• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දීපවාලී කතාවේ නොදන්න පැත්ත

October 27, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දීපවාලී කතාවේ නොදන්න පැත්ත
Share on WhatsAppShare on Facebook

අද 2019 ඔක්තෝබර් 27 වැනි ඉරිදා. එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ අවසානම ඉරිදා. ඔන්න කැලැන්ඩරයක් දිහා පොඞ්ඩක් බැලුවොතින් අද දවස රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් විදියට තද රතු පාටින් ලකුණු කරලා ඇති. අද තමයි දීපවාලී දිනය. ඒත් නැත්නම් හින්දු බැතිමතුන් ඉතා ඉහළින් සමරන ජූජනීය උත්සවය තියෙන දිනය. ඉතින් ඒ අපූරු දිනය අද දවසට යෙදිලා තියෙන නිසාම අපිට ඒ ගැන කතා නොකර ඉන්න බෑ.

දීපවාලී උත්සවය ඉහළින්ම සමරන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ හින්දු ආගම අදහන මිනිස්සු. හැබැයි නේපාලයේදී නම් මේ දීපවාලී උත්සවය හඳුන්වන්නේ “තිහාර්” නැත්නම් “ස්වාන්ති” කියලා. කොහොම හරි හින්දු, සීක සහ ජෛන කියන ආගම්වල මිනිසුන්ට දීපාවලී තරම් වැදගත් තවත් උත්සවයක් නැති තරම්. මොකද ඔවුන් මේ දීපවාලී දවස එනකල් බලාගෙනයි ඉන්නේ. දැන් මේ දීපවාලී උත්සවය එක්කලා පුරාවෘත්තයන් සෑහෙන ගණනක් තියෙනවා. ඇත්තටම දීපවාලී උත්සවයට හුඟාක් අය කියන්නේ “ආලෝකයේ උත්සවය” කියලා. ඒකට එකම හේතුව දීපවාලී දවසට පේළියට දල්වන පහන්. අපට ආරංචි විදියට නේපාලයේ දීපවාලී සමරන බෞද්ධයන් පිරිසකුත් ඉන්නවා. ඔවුන් තමයි නේමාර් කියන බෞද්ධයන්. ඒකත් ඉතා වැදගත් දෙයක්. ඉතින් නරක අබිබවාගෙන හොඳ ජයග්‍රහණය කිරීම කියන සංකල්පයත් එක්කම මෙදා ගොඩනැඟුණු දීපවාලී කතාවේ වටේ පිටේ තොරතුරු ටික ඔහොමයි.

දීපවාලී උත්සවය ගැන කතා කරනකොට ඉතින් “දීපවාලී” කියන නම හැදුණු හැටිත් නොකියා බෑ. “දීප” සහ “ආවලී” කියන වචන දෙක (දීප+ආවලී) ඒ විදිහට එකතුවෙලා තමයි “දීපවාලී” කියන වචනය හැදෙන්නේ. එතැනදි “දීප” කියන්නේ ආලෝකයට නැත්නම් පහනට. එතකොට “ආවලී” කියලා කියන්නේ පේළියට. එහෙම බැලුවම ආලෝක පූජාවක් විදියට අපේ හින්දු බැතිමතුන් සමරන මේ දීපවාලී උත්සවයේ දීපවාලී කියන වචනයේ තේරුම වෙන්නේ “පේළියට පහන් දැල්වීම” කියන එක. පහන් දැල්වීම ගත්තොත් දීපවාලී උත්සවය යෙදිලා තියෙන අද දවසේ රටේ හැම හින්දු කෝවිලකම පේළියට පහන් දල්වනවා. ඒ වගේම හින්දු බැතිමතුන් තමන්ගේ ගෙවල්වල පවා පේළියට පහන් දල්වනවා. එතැනිනුත් නතර වෙන්නේ නැතුව යන එන පාරේ තොටේ පවා පේළියකට පහන් දල්වන මිනිස්සු අද හැමතැනම ඉන්නවා.

