• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු

October 27, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු
Share on WhatsAppShare on Facebook

කෙසෙල්වත්ත පැත්තට නිකම්ම රස්තියාදුකාරයෙක් විදියට රිංගපුවම ඕනෙ හයිරංකාරයෙක් එක්ක කතාබහ කිරිල්ල අමාරු නෑ. මොකද අදත් මේ පාරවල්වලට ආගිය අතේ මිනිස්සු කඩාගෙන වැටෙනවා. මේ මිනිස්සු කවුද කින්ද මන්ද නොදැන ඕනෑ එකෙක්ව භාරගන්නවා.
“ප්‍රේමදාස මහත්තයටත් වුණේ ඒක…”
මේ මිනිස්සු එහෙම කියනවා. ඒක ඇත්ත. එදා බාබු ගුණසිංහපුරේ ලැගුම් ගන්නකොට ඔහු ගැන හරි විස්තරයක් හොයන්න කවුරුවත් සමර්ත වෙන්නෙ නෑ. නාඳුනන බාබු අවුරුද්දක් යනකොට ගුණසිංහපුරේ සත්තු සීපාවො පවා අල්ලනවා. බල්ලෙක්වත් බාබුට බුරන්නෙ නෑ. හැබැයි බාබු ඩිංග ඩිංග එකතු කරපු යාළු මිත්‍රකම් ඔක්කොම එකපාර පුපුරවා ගත්තා. නොදන්නා මහ පොළොවක් ගැන කිහිපදෙනෙක් ගොතපු හීනෙකට බාබු අහුවුණා. එදා ආර්. ප්‍රේමදාස කියන අපූරු මනුස්සයා එක්ක තව බොහොම දෙනෙක් මියගියා.
“එහෙම වුණා නං, යූ.ඇන්.පී. එකට මේ වෙලා තියෙන දේ වෙන්නෙ නෑ” කියල කිව්වෙ සුචරිතේ කිට්ටුව තැනක ප්ලේන්ටියක් බොද්දි හම්බවුණු කෙනෙක්.
“මම වැඩකරන්නෙ නගර සභාවෙ…”
කිව්ව නිසා වැඩි විස්තර ඇහුවෙ නෑ. හැබැයි එයා ලොකු කතාවක් කෙටි කරලා කිව්වා. ඒ කතාව අස්සෙ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස වගේම එතැන් සිට මේ දක්වා හිටපු හැම එක්සත් ජාතික පක්ෂ නායකයෙක්ම ඉන්නවා වගේ පෙනුණා.
“තමන්ගෙ ගෑනිව සතුටු කරන්න මිනිහට බැරි නම්, උවමනාවක් නැත්තං ඒ ගෑනි වරදක් කළාම බැණලා ගහලා වැඩක් නෑ. ඒ වගේම තමයි පාක්ෂිකයත්. පක්ෂෙ නායකයො පාක්ෂිකයො සතුටෙන් තියන්න වැඩ නොකරනවා නම්, පාක්ෂිකයො එයාලව අතාරිනවා. ඒකට දොස් කියලා වැඩක් නෑ…”
රස්සාව ඇපල් තට්ටුවක වුණාට මිනිස්සු දාර්ශනිකයි. කතාකරනවා ලස්සනයි. හැබැයි මේවා දේශපාලකයන්ට පාඩම්. දේශපාලකයො ඔළුවෙන් ලොකු වැඩක් නොගන්නවා වුණාට මිනිස්සු කර කර ඉන්න රස්සා ආස හිතෙනවා. ඒ නිසා මනපෙ අමනාපෙ අතර පරතරය පියවෙනවා. එහෙම වුණාම සමහරු පරදිනවා, සමහරු දිනනවා.
“ප්‍රේමදාස කියන්නෙ දෙයියොනෙ. එයාට අපි ආදරේ කරනවා…”
කියන එක කෙහෙල්වත්තෙ සමහර මිනිස්සු තවම කියනවා. ඒක බොරුවට කියන එකක් නොවෙන්නෙ මම පත්තරකාරයෙක් විදියට ඔවුන් අතරට නොයන හින්දා. මේ හැම කතාබහක්ම වෙන්නෙ ඔහේ පාරවල් ගානෙ ඇවිදින අතරෙ. එහෙම නැතුව මගේ රාජකාරි හැඳුනුම්පත පෙන්නලා අහපු කතා නෙවෙයි. මේ කිසිම එකක් එහෙම අහපු ප්‍රශ්නත් නෙමේ.
“මේ වත්ත මනුස්ස වාසයක් කරපු මනුස්සයව අපි අමතක කරන්නෙ නෑ…”
කියන මිනිස්සු කෙසෙල්වත්තෙ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒ හැමෝම අවුරුදු හතළිස් පහකටත් වැඩි මිනිස්සු. එයාලා මේ දේශපාලනයේ දිග පළල එක්දහස්නවසිය අනූහතරට එහා දන්න අය. ඒ නිසා සමහර වචනවල අපිට පේනවට වඩා දුරක් තියෙනවා.
“ඒ මනුස්සයව මරන්න ඔය කාට කාටත් උවමනාව තියෙන්න ඇති. එදා රනිල් ඉඳලා මොළේ කල්පනා කරලා කරපු වැඩ ටිකෙන් තමයි යන්තමට රට බේරුණේ. එහෙම නොවුණා නම් ලොකු කුමන්ත්‍රණයක් වෙන්න ඉඩ තිබ්බා”
අපිට සක්කි හෝ ඔප්පු කළ හැකි වෙන කිසිම කරුණක් කාරණාවක් නැතිව කිසිම කෙනෙක්ගෙ නමක් ගමක් ඉදිරිපත් කරන්න බෑ. එහෙම කරන එක සදාචාරාත්මක නෑ.

