• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

October 26, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම
Share on WhatsAppShare on Facebook

කුමාර වෙල්ගම කියන්නේ කවදත් කෙළින් කතා කරපු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. වෙල්ගම තමන්ට කොච්චර අවාසි වුණත් කවදාවත් දේශපාලන ජීවිතයේ බොරු කියන්න ගියේ නෑ. බය නැතුව කෙළින් ඇත්ත කතා කළා. ඒ නිසා ‘කළුගංතොට සිංහයා’ කියල තමයි වෙල්ගමට කවුරුත් ආදරයට කතා කරන්නෙ.
පසුගිය කාලෙ වෙල්ගම ගැන විවිධ කතා කියවුණා. වෙල්ගම ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෙක් වුණත් මහින්ද පැරැදිලා ශ්‍රීලනිපය එජාපයත් එක්ක ජාතික ආණ්ඩු හදන්න තීන්දු ගනිද්දි වෙල්ගම විතරක් කොන්ද කෙළින් තියාගෙන මධ්‍යම කාරක සභාවෙදි කිව්ව “මම මේ වැඬේට විරුද්ධයි” කියල. ඒ හින්ද මම විපක්ෂයෙ වාඩිවෙනව කියලත් එදා වෙල්ගම කිව්ව. කිව්ව වගේම වෙල්ගම මහින්දත් එක්ක ගිහින් විපක්ෂයෙ වාඩි වුණා.
හැබැයි මහින්ද පොහොට්ටුව හදද්දි හැමෝම පොහොට්ටුවට ගියත් වෙල්ගම පොහොට්ටුවට ගියේ නෑ. වෙල්ගම ශ්‍රී ලංකා එකත් එක්ක හිටිය. ඒ වෙලාවෙ වෙල්ගම කිව්වෙ මට ශ්‍රී ලංකා එක දාල වෙන පක්ෂවලට යන්න බෑ කියලයි. ඒ වගේම පොහොට්ටුව ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න තීන්දු කරද්දි වෙල්ගම කෙළින්ම කිව්ව මම ඒකට විරුද්ධයි කියල. මිලිටරිකාරයෙක්ට මට සහාය දෙන්න බෑ කියල කිව්ව. මට රෑ නිදහසේ නිදාගන්න ඕනෙ කියල කිව්ව. මේව කිව්ව කියල සුදු වෑන්වලින් මාවත් උස්සගෙන යයි කියලත් කිව්ව.
කොහොම වුණත් වෙල්ගම ගෝඨාගෙ කැම්පේන් එකෙන් අයින් වෙලයි හිටියෙ. ඒ වගේම වෙල්ගම සජිත්ගෙ හංසයට සහාය දෙන්න සූදානම් වුණෙත් නෑ.
අදටත් වෙල්ගම කියන්නෙ ශ්‍රී ලංකා එකත් එක්ක ඉන්නෙ දාහයිද, දෙදාහයිද ඒ අයත් එක්ක පක්ෂය කෙළින් කරවන්න තමන් සූදානම් කියල. මේ පසුබිම මැද්දෙ පසුගිය සතියෙ වෙල්ගම ගැන අලුත් තොරතුරක් වාර්තා වුණා. ඒ තමයි වෙල්ගමගෙ කළුතර තියෙන ගෙදරට හොරු පැන්න කියල. හැබැයි ගෙදර කිසිම වටිනා කියන බඩුවක් නැතිවෙලා නම් තිබුණෙ නෑ. ඒ නිසා වෙල්ගම කියන්නෙ පසුගිය දවස්වල තමන් කියපු කතා හින්ද තමන්ගෙ ජීවිතයට හානියක් කරන්න කවුරු හරි උත්සාහ කළා වෙන්න පුළුවන් කියලයි. මේ ගැන පසුගිය සතියෙ අපි වෙල්ගමගෙන් කළින්ම කතා කරල ඇහුව. මේ, අපිට වෙල්ගම දුන්න උත්තරේ.
ඇත්තටම පසුගිය දවස්වල මම හිටියේ නුවරඑළියේ, මොකද ගමේ පාක්ෂිකයෝ ඉල්ලීම් කරනවා පොහොට්ටුවට සම්බන්ධවෙලා නැවතත් වැඩ කරන්න කියලා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවින් එළියට බැස්සේ, මම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙවෙයි. මම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන නැහැ. මගේ අඛණ්ඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අවුරුදු 38යි. මම ඒක නැති කරගන්න කැමැති නැහැ.
විවිධ හේතුන් මත, එකක් පවුල්වාදය, එකක් දාලා තියෙන අපේක්ෂකයාට මම කැමති නැහැ. මොකද මම ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන කෙනෙක් එක්ක යන්න මම කැමති නැහැ. මේ වගේ විවිධ හේතුන් මම මාධ්‍ය තුළින් කියලා තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා මම කිව්ව සියලු දේම.