ඇත්තටම හින්දු බැතිමතුන් ඔහොම සිය දහස් ගණනින් පහන් දල්වන්නේ ඔවුන්ගේ හිතේ දෙවියෝ ගැන තියෙන තදබල භක්තියට. නැත්නම් තදබල විශ්වාසයට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. කොහොමින් හරි එහෙම පහන් දල්වන මිනිස්සු ඔය විදියට පේළියට පහන් දල්වමින් බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. ඇත්තටම ඒක විශ්වාසයක්. ඒ විශ්වාසය තමයි එහෙම පහන් දල්වන තැනට විෂ්ණු දෙවියන්ගේ භාර්යාව විදියට සැලකෙන “ලක්ෂ්මි දෙවඟන” එනවා කියන කාරණාව. ඇත්තටම ඒක හින්දුන්ගේ හිතේ තියෙන එක්තරා තදබල විශ්වාසයක්. ඉතින් කොහොම හරි අපේ ලංකාවේ දීපවාලී තියෙන්නේ අද විතරයි. ඒත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල දවස් හතරක් පුරා දීපවාලී උත්සවය පවත්වනවා. ඔවුන් පළමුවැනි දවසේදි “මහා ලක්ෂ්මි දෙවඟන” වෙනුවෙන් පුද පූජා පවත්වනවා. ඒ එක්කම දෙවැනි දවසේදි “නරකාසුර” වෙනුවෙන් පුද පූජා පවත්වනවා. තුන්වැනි දවසේ ඔවුන් කරන්නේ තමන්ගේ ඇඟේ තෙල් ගාලා නාලා පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳගෙන පුද පූජා පවත්වන එක. අන්තිම දවසේ ඔවුන් කරන්නේ හින්දු පුරාණයේ එන කතාවකට අනුව “යමන්” හෙවත් “යම” සිය සහෝදරී වූ “යමුනා” වෙත තෑගි බෝග දීම සිහිකරමින් ඔවුනුත් තම සහෝදර සහෝදරියන්ට තෑගිබෝග දීම. අන්න ඒ විදියට හින්දුන් ඔය දවස් හතර සමරනවා.

අද දිනට යෙදිලා තියෙන මේ දීපවාලී උත්සවයේ ආරම්භය ගැන එක එක විශ්වාසයන් සහ මතයන් තියෙනවා. එක් මතයකට අනුව මේ දීපවාලී උත්සවය ආරම්භ වෙලා තියෙන්නේ සීත සෘතුවට කලින් තම අවසාන අස්වැන්න ලබා ගැනීම මුල්කරගෙන. එහෙම බැලුවම දීපවාලී කියන්නේ අස්වනු උත්සවයක් කියලා කියන්නත් පුළුවන්. එතැනදි ඔවුන් ධනයට අධිපති ලක්ෂ්මී දේවියට පුද පූජා පවත්වලා ආයෙත් තමන්ට ඉතා හොඳ සාර්ථක අස්වැන්නක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. එතකොට තවත් මතයක් වෙන්නේ දීපවාලී කියන්නේ උතුරු ඉන්දියාවේ රාම රජතුමා දාහතර වසරක් වනගතව ඉඳලා ආයෙමත් අයෝධ්‍යාව වෙත පැමිණීම වෙනුවෙන් ආරම්භ කරපු අපූරු උත්සවයක් කියලා. එදා අයෝධ්‍යාවේ මිනිස්සු ඒ රජතුමා පිළිගෙන තියෙන්නේ පේළියට පහන් දල්වලා. එත්කොට දකුණු ඉන්දියාවේ මිනිසුන්ගේ මතය තමයි අද වගේ දවසක එදා ක්‍රිෂ්ණ දෙවියෝ “නරකසුර” කියන අසුරයා පරාජය කරපු කතාව. එතැනින් ගියාම තියෙන බටහිර ඉන්දියාවේ ඒ මිනිසුන්ගේ මතය විෂ්ණු දෙවියන්ගේ අණ පරිදි “බාලි” රජු පාතාල ලෝකය පාලනය කරන්න ගියේ අද වගේ දවසක කියන එක. ජෛන ආගමේ මිනිසුන්ගේ මතය තමයි ජෛන මහාවීරතුමා මියගියේ අද වගේ දවසක කියලා. ඉතින් දීපවාලී ආරම්භය ගැන තියෙන මත ඔහොමයි.