“හරි මෙදා මොකද වෙන්නෙ?”
අපි කෙළින්ම කතාවට බැස්සා. මේ වතාවෙ ඡන්දදායකයන් එක්ලක්ෂ විසිපන්දාස් තුන්සිය තිස්පහක් මැදකොළඹ වෙනුවෙන් තමන්ගෙ ඡන්දය ප්‍රකාශ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ කලින් වතාවෙ හිටපු ලියාපදිංචි ඡන්ද දායකයො එක්ලක්ෂ තිස්එක්දාස් හාරසිය අසූදෙකට වඩා අඩු ප්‍රමාණයක්. මේ අඩුවීම සැලකියයුතු අඩුවීමක්. ඒ හයදාස් එකසිය හතළිස් නවයක අඩුවීමක්.
ඒ අඩුවීම බලපාන්නෙ අවසාන ප්‍රතිඵලයට. මීට සාපේක්ෂව හෝමාගම, කඩුවෙල, මහරගම වගේ ආසනවල ලියාපදිංචි ඡන්ද වැඩිවෙන එකත් එක්ක ඒක ප්‍රශ්නය වේවි. කාටද කොහොමද කියන එක ඔබට අවසාන ප්‍රතිඵලයත් එක්ක ගළපා ගන්න පමාවෙන්න.
“මේ ගංවල මිනිස්සු රූස්ස ගස් වගේ වුණාට මෙහෙ මුල් නෑ. ඉක්මනට ගැළවෙනවා.”
කොළඹ කතාව ඒ වගේ. මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. හැබැයි කෙසෙල්වත්තෙ ඡන්ද ප්‍රතිඵලය බොහෝම කාලයක් තිස්සෙ වෙනස් වෙන්නෙ නෑ.
“මේ පාරත් මැද කොළඹ දිනන්නෙ සජිත්”
ඒක මේ මිනිස්සු කියන්න දෙයක් නෑ. අපිටත් කැට තියලා කියන්න පුළුවන් මෙදා මැද කොළඹ දිනන්නෙත් එජාපය ප්‍රමුඛ පිල. හැබැයි ඒ වැඩි ඡන්ද කීයකින්ද කියන එක බොහොම තීරණාත්මකයි.
“මේ කොළඹ මිනිස්සුන්ට අගමුල මතක නෑ. ප්‍රේමදාස මහත්තයා මැරුණෙත් යුද්ධෙ නිසා. යුද්ධෙ ඉවර කළේ මහින්ද මහත්තයා. නැත්තං අපි එළියට බහින්නෙ මැරෙන්නෙ කොයි වෙලේද නොදැන.
මෙහෙ යාපනේට වඩා භයානකයි. මිනිස්සු ඉස්සර කොළඹ ඇවිල්ලා ගෙදර යන්නෙ පණ ගැහි ගැහී. අපි කොළඹ ඉන්නෙ පණ ගැහි ගැහී. යුද්දෙ ඉවර කළේ ඒ මනුස්සයා…”
කියලා සංවේදි වෙච්ච මිනිහෙක් එතැනින් එහාට කතා කළේ නෑ. හැබැයි,
“ගෝඨාභය මහත්තයා කොළඹ ලස්සන කළා”
කියලා කියන එක මිනිහෙක් අපිට කෙසෙල්වත්තෙදි හම්බවුණේ නෑ. ඒක එහෙමයි කියලා කොළඹ මිනිස්සු ඒ ගැන කතා නොකරනවාය කියලා අයින් කරන්න බෑ. හැබැයි මෙහෙ මිනිස්සු ඒ ගැන කතාකරන්නෙ නෑ.
“ලංකාවෙ නායකයො හැදුණෙ වලව් පැලැන්තියෙන්. ඩී.එස්.ලා, ඩඞ්ලිලා, බණ්ඩාරනායකලා ඔක්කොම කළේ වලව්වෙවෙන් වලව්වට බලය මාරුකරගත්ත එක. ප්‍රේමදාස මහත්තයා පොඩි මිනිහගෙ තැනින් ඇවිල්ලා ඒක වෙනස් කළා.
