DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ. COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පවුල්වලට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික ගැටලුවලට සහනයක් ලෙස මෙම සේවාව පුළුල් කිරීමට බැංකුව තීරණය කර ඇත.
මෙම උකස් සේවාව යටතේ, වයස අවුරුදු 18ට වැඩි සහ තමන් සතු භාණ්ඩවල හිමිකාරීත්වය තහවුරු කිරීමේ හැකියාව සහිත ඕනෑම කෙනකුට රන් භාණ්ඩ උකස් තබා මුදල් ලබාගත හැකි වේ. කැරට් 18 සිට 24 දක්වා රන් භාණ්ඩ මෙම සේවාව සඳහා භාරගැනෙන අතර, නවීනතම උපකරණ භාවිතයෙන් එම රත්‍රන් තක්සේරුවට ලක්කෙරේ. කැරට් 24 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 82,000ක්ද, කැරට් 22 සඳහා අත්තිකාරම් වටිනාකම රු.68,000ක්ද වන අතර, මාසික පොලිය 0.75%කි. මෙම රන් ණය පහසුකම් ලබාගන්නා පුද්ගලයන්ට තම හැකියාව අනුව අදාළ මුදල ආපසු ගෙවීම සඳහා මාස 12ක් දක්වා කාලයක් හිමි වේ.
තවද තරගකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදලක් හිමිවීම, රහස්‍යභාවය සහ රන් භාණ්ඩවල ආරක්ෂාව සහතික වීම, නම්‍යශීලී ගෙවීම් පහසුකම්, අවශ්‍ය අවස්ථාවලදී සහ පූර්ව දැනුම් දීමකින් තොරව රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව යනාදී තවත් වාසි රැසක්ද DFCC බැංකුව සිය රන් වරම උකස් සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇත.