‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලංකාව පමණක් නොව මේ වනවිට ජාත්‍යන්තරයද අතික්‍රමණය කර සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට තමන් උපන් ලංකාවෙන් නිසි ගෞරවය හිමිවූයේද යන්න පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි පුළුල් කතිකාවතක් ආරම්භ වී තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කොට ඇති තරුණ ප්‍රජාව විශේෂයෙන්ම සදහන් කොට ඇත්තේ ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය පවා පිළිගත් ගායිකාවක බවට පත්ව සිටියත් තවමත් ලංකාවෙන් ඇයව නිසි ඇගයීමකට ලක් කොට නොතිබීම කනගාටුවට කරුණක් යැයි කියාය.
මේ වනවිට යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය භාෂා ගණනාවකින් ගායනා වන අතර අමෙරිකාව, ඉතාලිය වැනි රටවල පවා ඇගේ ගීතය වීදි පුරා අනුවාදනය කරන අයුරු දැකගත හැක.
එමෙන්ම මේ වනවිට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් කළමනාකරණය කරනු ලබන වින්ග්මන් සමාගම යොහානි සමග ගිවිසුමකට එළඹීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව ඊයේ් දිනයේදී පළමු වතාවට හින්දි චිත්‍රපටයකට පසුබිම් ගායනා සිදුකරමින් බොලිවුඩ් සිනමාවට පවා පිවිසීමට යොහානිට හැකි විය.
ඒ, සිද්දත් චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වෙමිනි.
මේ ආකාරයට මෑත කාලයේදී ජාත්‍යන්තරය ජයග්‍රහණය කළ එකම කලාකාරිනීය වන්නේ යෙහානිය.
එසේ තිබියදීත් තවමත් ඇය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සිට නවක කලාකරුවන් දක්වා වූ කිසිදු චරිතයක් අගයමින් කතා කළ ආකාරයක් දැකගන්නට නොතිබීම කනගාටුදායකය.
මීට පෙර යොවුන් ගායක යුවලක් වී භාතිය සන්තුෂ් පසුගිය කාලයේදී මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ ලංකාවට ලබා දීමට කටයුතු කර තිබූ අතර එහිදී ජ්‍යෙෂ්ඨ-නවක භේදයකින් තොරව ලංකාවේ සියලුම කලාකරුවන් භාතිය සන්තුෂ්ට සුබපැතුම් එක් කළ ආකාරයත්, ඔවුන් දිරිමත් කළ ආකාරයත්, ඔවුන් අගය කළ ආකාරයත් දැකගන්නට ලැබිණ.
විශේෂයෙන්ම දේශපාලන අධිකාරියද ඒ අවස්ථාවේදී භාතිය සන්තුෂ් වෙනුවෙන් සුබපැතුම් එක්කරනු දැකගත හැකිවිය.
එසේ තිබියදී අද දිනයේ තරුණ යොහානි මුලු ජාත්‍යන්තරයම ජයගෙන ඇති අවස්ථාවක කිසිවකුත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විවේචනයට ලක්ව ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ කලාකරුවන් එසේ කතා නොකරන්නේ කුහකකම නිසාද, නැතිනම් ඉරිසියාව නිසාද, එසේත් නැතිනම් දේශපානය නිසාද යන්න සිතාගත නොහැකි බවකි.










