• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි

October 27, 2019
in CID, Exclusive
Reading Time: 2 mins read
A A
දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි
Share on WhatsAppShare on Facebook

මැතිවරණ උණුසුම අස්සේ නැවතත් ත්‍රස්ත භීතියක් ඇතිකරමින් ජනාධිපතිවරණයේ ජනමතය වෙනස් කිරීමට කෙරෙන සැලසුම්සහගත තවත් එක් වැඩපිළිවෙළක් පුපුරා යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඒ, මාතර පාසල්වලට සැලසුම්සහගතව ලිපියක් යවා මවුපියන් කලබල කරමින් රට ඇවිස්සීමක් ගැන සමරවීර මහතා රටට හෙළිකිරීමත් සමඟිනි. එම හෙළිදරව්ව නොකරන්නට අද වන විට රටේම පාසල් පද්ධතිය තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තිබුණු තැනය. කුමන්ත්‍රණකරුවන්ට අවැසි වූයේද එයය. ඒ බිය උපදවා ඡන්ද ගොඩ වැඩිකර ගන්නටය.
ප්‍රහාරයක් එල්ලවන බවට වූ එම ලිපිය පාසල්වලට යොමුකරන්නේ මාතර කලාප අධ්‍යාපන කාර්යාලය විසිනි. ඒ, මැතිවරණ සමයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙතැයි සැකයක් ඇතිකරමිනි. එම ලිපිය මාතර කලාප අධ්‍යාපන කාර්යාලය පාසල්වලට යොමුකරන්නේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඉකුත් අප්‍රේල් 23 වැනිදා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යොමුකරන ලද ලිපියක් පදනම් කරගනිමිනි.

බොරු බෝම්බ බියක් මේ ආකාරයට පතුරුවා මවුපියන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිකර මේ කරන්නට හැදූ දේශපාලන කුමන්ත්‍රණය ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර හමාරය. ඒ, මංගල සමරවීර ඇමැතිවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.
මට්ටක්කුලියේ පාසලක් අසල කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තැබූ මෝටර් රථයක් මුල් කරගෙන බෝම්බ බියක් ඇතිකරනු ලැබුවේද මේ ආකාරයට රට ඇවිස්සීමටය. ඒ පිටුපසද තිබුණේ සැලසුම්සහගත ක්‍රියාවලියකි. එදා මුළු කොළඹම පිහිටි පාසල් භීතියෙන් ඇලලී ගොස් තිබුණේ මට්ටක්කුලියේ කාර්මික දෝෂයට ලක්වුණු මෝටර් රථය පදනම් කරගෙන පාසල් දරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලකිරීමට බෝම්බ ඇටවූ මෝටර් රථයක් පාසලක් ඉදිරිපිට නතරකර තිබී හමුවූ බවට පැතිර ගිය කටකතාවත් සමගිනි. එම කටකතාව පැතිර ගියේ යැයි කීවාට පැතිරවූවකි. ඒත් එක්කම කොළඹ පාසල් ගේට්ටු ඉදිරිපිටට මවුවරු දිව ආවේ ඇඳිවතිනි. එසේ පැමිණි ඔවුන් කලබලකරමින් ඉල්ලා සිටියේ සිය දරුවන්ව නිවෙස්වලට රැගෙන යෑමටය.
එම කටකතාවට ජනතාව රැවටෙන්නේ පාස්කු ඉරිදා පුපුරාගිය බෝම්බවල දෝංකාරය ඒ අයගේ සිත් තුළ කාවැදී තිබුණාට වඩා මැල්කම් රංජිත් කාදිනල් හිමියන් නැවත බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමක් ගැන කර තිබුණු ප්‍රකාශයකි. උන්වහන්සේ පුන පුනා ඒ බව කියන්නට වූයේ එය විදෙස් රටකින් තමන් වහන්සේට ලද තොරතුරක් බවයි. බුද්ධි අංශ පවා නොදත් ඒ ප්‍රහාරය ගැන අඩුම තරමින් කාදිනල් හිමියන්ට පැහැදිලි කිරීමක් පවා නොවීය. උන්වහන්සේට අවැසි වූයේ පාසල් වසාදමන්නට දැයි කියන්න දන්නේ නැත. පල්ලිවල දේව මෙහෙයන් නතර කරන්නට දැයි කියන්න දන්නේද නැත. ඒ තුළින් උන්වහන්සේ උත්සාහ දැරුවේ භීතිය මවා තමන්ට අවැසි පාලකයෙක්ට ඡන්ද ගොඩ වැඩිකර දීමදැයි යන්න පිළිබඳ ඇත්තේ සැබැවින්ම ගැටලුවකි. ආණ්ඩුවට ගෙදර යන්නට යැයි උන්වහන්සේ කියන්නේද ඒ නිසා වන්නට පුළුවන. දේශපාලනය නොකරන්නේ යැයි කියමින් උන්වහන්සේද මේ කරන්නේ අපේ රටේ බොහෝ භික්ෂුන් වහන්සේලා කරන සෙල්ලම බව දැන් පැහැදිලිය.
පලෙයි රෝහල් වෛද්‍යවරයාද අල්ලාගෙන මැව්වේ බිල්ලෙකි. ඒ, කොටි ත්‍රස්තවාදය නැවත හිස ඔසවනවා යැයි ජනමතයක් ගොඩනඟන්නටය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලින් ඒ බිල්ලා ‘මැවූ බිල්ලෙක්’ බව මෙන්ම බිල්ලා පිටුපස සිටින්නේ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ කිහිප දෙනකු බව හෙළිවීමත් සමග නැවතත් බිල්ලෙක් එළියට දාන්නේ සේරුනුවරිනි. ඒ, කරුණා අම්මාන්ව මරාදමන්නට සූදානමින් සිටි බව කියමිනි. එයද කටකතා මගින් මැවූ බිල්ලෙක් බව හෙළිවන්නේ ඒ බිල්ලාත් හමුදාවේ ඔත්තුකරුවකු බව හෙළිවන බැවිනි. සියල්ල සිදුවන්නේ සැලසුම්සහගතවය. දැන් අලුත්ම බිල්ලා මවන්නේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් සූදානමින් සිටින බව කියමිනි. හෙට අනිද්දා මැතිවරණ වේදිකාවක් අසලින් බෝම්බ ඇඳුම් කට්ටලයක් හෝ කරුණා අම්මාන් ඝාතනය කිරීමට සූදානමින් සිටියේ යැයි කියා හමුදාව අල්ලා දුන් ආකාරයේ හිටපු කොටි සාමාජිකයකු අල්ලා පොලීසියට භාරදුනහොත් පුදුම වියයුතු නැත.

