දෙවන පරීක්ෂණයෙනුත් ව්‍යාධිජනකයින් සිටින බව තහවුරු වීමත් සමග චීන කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහතා තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරි මහතන්නයට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සදහා නයිට්‍රජන් අඩංගු පොහොර නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය වහාම පියවර ගෙන ඇත.
කෙසේවෙතත් මේ තත්ත්වය යටතේ ඉදිරි මහ කන්නයේදී පොහොර හිඟයක් මතුවනු ඇති බව ගොවි සංවිධානවල මතය වී තිබේ.










