• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆුට් බෝලේ හුරු වුණාට රඟපෑම නම් හුරු නැහැ…

September 23, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ෆුට් බෝලේ හුරු වුණාට රඟපෑම නම් හුරු නැහැ…
Share on WhatsAppShare on Facebook

මේක වෘත්තීන් දෙකක්…
ගමනට බාධාවක් වෙනවනම් රඟපෑම නවත්තනවා…

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාවේ ජාතික කණ්ඩායමෙන් ඉහළම තැනක සිටින සුවිශේෂී ක්‍රීඩිකාවක් ලෙසට නමක් දිනා සිටින ඇය ප්‍රවීණා පෙරේරා. ජීවිතයම ක්‍රීඩාව කරගත් ඇය දැන් පුංචි තිරයෙන් රංගන ශිල්පිණියක් බවට පත්වෙලා. ඒ ඇය ‘චලෝ’ ටෙලිනාට්‍යයේ ‘හංසි’ ලෙසට ඔබ වෙත සමීප වෙන නිසා. ඉතින් ඇයගේ ඉදිරි ගමන කලාව වෙනුවෙන් කැපවෙයිද, එහෙමත් නැතිනම් ප්‍රවීනාගේ මේ අවසාන රංග භූමිකාවද කියා දැනගැනීමට ඇයට කතා කළා. ඇය අපගේ ඇරැයුම පිළිගෙන ‘මව්රට’ ජාතික පුවත්පතට ප්‍රථම වතාවට ඇයගේ රංගනය ගැන මෙලෙස කිව්වා.

ප්‍රවීනා ජාත්‍යන්තරව තරග කළ ක්‍රීඩිකාවක් ලෙසටයි ඔබව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ. ඒත් දැන් නිළියක් බවට පත්වෙලා. අපි කැමැතියි මුලින්ම එය ගැන කතා කරන්නට?
මම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාව ලෙසට දැනටමත් කටයුතු කරනවා. ඉතින් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක පාපන්දු පුහුණුවීම් කටයුතු කාලයක ඉඳලා තිබුණේ නැහැ. ඉතින් මම ගෙදර ඉන්න කාලය තුළ තමයි මට රඟපෑමට අවස්ථාවක් ලැබුණේ. එයත් අහම්බෙන් තමයි ලැබුණේ. ‘චලෝ’ ටෙලිනාට්‍යයේ පිටපත් රචිකාව ගයානි අසිංසලා අක්කා බිබිල ප්‍රදේශයේ කෙනෙක්. ඉතින් එයා මේ ටෙලිනාට්‍යයට පාපන්දු ක්‍රීඩාව ගැන දන්න කෙනෙක් හොයලා තියෙනවා. බිබිලේ මම දන්න යෙහෙළියක් ඉන්නවා ශානිකා කියලා. එයා තමයි මම ගැන කියලා තියෙන්නේ. ඔය විදියට තමයි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

ප්‍රවීනාගේ හිතේ නිළියක් වීමට හීන නොතිබෙද්දී ඇයි රඟපාන්න හිතුවේ?
එයට විශේෂතම හේතුව තමයි ‘චලෝ’ ටෙලිනාට්‍ය පාපන්දු ක්‍රීඩාව සම්බන්ධව සැකසෙන නිර්මාණයක් නිසයි. මොකද මෙවැනි ක්‍රීඩාවන් ගැන වර්තමානයේ නිර්මාණවල කතා වෙනවා අඩුයි. ඉතින් මම හිතුවා මට කළ හැකි උපරිම දායකත්වය මේ නිර්මාණයට සපයන්න. මම මේ දවස්වල ඉන්නෙ විවේක කාලයෙන් නිසා මට ලොකු පහසුවක් වුණා උපරිම දායකත්වය සපයන්න.