මුස්ලිම් විරෝධයේ උපත ගැන මහේෂ් පළමුවරට කතා කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයන් එල්ලවන විට හමුදාපති ධුරයේ රැඳී සිටියේ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායකය. එදා ඇත්තටම සිදුවූයේ කුමක්දැයි කියන්නට දන්නා අතලොස්සක් අතර ඔහුද සිටින්නේය. ඒ ගැන ඔහු දැන් කට ඇර ඇත්තේ මුස්ලිම් විරෝධී රැල්ල කාගේ වැඩක්දැයි නොකියා කියමිනි. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිරවූ මුස්ලිම් විරෝධය දැන් නැත්තේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරන්නේ ගෝඨාභය ජනපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමත් සමග තාවකාලිකව එය නතර වී ඇති බව කියමිනි. එය නතරවී ඇත්තේ මුස්ලිම් විරෝධයක් ඇතිකිරීමට වඩා එම ක්‍රියාවලියේ සිටින්නන්ට ගෝඨාභය දිනවීමට වැඩකිරීමට ඇති නිසා බව යැයිද ඔහු නොකියා කියන්නේය.
“ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව කලක පටන් වෛරී ප්‍රකාශන, තර්ජන ගර්ජන, අනතුරුඇඟවීම් එල්ලවෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අගෝස්තු වෙනකම් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලවල පැයෙන් පැයට විනාඩි පහළොවෙන් පහළොවට මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශ නිකුත් වුණා. ඉතාම පහත් මෙන්ම අපහාසකාරී ලෙසයි මුස්ලිම් ජනතාව එම ප්‍රකාශ මඟින් අමතල තිබුණේ. දැන් ඒ සෑම සමාජ ජාල ගිණුමක්ම නිහඬයි. ලබන 16 වැනිදායින් පස්සේ බලන්නකො. නැවත ඒ දේ පටන් ගන්නව. දැන් පැහැදිලියිනේ වෙන දේ. බලය වෙනුවෙන් රටේ සමගිය පවා මේ අය වනසන්නයි යන්නේ” ඒ ජෙනරාල් මහේෂ් සේනානායකගේ හඬය. ඔහු මේ දේවල් කියන්නේ කටට ආපු පලියට නොව, හමුදාපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී රැස්කරගත් තොරතුරු පදනම්කරගෙනය.
මේ අතර රටේ වර්ජන රැල්ලක් ඇතිකිරීමේ සැලසුමක්ද මේ වන විට ක්‍රියාත්මකය. මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුවන එම වර්ජන රැල්ලේ ආරම්භක පියවර තබන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඉකුත් 24 වැනිදා කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් පවත්වමිනි. ඒ අයගේ ඉල්ලීම මහපොළ ශිෂ්‍යාධාර වැඩිකරන ලෙසය. ඔවුන් මේ ආකාරයට උද්ඝෝෂණයක් කරන්නේද මැතිවරණ සමයකදී එම ඉල්ලීම ලබාදීමට නොහැකි බව දැනගෙනය. මෙහිදී පොලීසිය මේ ශිෂ්‍යයන්ට කදුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ලකරමින් විසුරුවා හැරියා පමණක් නොව, මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් උද්ඝෝෂණ කළ වරදට 40 දෙනකු පමණ අත්අඩංගුවටද ගත්තේය. ඒ අයගෙන් 26 දෙනකු භාරකෙරෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයටය. මැතිවරණ නීතිය උද්ඝෝෂකයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව වන්නේත් මෙයය. මෙම සිසුන් මැතිවරණ පනතට අනුව අධිකරණයට ඉදිරිපත් කර වරදකරුවන් වුවහොත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය පවා අහිමිවීමට ඇති ඉඩකඩ වැඩිය.
