කොරෝනා සහ ක්‍ෂය රෝගය වාතයෙන් පැතිරීම වැළැක්වීමේ සනීපාරක්‍ෂක තාක්‍ෂණික උපදේශන ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ වැඩ සටහනක් ඉන්දියාව සහ එංගලන්තය ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විද්‍යා ආයතනය සහ චෙන්නායි හි වෙල්ලෝර් තාක්‍ෂණික විදා්‍යා ආයතනය යන ආයතන දෙක එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විදා්‍යාලය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මේ හඳුන්වාදීම විශේෂයෙන්ම රෝහල් සහ කාර්යාල පරිශ්‍ර ඇතුළත පවත්නා වාතය පිරිපහදු කිරීමේ අරමුණු කර ගත්තක් බව පැවසේ.
ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයෙන් හාර ලක්‍ෂයකට(4,00,000) සහ ක්‍ෂය රෝගයෙන් හාර ලක්‍ෂ පනස් දහකට (4,50,000)අධික පිරිසක් 2019 වර්ෂයේ දී මියගොස් ඇතැයි වාර්ථා වේ.
ව්‍යාපෘතිය පලදායී වුවහොත් ඉන්දියාව අවට රටවල් සියල්ලම ආරක්‍ෂා වන බවට ඉලක්ක කර ඇති අතර ඉන්දියාවේ පමණක් දස කෝටියක (10,00,00,000) තරම් පිරිසකට යහපතක් එමගින් අත්වෙන බව පැවසේ.
අල්ට්‍රාවයලට් සී විකීරණය යොදවා අවට වාතය පිරිපහදු කිරීම තාක්‍ෂණ සිද්ධාන්තය වේ.එමගින් වාතයෙන් පැතිරයන වෛරස් සහ රෝගකාරක විනාශර දැමීම අපේක්‍ෂිතය.
“අපේ අරමුණ නිරන්තරයෙන්ම සමාජයීය ගැටළු විසඳීම උදෙසා කට යුතු කිරීමයි” ව්‍යාපෘති සම්බන්ධිකාරක වශයෙන් කරයුතු කරන ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විදා්‍යා ආයතනයේ සාගර ඉංජිනේරු දෙපාර්ථමේන්තුවේ මහාචාර්ය අබ්දුස් සමාඩ් පවසයි.
“කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තුවේ දී රට අගුල් දැමූවිට අප මහත් තුෂ්ණිම්භූතභාවයකට පත් වුණා.වාතයෙන් පැතිරයන වෛරසය නිසා මානව ප්‍රජාව විඳින වේදනාවෙන් සහ පත්වන ආතතියෙන් ඔවුන් මුදවා ගන්නේ කෙසේ ද?යන්න ගැන අප පර්යේෂකයන් වශයෙන් දිවා රෑ කල්පනා කළා.
ඔන්න ඔය අතරෙදි එක්සත් රාජධානියේ රාජකීය ඉංජිනේරු අධ්‍යයන ආයතනය මේ වසංගත තත්වයෙන් මිදීම සඳහා කෙරෙන පර්යේෂණවලට අරමුදල් යෙදවීමට සූදානම් බවට කෙරුණු ජාත්‍යන්තර නිවේදනය අපට ලැබුණා.
ඒ අනුව වාතයේ පවත්නා ජීවානුහරණය පිළිබඳව අපි වහාම පර්යේෂණ ආරම්භ කළා.වාතය පිරිසිදුකිරීමේ සිද්ධාන්තය සම්බන්ධ මතය පොදු ප්‍රචලිත එකක්.එහෙත් ඒ ගැන නිස්චිත තක්‍ෂණික ක්‍රමවේදයක් අනාවණය කරගෙන නැහැ.ඒ නිසා ඒ ගැන මහජනතාවගේ විශ්වාසයකුත් නැහැ.තිබුණේ ව්‍යාකූලත්වයක් විතරයි.
අප මේ ඔස්සේ සිද්ධාන්තමය සහ ප්‍රායෝගික යන දෙආකාරයෙන්ම පර්යේෂණ පැවැත් වුවා. අන්තිමේ දි අපට පාරිභෝගික හිතකාමී ක්‍රමවේදය සොයා ගැනීමට හැකිවුණා”යැයි මහාචාර්ය අබ්දුස් සමාඩ් වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
වායු පිරි පහදුව හෙවත් වෛරස් සහ රෝගකාරක ජීවානුහරණයෙන් මහජන යහපත උදෙසා විශ්වසනීය නිෂ්පාදනයක් වෙළෙඳපොළෙන් ලබා ගැනීමට හැකිවීම මෙමගින් අත්වන ප්‍රතිලාභයයි.වෛරස් නාශනයට සහ ක්‍ෂය රෝගය සමාජයෙන් තුරන් කිරීමට මුළුලෝකයටම අත් වන මාහැඟි වාසනාව ප්‍රධානම අද්විතීය කරුණයි.ඊට සමගාමීව ම ලක්‍ෂ ගණනාවකට රැකියා අවස්ථා මතුවීම විරැකියාවට ද විසඳුමකි.
“මේවන විට අප මේ හා සම්බන්ධ නියාමන ක්‍රමවේදයක් පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා” .යැයි වෙල්ලෝර් තාක්‍ෂණ විදා්‍යා ආයතනයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන දෙපාර්තමේන්තුවේ මහාචාරිනී නිත්‍යා වෙන්කටේසන් කියන්නීය.
“වායු පාරිශුද්ධතාවයට පාදක වන වායු සමනය කිරිමාදි උපාංග රැසක් ද හඳුන්වා දිය යුතු අතරම ඒවා භාවිතා කරන අන්දම ගැන ද මහජන සුරක්‍ෂිතතාව සහ මහජන විශ්වසනීයත්වය තහවුරුවන අන්දමේ උපදේශන මාලාවක් ගැන ද සොයා බැලෙනවා”
වායු සැපයුම,ජීවානුහරණය දියරමය වශයෙන්ද,දුරස්ථභාවය ආදි කරුණු පිළිබඳවද සැලකිලිමත්විය යුතු බව අවධාරණය කරන මහාචාර්යවරිය මෙ මගින් ඉන්දියාවේ අධි ජනාකීර්ණ නගරවලට සේම කර්මාන්ත ප්‍රදේශවලටද සැලසෙන සෙත අප්‍රමාණවන බව ද විස්තර කළාය. පර්යේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් දෙවසරක(2021-2023) කාල නිර්ණනයක් වෙන්කර ඇති එංගලන්තයේ රාජකීය ඉංජිනේරු අධ්‍යයන අංශය ඒ සඳහා සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදනය පවුම් අසූ දහසකි(80,000). “ව්‍යාපෘතියේ කාර්ය සාධනය කර ගැනීම උදෙසා විවිධ ක්‍ෂේත්‍රවල විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට සිදු වුණා”යැයි ව්‍යාපෘතියේ හවුල්කාර පක්‍ෂය වන එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය එල්ඩඩ් එවිටල් කීය.
මානව සංහතියේ විශිෂ්ඨ ජයග්‍රහණයක් උදෙසා වූ මෙහෙය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික්,විදුලි,ක්‍ෂද්‍රජීවී සහ දියර පද්ධති සැලසුම්කරුවන් ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක විශේෂඥයන් පිරිසකගේ කැපවීම සුළුපටු නොවන්නක්“බව ද ආචාර්යවරයා පැවසීය.
චන්ද්‍රසේන මාරසිංහ











