• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉන්දීය සිනමාවේ රිදී රේඛාව

October 25, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ඉන්දීය සිනමාවේ රිදී රේඛාව
Share on WhatsAppShare on Facebook

රේඛා ගනේෂන් නම් වූ සුපිරි තාරකාව ගැන යම් හැඳින්වීමක් කළ යුතුද, නැද්ද යන්න ගැන මම නොදනිමි. අලුත් පරපුර රේඛා ගැන යමක් නොදැන සිටියද, 70, 80 සහ 90 දශකවල ඉන්දියානු චිත්‍රපටවලට ඇබ්බැහිව සිටිය ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට රේඛා ගනේෂන් ගැන අලුතෙන් යමක් කිවයුතු නැත.

ඒ තරමටම රේඛා උතුරු ඉන්දීය සිනමා වසන්තයට පාට පාට දේදුන්නක් වූවාය. ඍංගාර රසයෙනුත්, අලංකාර නර්තනයෙනුත් රේඛා ඉන්දීය රිදී තිරය දෙවනත් කළාය. මොනාලිසාගේ චිත්‍රය තරමටම ඈ සතු වත කමල හැඟීම්බර විය. ඉන්දීය සිනමාවෙහි රේඛා රජ කළ යුගයේදී එවකට අලුතින්ම සිනමාවට පය තබන තරුණ නළුවන් සමඟ වුවද පෙම් චරිත රඟපාන එක රේඛාට ඒ තරම් ප්‍රශ්නයක් නොවූයේ වයස කිසිසේත්ම ප්‍රකට නොවන ඇගේ රූ සපුව නිසාය.
ප්‍රවීණ ජනප්‍රිය ද්‍රවිඩ නළු ජෙමිනි ගනේෂන්ගේ දූ වන නිසා රේඛාගේ ජානවලින්ම පැමිණි හැකියාවට ඈ තෝතැන්නක් කරගත්තේ දකුණු ඉන්දීය සිනමාව වෙනුවට උතුරු ඉන්දීය සිනමාවයි.

දකුණු ඉන්දීය සිනමාවටද දායකත්වය දෙන්නැයි කියා ජෙමිනි දියණිය රේඛාගෙන් ඉල්ලා සිටියද රේඛා ඔහුගේ ඉල්ලීම ඒතරම් නොතැකුවාය. එයට ප්‍රධානතම හේතුවක් වූයේ ඉන්දීය සුපිරි තරුවක සමඟ රේඛාගේ වූ ආදර සම්බන්ධතාවයි.

බොහොමයක් වූ ජනප්‍රිය තාරකාවන් තහනම් පෙම් හබවල පැටලෙයි. හුදෙක්ම එය සිදුවන්නේ ආකර්ෂණය මතය. නැතිනම් රැල්ලට අනුවය. තවත් සරලව කියනවා නම් ජෝඩු ක්‍රමයට අනුවය.
නමුත් රේඛා සමඟ අමිතාබ්ගේ පෙම් පලහිලව්ව එයට වඩා වෙනස්ය. බොහෝ විට එය හැඟීම්බර විය. එලෙසම ආත්මීය විය. ඒ අපූරු ආලිංගනයේ රස රහස් දැනගත් ඉන්දීය සිනමාකරුවන්ද බොර දියෙහි හරි හරියට මාළු බාන්නට ගත්තේ රේඛා – අමිතාබ් හවුල එක්කොට චිත්‍රපට පෝලිම් ගණන් නිර්මාණය කරමිනි.

නියම භාරත පතිනියක වූ “ජයා බච්චන්” සියල්ල ඉවසා සිටියේ සිය දරු පවුල වෙනුවෙනි. ඉන්දීය කාන්තාවක සතු ගෞරවය රැකගැනීම වෙනුවෙන් ජයා ගෙදර ගිනි පිටතට නොදීමට පරෙස්සම් වූවාය.
බොහෝ විට ප්‍රසිද්ධ පුද්ගලයන් අතර අනියම් සබඳතාවලදී වඩා පරෙස්සම් වන්නේ පිරිමින්ය. ගැහැනිය එය ප්‍රසිද්ධකරලීමට ගන්නා බොළඳ උත්සාහයද පිරිමියා නවතා දමයි. අමිතාබ් සහ රේඛා අතරද එය සිදුවිය. අමිතාබ් තම කුටුම්බය සහ මහත්මා බව රැක ගැනීමට සියල්ල වසං කිරීමට ගත් උත්සාහය ප්‍රබල විය. සියල්ලන් බොහෝ දෑ දැන සිටියද අමිතාබ් ඒ හමුවේ තවුස් දම් පිරුවේය.

කාලයත් සමඟ සියල්ල යටපත් විය. දරුවන් උස්මහත්වන විට අමිතාබ් ලෝකයේ හොඳම තාත්තාගේ චරිතය සිය පවුල තුළ සාර්ථකව රඟ දැක්වූයේය. එපමණක් නොව ඒ උදාරතර පිය උරුමය කීර්තිමත් සීයා කෙනකු දක්වාම විහිද ගියේය. අද 70 පැන්න වැඩිහිටියකු වුවද අමිතාබ් සිය ප්‍රතිරූපයට රේඛාගේ නාමය මුල්කොට ප්‍රසිද්ධියේ හානියක් වීමට මං සැලසුවේ නැත.