ඊට පස්සෙ එයාගෙ පුතා. තාත්තගෙන් පුතාට රජකම දුන්නෙ නෑ. ලංකාවෙ ඒ කාලෙ තිබුණ දුෂ්කරම තැන භාරගන්න කිව්වා. එහෙම නැතිව ප්‍රේමදාසගෙ පුතා මැද කොළඹින් ආවා නම් මේවා දිනන්නෙ සීයට අනූපහක් විතර අරගෙන. ඒත් ප්‍රේමදාස මහත්තයා එහෙම කළේ නෑ. පුතා රජකරන්න දැඟලුවෙ නෑ ඔය සමහරු වගේ…”
කියලා කියන්නෙ එදා ප්‍රේමදාස මහත්තයගෙ හිතවතෙක් විදියට හිටපු අද ජීවිතේ හැන්දෑවෙ ප්‍රේමදාස මහත්තය දුන්න මහල් නිවසෙ ජීවිතේ හැන්දෑව ගතකරන ධර්මදාස මහත්තයා. කවුළුවකින් සුචරිතේ දිහා බලාගෙන ඔහු එහෙම කියනවා.
“පවුල පවුල කිය කියා තව පවුලක්නෙ එන්නෙ. මං දෙන්නෙ ගෝඨාභයට. මේ රට හදන්න බෑ ඒගේ පාලකයෙක් නැතිව. කුඞ්ඩො අපරාධකාරයො මරන්නෙ නැතිව පාතලෙ ඉවර කරන්න බෑ. එකෙක්ට ගැහුවා නං හරි. ඩිම් වෙනවා…”
කියන අදහස මේ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ තියෙනවා. ඒ නිසා මේ ඡන්දෙදි ගෝඨටත් යම් තරමකින් හරි සලකන්න මිනිස්සු මැද කොළඹ ඉඳීවි.
“මතක තියාගන්න මහත්තයො එදා මැයි පළවෙනිදා මැද කොළඹ එවුනුත් රතිඤ්ඤා පත්තු කළා, තැනක දෙකක” කියන අතරෙ,
“අපේ මිනිස්සුන්ට මතක තියෙන්නෙ දවස් හතයි”
කියලා කියන අයත් හම්බවුණා. හැබැයි මේ වතාවෙත් මැද කොළඹ බොහෝම තීරණාත්මකයි. දෙගොල්ලන්ට තුන් ගොල්ලන්ටම. හැබැයි එහෙමයි කියලා මේ දෙගොල්ල තුන් ගොල්ලම තාම හරියට මැද කොළඹට බැහැලා නෑ වගේ. මොකද තවම මෙහෙ කාර්යාල හැදිලා තිබුණට මහා පරිමාණ රැස්වීම් තිබ්බෙ නෑ. කොහොම නමුත් කැන්වසින් නම් පටන් අරගෙන. මේ වෙනකොට අනුර කුමාර වගේම මහේෂ් සේනානායකත් මැද කොළඹට ඇහැ ගහගෙන ඉන්නෙ. මොකද කොළඹ මිනිස්සු හිතන විදිය ගැන ලොකු විශ්වාසයක් හැමෝටම වෙන වෙනම තියෙනවා.
ඒත් මෙතෙක් තිබ්බ කිසිම මැතිවරණයක මැද කොළඹින් එජාපය පරද්දන්න ලැබිලා නෑ. මේ වතාවෙ එහෙම කරන්න හම්බවෙන ඕනෑම කෙනෙක්ට ලංකාවෙ ජනාධිපතිකම හම්බවෙනවා සිකුරුයි. පරද්දන්න නෙවෙයි සීයට හතළිස්පහක ඡන්ද ප්‍රතිශතයක් ගන්න එජාපයත් එක්ක එන එකක් නොවෙන ඕනෑම බලවේගයකට ලංකාව දිනන්න පුළුවන්. ඒ කියන්නෙ සරලවම මැද කොළඹ දිනන්න ජගතෙක් ඉන්නවා නම්, රට දිනන එක ගේමක් නෑ. මැදකොළඹ කියන්නෙ ඒ තරමටම එජාප බළකොටුවක්. මේ පාරත් ඒකෙ නම් වෙනසක් නෑ කියලයි අපිට නං හිතෙන්නෙ.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

OPPO Reno 2F ඡායාරූප තාක්ෂණයේ විප්ලවයකට සූදානම්

Next Post

ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.