඇතුළත කතාබහකින් මෙය පටන්ගත්තාට සමාවුව මැනවි. ලාලුත්, කුලසිරිත් අපේ කර්තෘ මණ්ඩලයේ සගයෝ දෙදෙනෙකි. පාන් රාත්තලේ මිල රුපියල් 1.35 සිට රුපියල් 2.16 දක්වා වැඩිකරන්නට යන පුවතට මැයක් යොදා ගැනීමට ඇති වූ සාච්ඡාවේදී ඔවුන් දෙදෙනා කී කළ හරියයි, පටන්ගැන්මේදී දැක්වූයේ. අමාරු දේ දිරවා ගන්නට හාස්‍ය රසය උදවුවෙකි. අපට රසයක් ගෙන දුන් ඇතුළත සිද්ධියක් මෙසේ එළිපිට පළ කරන්නේ, අපේ පාඨකයනටද වැඩි මිල පාන් දිරවනු පහසු වනු පිණිසය.

ලාල් කීවා හරිය. මේ ආණ්ඩුව වරින් වර පාන් මිල වැඩි කළ හැම වතාවෙකම ‘පාන් කියාගන්නත් බෑ’ ‘පාන් නොකා පාන්’ ‘පුළුවන් නම් කාපාන්’ ආදී වශයෙන් අපේ නිර්මාණ ශක්තිය අන්තිමටම හෙම්බත් වන තෙක්ම නොයෙක් ජාතියේ වයිවාරන්න හෙඩිං දැමුවෙමු. උනුත් ඇරියේ නැත. හෙඩිං දමන හැටි බලන්නටමදෝ තව තව මිල නැංවිණි.
කුලසිරි කළාත් හරිය. පුවතට මැය යොදනවා මිස වෙන මොනවාද? දැන්නම් ‘උතුමාණෙනි, …..පාන් තමා!’

ඉවක් බවක් නැතිව හිතක් පපුවක් නැතිව, මිනිසුන් කොහොම කනවාද, කොහොම ජීවත් වෙනවාද යනු යන්තමකට සලකන්නේ නැතුව, කඩුව අතට ගත් පිස්සකු ලෙසින් හැසිරෙමින් මේ දුෂ්ටයන් එක දිගට කපාගෙන කපාගෙන මිල ඉහළ නංවාගෙන නංවාගෙන යන විට එක් අවස්ථාවෙක කන්නේ තොපේ කැවුතුදැයි අසන්නට අපට සිදුවිය. එයින් පළ වූයේ ඒ අවස්ථාවේදී නැති බැරි මිනිසා තුළ ඇතිවී තිබුණු දැවෙන සාධාරණ කෝපයයි. එතැනදී මිටියාගොඩ කියන අර කහකඩයා අපට විරුද්ධ පෝස්ටරයක් ගසන්නට කැසපට ගසාගෙන ගිය හැටි අපට මතකයි. දැන් අපි ආයෙත් උන් සියලු දෙනාගෙන් අසමු. තොපට නම් කන්නත් ඇත. බොන්නත් ඇත. දුප්පතා කන්නේ තොපේ කැවුතු නැත්නම් රීරිමාංශද? ඒකටත් උත්තර දෙන්නට පෝස්ටරයක් ගසාපියවු. අධර්මිෂ්ට දුෂ්ට පාපිෂ්ට හැත්ත…!

සිරාගේ මේ කතුවැකිය අදටත් හොඳට ගැළපෙනවා නොවේද?

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කාබනික පොහොර PART 2 මග එනවා! නොරොච්චෝලේ වහන්න තීන්දුවක්!

Next Post

සජබෙ මන්ත්‍රීවරු 9ක් ඉල්ලා අස්වෙන්න සූදානමින්! නලින් – මයන්තත් ඒ අතර!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.