එහෙත්,
නොසිතූ ලෙස රේඛා ගනේෂන් සිය පීඩනය පුපුරවා හැරියාය. ඒ පසුගිය ඔක්තෝබර් 10 වැනි දිනට යෙදී තිබූ ඇගේ 65 වැනි උපන් දිනයදාය.
වසර ගණනක් තුළ අමිතාබ් ගැන කිසිවක් ප්‍රසිද්ධියේ නොකී රේඛා තම සිත නිදහස්කර ගැනීම සඳහා ඉතා විවෘතව තම හැඟීම් ප්‍රකාශ කිරීමට යොදාගෙන තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදී “ආකන්ෂ්කා ගුප්තාවය.”
“මමත් අමිත් ජීත් අතර තිබූ සම්බන්ධය කෙතරම් හැඟීම්බර දැයි මට පසුව දන්නා එකම අය ඔහුම පමණය.”

රේඛා කී සියල්ල ප්‍රසිද්ධියේ පැවසීමට ආකන්ෂ්කා ගත් ආරම්භක වදන් පෙළ එය විය.
අමිත් මෙය ප්‍රසිද්ධියේ පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරන්නේ ඔහු තුළ වූ මහත්මාභාවය සහ ගෞරවය රැක ගැනීමටය. විශේෂයෙන්ම අමිත්ට තම පවුල ලොකුය.

ජයා සමඟ තිබෙන නීතිමය බැඳීම ලොකුය. ඒ සියල්ලට වඩා සත්‍ය වශයෙන් අමිත් ජී මට ආලය කළද නීතිමය ලෙස යම් න්‍යායකට අනුව ඔහුට ලැබුණු දේවල් අහිමිකර ගන්නට ඔහු අකැමැතිය.
ආලයේ නාමයෙන් මම අමිත්ට ඔවුන් සමඟ කල් ගෙවන්නට ඉඩ දෙමි. ඔහුගේ පවුල ගැන ඔහු හිතන, පතන සුන්දර විදියට මමද ආසා කරමි. අමිත් මට ආදරය කරන්නේද ඒනිසා වන්නට ඇත.
ලෝකය අප ගැන කුමක් හිතන්නේදැ’යි අපට අදාළ නොවේ.

“මම රේඛාට ආදරය කරන්නෙමි”යි අමිත් ප්‍රසිද්ධියේ පැවසීම මට අවැසි නැත.
මම අමිත්ට ආදරෙයි. අමිත් ජී ද මට ආදරේය. ඒ රහසිගත පෙම සොඳුරුය. ඒ සුන්දරත්වය මට ආශ්වාදනීය හැඟුමකි. ඒ හැඟීම මියෙන තුරු මට සතුටක් වන බව මම දනිමි. ඉතින් එතැනින් ඔබ්බට කිසිදු විනාශයක් වුවද මට කම්නැත.

රේඛාගේ වදනින් ඈ කී සියල්ල ආකන්ෂ්කා ප්‍රකාශයට පත්කළ පසු සුපිරි නළු අමිතාබ්ගේ ජංගම දුරකතනයටත්, නිවෙසේ දුරකතනයටත් ඉස්පාසුවක් නොවූ බවට විවිධ ආරංචි සමාජ ජාල වෙබ් අඩවිවල පළවිය.
70 – 80 දශකයේ සිට ඉන්දීය ඕපාදූපකරුවන් හොයමින් සිටි ප්‍රසිද්ධ රහසක් නිරාවරණ විය. එහෙත් එයට ලුණු ඇඹුල් දමා රස කරන අවධිය අමිතාබ් පසුකරමින් සිටින හෙයින් රේඛා “ටූ ලේට්” යැයි සමහරු පවසති.

නමුත් “අමිතාබ්ගේ ප්‍රතිරූපය පුපුරා යන්නට නම් තවත් ලුණු ඇඹුල් අවැසි නැත. බච්චන් නිවෙසේ කසුකුසු අසන්නට ඇත්නම් එය ඉතා අපූරු යැයි යනුවෙන්ද,
“අමිත් ජී උත්තර දෙන්න නැත්නම් රේඛා නම් ගිනිසිළුව කී සියල්ල සත්‍ය වනු ඇතැයි” යනුවෙන්ද විවිධ සමාජ ජාල වෙබ් අඩවිවල පළවන පුවත්වලද තවමත් නිමාවක් නැති තරම්ය.
ඉතින් අප බලා හිඳිමු..,
ඊළඟ මොහොත අවිනිශ්චිතය
මන්ද යත් ආලයට හෝ ප්‍රේමයට වයසක් හෝ තරාතිරමක් නැත.
රේඛාගේ උසිගැන්වීම මත සියල්ල පුපුරවා හැරිය ආකන්ෂ්කා සිය ට්විටර් ගිණුමෙහි එසේ සටහන්කර තිබිණි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පෑන් ඒෂියා බැංකුව ලංකාවේ උසස්ම ව්‍යාපාරික ආයතන 30 අතරට

Next Post

නකල්ස් කදුවැටියෙන් මතුවූ පොළොන්නරුවේ ඉතිහාසය

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.