ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර කාර්මික ආරක්‍ෂක හවුලක් පිහිටුවීම සදහා කණ්ඩායමක් පත් කිරීමට දෙරට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ.
මෙම කණ්ඩායම වරින් වර හමුවී ආරක්ෂාව හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගනු ඇති බව දැනගන්නට තිබේ.
අති නවීන ආරක්‍ෂක තාක්‍ෂණයන් මත සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී එකගතාව පළව ඇති බව වාර්තා වේ.
මෙම ආරක්ෂක ගිවිසුම් සමුළුව ඉකුත් සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා නවදිල්ලියේදී පැවැත්වී තිබිණ.










