ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සියලු පළාත් සභාවන්හි මහ ඇමැති ධුරයන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
ඒ අනුව වයඹින් ඉදිරිපත් වීමට නලින් බණ්ඩාර මහතාත්, මධ්‍යමින් ඉදිරිපත් වීමට මයන්ත දිසානායක මහතාත් දැනටමත් එකඟතාව පළකොට ඇත.
පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහාම මේ සියලු දෙනා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