මේ වන විට මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් මැතිවරණ කොමිසමට ලැබී ඇත. ඒ පැමිණිලිවලින් වැඩි හරියක්ම ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්ය. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සියයට 01ක් වත් නැති තරම්ය. වෙනත් මැතිවරණ හා සැසඳීමේදී නම් මෙවර ජනාධිපතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරය.
මේ අතර ඇමැති රවුෆ් හකීම්ට විපක්ෂය වටකර පහරදෙන්නේ සහරාන් හෂීම් සමග ඔහුගේ සම්බන්ධයක් පැවැති බව සඳහන් කරමිනි. ඒ, සහරාන් සමග ඔහු එකට සිටින ඡයාරූපයක්ද මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමිනි. රවුෆ් හකීම් ඇමැතිවරයා පවසන්නේ ඒ සහරාන් බව තමා නොදැන සිටි බවය. එම ඡයාරූපයේ සහරාන් සමග තවත් කිහිප දෙනකු සිටින අතර තවත් ඡයාරූපයකින් කියැවෙන්නේ සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් තුවාල ලබා රෝහල්ගතව සිටියදී ඔහුගේ දුක සැප විමසීමටද රවුෆ් හකීම් ඇමැතිවරයා රෝහලට ගොස් ඇති බවය. රිල්වාන් යනු මරාගෙන මැරුණු ත්‍රස්තවාදියෙකි. රවුෆ් හකීම් ඇමැතිවරයා ඔහුගේ සුවදුක් බලන්නට යන්නේ බෝම්බයක් සකස් කරන්නට ගොස් ඔහුගේ අතකට සහ ඇසකට දරුණු ලෙස තුවාලවී සිටින අවස්ථාවකය. ඔහු එම බෝම්බය සකස් කරන්නට ගොස් අතක ඇඟිලි සහ ඇසක් අහිමි කරමින් එය පුපුරා යන්නේ කාත්තන්කුඩියේදීය. ප්‍රතිකාර සඳහා ඔහු කෙළින්ම රැගෙන එන්නේ කොළඹටය. ඒ, බොරැල්ලේ කොටා පාරේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකටය. එහි හිමිකාර වෛද්‍යවරයා මුස්ලිම්වරයෙකි. එහිදී රිල්වාන්ට ප්‍රතිකාර දෙන්නේ හොර රහසේය. මාසයකට කිට්ටු කාලයක් එම රෝහලේ නතරකර තබාගෙන ප්‍රතිකාර කර ඔහුව මාරුකර යවන්නේ කොළඹ ජාතික රෝහලටය. ඒ, ගෑස් ටැංකියක පිපුරුමකින් සිදුවූ තුවාලයක් බව කියමිනි. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පවා හෙළිවුවත් අදාළ පෞද්ගලික රෝහලට හෝ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට හෝ හිමිකාර වෛද්‍යවරයාට එරෙහිව කිසිදු පියවරක් නොගත්තේ ඇයිදැයි යන්න පිළිබඳ අදටත් ඇත්තේ ප්‍රශ්නගත තත්ත්වයකි. කෙසේ වෙතත් ඒ කතාව වෙනම එකකි. මෙහිදී රවුෆ් හකීම් ඇමැතිවරයා පවසන්නේ තමා අහඹු ලෙස එදා රෝහලට ගොස් රිල්වාන්ව මුණගැසුණු බවකි. ඔහු පවසන්නේ තමා රෝහලට ගියේ ගැබිනි මවකගේ සුවදුක් බැලීමට බවකි. එහෙත් එහි ඇති ප්‍රශ්නය නම් පිරිමි වාට්ටුවක ගැබිනි මවක් සිටින්නේ මොන රෝහලේදැයි කියාය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල

Next Post

ජපන් ගිය ‌මෛත්‍රී සිංගප්පූරුවෙන් මතුවෙයි

MORE NEWS

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.