ඔබ නිරූපණය කරන ‘හංසි’ චරිතය හිතුවාට වඩා සාධාරණයක් කරන්න පුළුවන් වුණාද?
මම මේ ක්‍රීඩාව ගැන දැනගත්තත් රඟපෑම ගැන ඇත්තටම මම දන්නේ නැහැ. ඇත්තටම මාව සම්පූර්ණයෙන්ම නිර්මාණයට ගැළපෙන විදියට මාව හදලා ගත්තේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සමීර අයියා. ඔහු මට ගොඩාක් උදවු කළා. ඒ විතරක් නෙවේ ශලනි තාරකා අක්කා, ධනුෂ්ක ඩයස් අයියා වගේම සියලුම කණ්ඩායමෙන් මට පුදුමාකාර සහායක් ලැබුණා.

ඒ කියන්නේ ඔබෙනුත් වැඩි දායකත්වයක් ලැබුණ කියලද?
රඟපෑම අතින් මම යම් සාර්ථකත්වයක් කළා කියලා ප්‍රේක්‍ෂකයන් පිළිගනීවි. මොකද රඟපෑම මට නුහුරු නිසා. නමුත් නිරන්තරයෙන්ම සමීර අයියා මගෙන් අහනවා මෙය පාපන්දු ක්‍රීඩාවක් නිසා කොහොම කළොත්ද හොඳ කියලා. ඉතින් නිර්මාණය වෙනුවෙන් මට කළ හැකි උපරිම සහාය සියලුම දෙනාට මම ලබා දුන්නා.

දැන් ඉතින් ක්‍රීඩාව කරන ගමන් රඟපෑමට අදහසක් තියෙනවද?
මෙහෙමයි… මම මූලිකත්වය දෙන්නේ මගේ ක්‍රීඩාවට. මගේ ගමනට බාධාවක් වෙනවා නම් සමහර විට මම නැවැත රඟපෑම් කටයුතු සඳහා සම්බන්ධ නොවෙන්න පුළුවන්. ක්‍රීඩාව සම්බන්ධ තවත් හොඳ නිර්මාණයක් සැකසුණොත් සිනමාව පැත්තෙන් මට ඒ සඳහා යොමු වීමට කාලවේලාව තිබුණොත් මම සම්බන්ධ වෙනවා. නමුත් පූර්ණ කාලීනව රඟපෑම වෙනුවෙන් යොමු වීමට නම් මගේ අදහසක් නැහැ.

ක්‍රීඩාවට වඩා රඟපෑම පහසුයි කියලා හිතෙන්නෙ නැද්ද?
මම ක්‍රීඩාව වෙනුවෙන් දිවා – රාත්‍රි නොබලා ගොඩාක් මහන්සිවෙලා තමයි අද මේ වගේ තැනක ඉන්නේ. ඉතින් කලාවෙත් අද වැජඹෙන ගොඩදෙනෙක් ගොඩාක් දුක්විඳලා තමයි අද සාර්ථක ගමනක ඉන්නේ. ඉතින් මෙය වෘත්තීන් දෙකක්. චරිතයක් සැබෑ ලෙස ජීවත් කරලා රඟපානවා කියන එක පහසු දෙයක් නෙවෙයි මම දන්නා තරමට නම්. දැන් නම් මම මේ වෘත්තීන් දෙකටම හදවතින්ම ආදරය කරනවා.

ප්‍රවීනාගේ ගමන්මග වෙනස් වුණා කියලා ගෙදරින් විරෝධයක් තිබුණද?
මෙහෙමයි… අපේ අම්මාට රඟපෑම ගැන ලොකුවට අවබෝධයක් තිබුණේ නැහැ. මුලදි නම් අම්මාගේ කැමැත්තක් තිබුණේ නැහැ මම රඟපාන්න යනවට. මොකද මගේ ගමනට බාධාවෙයි කියලා. හැබැයි ‘චලෝ’ ටෙලිනාට්‍යයත් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ එකක් නිසා අම්මාත් ගොඩාක් සතුටු වෙනවා මගේ රඟපෑම දැකලා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස්හි දායකත්වයෙන් තොරතුරු තාක්ෂණ සමාගම් වෙත “AIA ශ්‍රී ලංකා HACKATHON CHALLENGE 2021”…

Next Post

රනිල්ට තහනම් නියෝග පෝලිමක් එයි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.