ශිව පුරාණය තුළ දීපවාලී උත්සවයේ ආරම්භය ගැන තියෙන්නේ නම් මෙහෙම කතාවක්. දවසක් ශිව දෙවියන්ගේ ශක්තිය මැන බලන්න මහා බ්‍රහ්මයාටත් විෂ්ණු දෙවියන්ටත් අදහසක් එනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා ඒක ශිව දෙවියන්ට කියනවා. එතකොට ශිව දෙවියෝ කරන්නේ තමන් ළඟින් ආලෝක ධාරාවක් මවන එක. ඒ ආලෝක ධාරාව හින්දම එතෙක් ලෝකයේ තිබුණයි කියන මෝහය කියන නරක අයින්වෙලා ආලෝකය කියන හොඳ උදාවුණා කියලා විශ්වාස කරනවා. ඔය සිදුවීමෙන් පස්සෙයි දීපවාලී ආරම්භ වෙලා තියෙනවා කියන්නේ. එතකොට තවත් තැනක කිරි සයුරෙන් පහළවුණා කියන මහා ලක්ෂ්මි දෙවඟන ශ්‍රී නාරායන් හෙවත් ශ්‍රී විෂ්ණු දෙවියන්ව විවාහ කරගත්තු දිනය දීපවාලී වුණා කියලත් කියනවා. හැබැයි මේ දීපවාලී උත්සවය කොහොම ඇරඹුණත් අද හින්දුන් ඒක මහා ඉහළින් සමරනවා. ඔවුන් මුලින්ම තමන්ගේ නිවාසය පිරිසිදු කරනවා. ඊළඟට දීපවාලී යෙදෙන දවසට හිරු උදාවෙන්නත් කලින්ම හින්දු ජනතාව අවදිවෙලා දිය නාගෙන පිරිසිදු වෙනවා. පස්සේ අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසිලා දෙවියන්ට පුද පූජා පවත්වන්න කෝවිලට යනවා. එහෙම ගිහින් ඇවිත් තමන්ගේ නෑදෑයන් එක්ක එකතුවෙලා සතුටින් දවස ගෙවනවා. අද දීපවාලී සමරන්නේ එහෙමයි.

අපි දැන් දීපවාලී උත්සවයේ ආරම්භය ගැන විවිධ විශ්වාසයන් සහ මතයන් කිව්වනේ. ඒ කියපු විශ්වාසයන්ට සහ මතයන්ට අනුව ක්‍රිෂ්ණ දෙවියෝ “නරකාසුර” කියන අසුරයා පරාජය කරපු කතාව දැන් ගොඩාක් අය පිළිගන්නවා. ඒ කතාව මෙහෙමයි. මහා විෂ්ණු දෙවියන් සහ භූමා නම් දෙවඟනක් මවුපියන් කරගෙන එදා නරකාසුරන් ඉපදෙනවා. ඇත්තටම ඔහු අසුරයෙක්. ඔය නරකාසුරන් කියන නමේ තේරුමත් “නරක අසුරයා” කියන එක. කොහොම හරි ඔහු කුඩා කාලයේ ගුණයහපත් විදියට හැදුණත් ඔහු වැඩිහිටි කාලේ අසුරයන් එක්ක එකතු වෙලා වැරැදි වැඩවලට හුරුවෙනවා. ඔහු එදා මිනිසුන්ට සතුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට පවා හිරිහැර කරනවා. වගාවන් පවා පාළු කරනවා. අන්තිමේ හිරිහැර විඳපු මිනිස්සු ගිහින් ක්‍රිෂ්ණ දෙවියෝ හමුවෙලා මේ කතාව ඔහුට කියනවා. පස්සේ ක්‍රිෂ්ණ දෙවියෝ නරකාසුරගෙන් ඒ මිනිසුන්ව බේරාගන්නවා. මරණාසන්න මොහොතේ නරකාසුර ක්‍රිෂ්ණ දෙවියන්ගෙන් සමාව අරන් පොඩි ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම වෙන්නේ තමා මියගිය දිනය මිනිසුන්ට අනුස්මරණය කරමින් ඒක ඉහළින්ම සමරන්න කියන ඉල්ලීම. ඔන්න ක්‍රිෂ්ණ දෙවියෝ ඒකට එකඟ වෙනවා. හින්දු වංශකතාවල දීපාවලී උත්සවය ආරම්භ වුණා කියන්නේ ඔහොමයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ලෝකශූරයන් ඉවතට

Next Post

මුවන්පැලැස්සෙ නතරවුණු සංගීතඥයා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.