• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බෙග් මාස්ටර්ට අසාධාරණයක්

October 29, 2019
in Heart
Reading Time: 1 min read
A A
බෙග් මාස්ටර්ට අසාධාරණයක්
Share on WhatsAppShare on Facebook

සිංහල බෞද්ධ ගීතයන් ඉතා අලංකාරව ගායනා කළ සිංහල හෝ බෞද්ධ නොවූ යම් අන්‍යාගමිකයකු වේ නම් ඒ මොහිදින් බෙග්ය. එහෙමත් නැත්නම් බෙග් මාස්ටර්ය.
සිංහල ගායකයකුටත් වැඩි ගැඹුරු බැතියකින් ගැඹුරු ශෛලියකින් බොදු ගී ගැයූ මේ අපූරු ගායකයාගේ හඬ වෙසක් මාසයට දන්සල් පුරා රැව් පිළිරැව් දුන්නේ එදා පමණක්ම නොවේය.
හොඳින් මතක් කර බලන්න ගමක බෞද්ධ ආගමික උත්සවයක් වේ නම් දසත පැතිර යන්නේ බෙග් මාස්ටර්ගේ ගාම්භීර හඬය.
දන්සලට පමණක් නොව සිංහල හින්දු අලුත් අවුරුද්දටද එය එහෙමය. ‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” ගීතය අවුරුදු උත්සවයක නොඇසුණා නම් එය පුදුමෙකි. ‘බෙග් මාස්ටර්’ යන ගෞරවනීය නාමය ඔහුට ලැබුණේද ඔහු සිංහල බෞද්ධ ගීතයට කළ උදාර මෙහෙවර නිසාමය.
එහෙත්,
ඔහු වෙනුවෙන් දිය යුතුව තිබුණේ එවැනි නාමික ගෞරවයක් පමණද? සිංහල බෞද්ධ ගීයට හඬ දුන් බෙග් මාස්ටර් මුස්ලිම් ජාතිකයෙකි. තොරණ ප්‍රදර්ශනයක් අබිමුව දන්සලක් අසල, සිංහල අවුරුදු උත්සවයක් මුල්කොට අදටත් ඇසෙන ගීතයක හඬ ඔහුගේය. ඒ හඬ අමතක නොවුණාට බෙග් මාස්ටර්ව මේ රටට අමතක විය.
එහෙම කියන්නේ කවුරුත් නොව බෙග් මාස්ටර්ගේ පුත් ඉෂාක් බෙග්ය. ‘හාට්’ සමඟ පිළිසඳරකට ආරාධනා කරන විට ඔහු කීවේ මා ගැන නෙමේ මගේ තාත්තා ගැන ලියන්න යැයි කියාය.
ඒ නිසා අප ඉෂාක් බෙග් සමඟ බෙග් මාස්ටර් ගැන කතාබහට මුලපිරුවෙමු.
බොදු ගීතයට හඬ දුන් ඔබේ පියාව මේ රටට අමතක වුණා යැයි ඔබ කියන්නේ ඇයි?
රටට අමතක වුණාය කියා නෙමෙයි මම කියන්නේ. මේ රටේ අය මගේ පියාව කොහොම අමතක කරන්නද? වෙසක් මාසෙටයි සිංහල අවුරුදු කාලෙටයි මගේ පියාගේ හඬ කොයිතරම් නම් ඇහෙනවද? පරණ සින්දු අහන්න කැමැති අය කොයි තරම් නම් මගේ පියාගේ හඬට ඇලුම් කරනවද? තාත්තා පසුබිම් ගීත ගයපු චිත්‍රපට කොච්චර ඒ දවස්වල තිබුණාද? ඒ ගීතවලට සමහරු අදත් ආදරෙයි.
තාත්තා මියගිය මොහොතේ තාත්තා වෙනුවෙන් කෑගහලා ඇඬුවේ මුස්ලිම් අයට වඩා සිංහල අයයි. තාත්තාගේ දෙණට කරගැහුවේ පවා සිංහල අය. තාත්තාගේ සින්දුවලට ප්‍රිය කළ අය ඔහුට නිසි ගෞරවය එදා දුන්නා.
එහෙම නම් ඔබේ තාත්තට නොසැලකුවේ කවුද?
නොසැලකුවේ වගකිවයුත්තෝ, කිසිම රජයකින් මගේ පියාට සහනයක් ලැබුණේ නැහැ. මියයන්නට ටික කාලයකට පළමුව මගේ පියා රූපවාහිනී සාකච්ඡාවකට ගිහින් පොඩි දරුවෙක් වාගේ කෑගහල ඇඬුවා. අඬල ඉල්ලුවේ මොනවද? එයාට නොසලකා ඉන්න එපා කියලා. එයාව අගයන්න කියලා. මොන දේ කොයි විදයට කිව්වත් මගේ පියාට කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. ප්‍රසිද්ධ මාධ්‍යයක දුක කියලා අඬලවත්, ඇයි මේ මනුස්සයා ඇඬුවේ කියලා කවුරුවත් හොයලවත් බැලුවේ නැහැ. අන්තිමේදී මොනවාද කළේ දන්නවද? ඔහු හිටපු, ඔහු ජීවත් වුණු මහගෙදර පවා ඔහුගේ දරුවන්ට අහිමි කළා.
ඒ කියන්නේ කිසියම් රජයක් ඔබේ පියාට අයිති දේපළක් පවරා ගත්තාද?
