චීනය මගින් ඉදිකරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වහාම වසා දමන ලෙසට ජනාධිපතිවරයා විසින් දැනුම්දීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ඇමෙරිකාවේදී අස්සන් තබනු ලැබූ දේශගුණික විපර්යාස ගිවිසුමට අනුව යමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට මුල්තැන ලබාදීම අරමුණු කොට ගෙන මෙම බලාගාරය වසාදැමීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට දැනටමත් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සිය විරෝධය පළකර ඇති බවද දැනගන්නට තිබේ.