හිට්ලර් පාලනය මේ වගේ මම ගොඩක් දේවල් කියලා තියෙනවා. මේ අවස්ථාවේ මම කියන්න විවේචනය කරන්න යන්නේ නැහැ, මොකද ඡන්දයක් තියෙන නිසා.
මිනිස්සුන්ගේ බලපෑම නිසා මම නුවරඑළියට ගියා. ගිහින් එදා රෑ ඉඳලා ඊට පහුවෙනිදා උදේ මම ග්‍රෙගරි මල්වත්තේ ඇවිදින්න ගියා උදේ ව්‍යායාම්වලට ඒ යන අවස්ථාවේදී මගේ නිවසේ උද්‍යානය භාරව ඉන්න ප්‍රේමසිරි කිව්වා සර් ඔබතුමාගේ කාමරේ ජනේලේ කඩලා කෙනෙක් ඇතුළුවෙලා අල්මාරිය කඩලා ඒක ඇතුළේ තිබුණු බඩු සීසීකඩ විසික්කරලා දාලා තියෙනවා කියලා. හැබැයි මම මේක ඇරියේ නැහැ ඔබතුමාට දැනුම් දුන්නේ ගෙදර එළියේ ජනේලේ ගාව ඉඳගෙනයි, කිව්වම, පස්සේ මම කතා කරලා අලුත්ගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාට මේ බව දැනුම් දුන්නා. ඒ වගේම මම දැනුම්දුන්නා පොලිස්පතිතුමාගේ තියෙනවා මෙහෙයුම් මධ්‍යස්ථානයක් එතුමාගේ යටතේ. එතුමාටත් දැනුම් දුන්නා මගේ නිවසට මෙන්න මේ වගේ කෙනෙක් පැනලා තියෙනවායි කියලා. ඊට පස්සේ මම ඊයේ රෑ ආවා මගේ නිවසට. මගේ කාමරේ මම බැලුවා. බැලුවාම මම දැක්කා මගේ වටිනා කියන බඩුමුට්ටු කිසිවක් අරගෙන ගිහිල්ලා නැහැ. මගේ තියෙනවා අතේ ගෙනියන්න පුළුවන් සේප්පුවක්. ඒක අතේ ගෙනියන්න පුළුවන්. අර හෝටල්වල කාමරවල තියෙන්නේ පොඩි සේප්පු අන්න ඒවගේ අතේ ගෙනියන්න පුළුවන්. ඒ සේප්පුව අල්ලලාවත් නැහැ.
ඒ වගේම මගේ තියෙනවා හොඳ පැකින් පිට තියෙන කමිස හතරක්. ඒක අරගෙනත් නැහැ. කුඩුකාරයෙක් ආවා නම් ඒක අරගෙන යනවා. ඒ වගේම ඉතා වටිනා රත්තරන් පෑනක් තිබ්බා ඒ පෑනත් ගෙනිහිල්ලා නැහැ. මගේ තියෙන කිසිම බඩුමුට්ටුවක් ගෙනිහිල්ලා නැහැ. ඇඳුම් සේරම ඇදලා දාලා තිබුණ මම දැක්කා. මම දැක්කයි කිව්වේ රෑප රාමු තුළින්.
ඊට පස්සේ මම බැලුවා ගේ ඇතුළේ තියෙන විදුලි බුබුලු ඔස්ටේ්‍රලියාවෙන් ගෙන්නපු ලෑම්ප්ෂේඞ් කීපයක්ම තිබුණා පැකින් පිට. ඒවා ඕන කෙනකුට ගෙනිහින් විකුණන්න පුළුවන්. ඒවට අත තියලා වත් නැහැ. මගේ මුළුතැන්ගෙයි පැන්ටි්‍රයේ තිබ්බ ඉලෙක්ටි්‍රක් භාණ්ඩ කිසිම දේකට අත තියලා නැහැ.
ඉතින් මම දැනගත්තා මේක හොරකමකට ආව එකක් නෙවෙයි. හොරකමකට ආවා නම් තියෙන වටිනා භාණ්ඩ අරගෙන යනවා. අර සේප්පුව උස්සගෙන යනවා, සේප්පුව අතේ ගෙනියන්න පුළුවන් නේ එහෙමවත් ගෙනිහිල්ලා නැහැ. මෙයා ඇවිත් තියෙන්නේ එක්කෝ ලියකියවිලි බලන්න වෙන්න ඇති. මගේ ගෙදර ලියකියවිලි කිසිවක් නැහැ. එහෙම නැත්නම් මෙයා ආවේ මම කරන ප්‍රකාශවලට, සාමාන්‍යයෙන් මම පොහොට්ටුවට විරුද්ධව කතා කරනවා, හංසයාට විරුද්ධව කතා කරනවා. ඒ නිසා මේ ප්‍රකාශවලට විරුද්ධව එක්කො මාව ඝාතනය කරන්න. මම නිදාගන්න ඇඳ එතැනමයි තියෙන්නේ. එහෙම නැත්නම් මාව බය කරන්න. ඒ කියන්නේ මේ වගේ සිද්ධියක් වුණාම බය වෙනවනේ. මගේ කට වහන්න කරපු එකක් කියලයි මම හිතන්නේ.
මේ ගැන මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මම අලුත්ගම පොලිසියට ගිහිල්ලා මගේ කටඋත්තරයත් ලබා දුන්නා. මේක දේශපාලන වශයෙන් කරපු ප්‍රහාරයක් හැටියටයි මම දකින්නේ.
දැන් ඉස්සෙල්ලාම පක්ෂය ගොඩනගන්න ඕනේ නම්, ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකක්ද? අපි කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙට මෙහෙට වැනෙන්නේ නැති දෙපැත්තට යන්නේ නැති අය එකතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මාර්ගයට ගන්න පුළුවන් අය එක්කහු කරන එක. ඒක අපි දැනට කරගෙන යනවා. අපි අදත් සාකච්ඡා කරා. ඉදිරියේදීත්, මම දින වකවානු කියන්නේ නැහැ මට ප්‍රහාරයක් එල්ල කරා වගේම ඒ අයටත් එල්ල කරයි.