වුණේ මොනවද කියන්න අදටත් පැහැදිලි කිරීමක් නැහැ. ගේ කඩලා දැම්මා. ඒ වෙනුවෙන් කිසි සහනයක් අද වනතුරුත් ලැබුණේ නැහැ. අඩුම ගණනේ ඒ වෙනුවෙන් තාත්තගේ නමට සලකලා කලා පුරෙන්වත් අපට ගෙයක් ලැබුණේ නැහැ. තාත්තා අසනීප වෙලා ඉන්නකොට කිව්වා මට “අනේ පුතේ මේ ගේ කඩන්න දෙන්න එපා. මේක අවුරුදු 55ක් විතර පරණ අතීතයක් තියෙන නුඹලා අපි හිටිය ගෙදර” කියලා. ඔහු මියගියෙත් ඒ ගැන ලොකු දුකකින්. ගේ කඩලා දාලා අදට අවුරුදු විස්සක් වෙනවා.
වගකිවයුත්තන් හමුවේ මේ කාරණය ගැන ඔබ කතා කළේ නැද්ද?
ඇයි නැත්තේ. හැම රජයකින්ම සහනයක් ඉල්ලනවා. හැමදාම එකම උත්තරය ලැබෙන්නේ මට. අතනට යන්න, මෙතනට යන්න, අරයගෙන් ලියුමක් ගේන්න. මෙයාගෙන් ලියුමක් ගේන්න ඔන්න ඕකයි මට ලැබෙන ප්‍රතිචාරය.
ටිකක් හිතලා බලන්න බෞද්ධ ගීතයෙන් රටක් පිනවපු බෙග් මාස්ටර්ගේ පුතාට ඒ විදියට සලකන එක හොඳයිද කියලා. පවතින රජය පමණක් නෙමෙයි හැම රජයකින්ම මට මගේ පියා වෙනුවෙන් ලැබුණු සැලකිල්ල එයයි. සමහර විට මම විතරක් නෙමෙයි මේ රටේ බොහෝ කලාකාරයන්ගේ ඉරණම මෙයයි මම හිතන්නේ.
කලාකරුවන් කියන්නේ මහජනතාව සතුටු කරන පිරිසක්. ඒ අය කලාවට කරන සේවය වෙනුවෙන් කිසිම රජයක් හමුවේ වැඳවැටී උපහාර යදින්නට ඕන නැහැ. බෙග් මාස්ටර් කියන්නේ හොඳ කලාකාරයෙක්. ඔහුට සලකන්නට කියා ඔහු මාධ්‍ය හමුවේ හඬාවැටිය යුතු නැහැ. ඔහු කළ සේවය අගයන්න ඔවුන් දැනගත යුතුයි. මේ ගැන කතා කළ වාර අනන්තයි. කිසිම රජයකින් බෙග් මාස්ටර්ට නිසි ගෞරවයක් ලැබුණේ නැහැ.
අඩුම ගණනේ තාත්තගේ නමට ගරු කිරීමක් වශයෙන් මගේ ගීතයක් හඳුන්වා දෙන්නටවත් කිසිදු මාධ්‍යයක් මට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔවුන් මට කියනවා තාත්තගේ ගීත ගයන්නලු. ඇයි එහෙම කියන්නේ? මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් එළිදැක්වීම අගය කළ යුතු නැතිද?
රජීව් සෙබස්තියන් මහත්තයා එක්ක එකතුවෙලා මම ගායනා කළ “නානා නානා” ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවා. ආගම් භේද, ජාති භේද අවශ්‍ය නැහැ කියන ඒ ලස්සන ගීතයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වාගේ තව බොහොමයක් වූ මගේම නිර්මාණ මා සතුව තිබෙනවා. නමුත් එය මාධ්‍ය හමුවේ ප්‍රචාරය කිරීමට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයිදැයි කියන්න මම දන්නේ නැහැ.
ඇයි කලාකරුවන්ට මෙහෙම කරන්නේ. අපි මුස්ලිම් වුණාට සිංහල බෞද්ධයන්ට කොයි තරම් හිතවත්ද? අප්‍රේල් මාසේ පාස්කු බෝම්බයෙන් මැරුණු කතෝලිකයන් වෙනුවෙන් අපි කෑගහලා ඇඬුවා. අවංකව දුක් වුණා. සුළු ජාතියක් වුණත් අපි මේ රටේ ජීවත් වන මිනිස්සු. මගේ තාත්තා බෞද්ධ ධර්මයට ගරු කළ කෙනෙක්. අනේ අපට වෙනස්කම් කරන්න එපා කියලා අයැදිනවා.
නවකයන් වෙනුවෙන් යම් පණිවුඩයක් ඔබ සතුව තියෙනවද?
නවකයන්ට නෙමෙයි පණිවුඩ දිය යුත්තේ වගකිවයුත්තන්ටයි. කෙටියෙන් කියනවා නම් අන් අයගේ ගීත ගයලා ජනප්‍රිය වෙන ‘සුපර් ස්ටාර්ලා’ වෙනුවෙන් කරන සැලකිල්ලෙන් හරි අඩක්වත් අප වැනි කලාකාරයන් වෙනුවෙන් දක්වන්න. එයයි මාගේ ඉල්ලීම.
පුළුවන් නම් මගේ දුරකතන අංකය මෙහි සඳහන් කරන්න කියලා ඉල්ලනවා. කවුරුන් හෝ එය දැකපු වගකිවයුත්තෙක් බෙග් මාස්ටර් වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වේවි කියා මම හිතනවා. (0766788177)

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දංකොටුව පෝසිලේන් රන් සම්මාන දිනයි

Next Post

ආදරේ ගින්දර කලින්ම කියන රේඛාව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.