2019 රග්බි ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයේ අද පැවති තරගයෙන් 2011 හා 2015 ලෝක කිරුල පිට පිට දෙවරක් දිනාගෙන සිටි ප්‍රබල නවසිලන්ත පිලේ මෙවර කිරුල හිමි කර ගැනීමේ සිහිනය බොද කර දමමින් නවසිලන්තය පරදවා දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ අද සමත් වුහ. ලකුණු තත්වයතරගය අවසන් වන විට සටහන් වුයේ එංගලන්තයට ලකුණු 19 -7 ලෙස පෙරළිකාර ජයක් ලබා දෙමිනි.
තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ තරගය ඇරඹි පළමු මිනිත්තු දෙක තුලදී උත්සාහක දිනුමක්මෙ න්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 7-0 ලෙස එංගලන්තය ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර ඉන්පසුව නවසිලන්ත පිලෙන් අක්‍රමණ කීපයක් දියත් වුවද, මනා ලෙස සංවිධානය වී සිටි එංගලන්ත පිල එම ආක්‍රමණ බිද හෙලු අතර එමෙන්ම තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 10-0 ලෙස පලමු අර්ධයේ අවසන් වන විට ඉදිරියෙන් සිටීමට සමත් විය.
ඉන්පසුව දෙවන අර්ධය තුලදී ලකුණු ලබා ගනිමින් ඉදිරියට පැමිණීමට නවසිලන්ත පිල උත්සාහ දරුවත් එම උත්සාහ අසාර්ථක කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර ඊට අමතරව තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 13-0 ලෙස ඉදිරියට එමින් නවසිලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කිරීමේ ලකුණු එංගලන්ත පිලෙන් දිස් වන්නට විය.
එහෙත් නැවතත් තරගකාරීව ක්‍රීඩා කල නවසිලන්ත ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් මෙන්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 13 -7 ලෙස තරගයට ජීවයක් එක් කිරීමට සමත් වුහ.
එහෙත් ඉන් පසුව ඉදිරියට පැමිණීමට එංගලන්ත ක්‍රීඩකයෝ නවසිලන්ත පිලට ඉඩ නොදුන් අතර ප්‍රබල ලෙස හා මනා ලෙස සංවිධානය වී ක්‍රීඩා කල එංගලන්ත පිල තමන්ට ලැබුණු තවත් දඩුවම් පහර 2 ක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 19-7 ලෙස තරගය ජයග්‍රහිව අවසන් වන කරමින් ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබු අතර, තරගය පුරාවට එංගලන්තය අක්‍රමණශීලි ක්‍රීඩා ශීලි රටාවක් මෙන්ම සුපිරි දක්ෂතා දක්වමින් ක්‍රීඩා කිරීම තුලින් නවසිලන්ත පිල පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත පිල සමත් විය.
ජෝසප් ඩයස් (Joseph Dias )