ඒ ප්‍රධාන සංවිධායකවරුන්ට අපේ පාක්ෂිකයන්ට, අපේ ක්‍රියාකාරිකයන්ට අපි නුදුරේදීම දැනුම් දෙනවා, එතකොට අපි එක්කහුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා, ඊට පස්සේ දෙවැනුව මේ රටේ සමුළුවක් තියන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සමුළුවට යන්න තමයි මේ මූලික අඩිතාලම දාන්නේ.
ඒ සමුළුවේදී අපි ඉල්ලන අපේක්ෂකයන් ගැන කතාකරන්නේ නැහැ. විශේෂයෙන්ම මමත්. මම පොහොට්ටුව ගැන කතාකරන්නෙත් නැහැ හංසයා ගැන කතා කරන්නෙත් නැහැ. නමුත් මම කතා කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරෙන්න නොදී, මේ මැතිවරණයෙන් පස්සේ තමයි ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ. ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ මැතිවරණයෙන් පස්සේ නිසා අපි එය ආරක්ෂා කරගන්න තමයි අපි ඒ දේ කරන්නේ.
එහෙම නැතුව කාටවත් මඩ ගහන්න නෙවෙයි. කාගෙවක් ඡන්ද කඩන්න නෙවෙයි. මොකද අපිට මේ අවස්ථාවේදී අපේ පක්ෂය ආරක්ෂා කිරීම තමයි මගේ යුතුකම පරණ ශ්‍රී ලංකාකාරයෙක් හැටියට. ශ්‍රී ලංකාකාරයෝ කියලා කියාගන්නා අය දැන් විවිධ පැතිවලට ගිහිල්ලා. ඉතින් ඒ අය ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ තානාන්තර වරප්‍රසාද විතරයි. නමුත් මට වරප්‍රසාද අවශ්‍ය නැහැ. මම වරප්‍රසාද ලබාගන්නා පුද්ගලයෙක් නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම එතුමත් එක්ක ඉඳලා මට හොද ඇමතිකමක් ලබාගන්න තිබුණා.
මොකද මම හිටපු ඇමැතිවරයෙක් අවුරුදු දහයක්. ඒ නිසා මට එතුමාගෙන් ඇමැතිකමක් ගන්න තිබුණා. නමුත් මම එතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධවෙලා එළියට බැස්ස පළවෙනි ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා. එහෙනම් මට දින 52 දී මහින්ද මහත්තයාට අත උස්සලා එතුමා කියන දේ අහගෙන හිටියා නම් අර ආණ්ඩුව බලහත්කාරයෙන් පිහිටපු වෙලාවේ මටත් ගන්න තිබුණා හොඳ ඇමැතිකමක්. නමුත් මම ඇමතිකම් ප්‍රතික්ෂේප කරා. මම ඒකට විරුද්ධව කතා කරා.
එහෙනම් මේ මම අවස්ථාවේදී පොහොට්ටුව දිනුවොත්, එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා දාලා අනෙක් රටේ ප්‍රශ්න අමතක කරලා දාලා මට ඉතාම හොඳ ඇමතිකමක් ගන්න තිබුණා. නමුත් මම ඒවා ඔක්කොටම පයින් ගහලා තමයි මේ ආවේ. මට පදවි තානාන්තර අවශ්‍ය නැහැ.
මගේ වයසේ හැටියට මට යුතුකමක් තියෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් පත්වීම ගත්ත කෙනෙක් හැටියට මේ පක්ෂය ආරක්ෂා කිරීම. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මා සමග එකතු වෙන්න. මම බයේ පැනලා යන මිනිහෙක් නෙවෙයි. මම ඔයගොල්ලන්ට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මේ අවස්ථාවේදී අපි සමග කෙළින් හිටගන්නවා. ඒ නිසා ඔබතුමන්ලත් මේ පක්ෂය ආරක්ෂා කරන්න මාත් එක්ක එන්න. බය නැතුව මේ පක්ෂය වෙනුවෙන් ඕන අවස්ථාවකදී අපි ඉදිරියට යන්න සූදානමින් ඉන්න බව කියන්න ඕනේ.”

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?

Next Post

ලෝකශූරයන් ඉවතට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.