• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෙදා ජන්දෙට සත්තු 10 ‌දෙනෙක් එනවා

October 21, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
මෙදා ජන්දෙට සත්තු 10 ‌දෙනෙක් එනවා
Share on WhatsAppShare on Facebook

මේ පාර ජනාධිපතිවරණයේ විශේෂතා ගොඩක් තියෙනවා කියන එක දැන් හැමෝම දන්න කාරණාවක්. 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පස්සේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම ඒ අතරින් එක විශේෂත්වයක්. ඒ හින්දා ලංකාවේ ඊළඟ ජනාධිපතිට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට තිබුණා වගේ විධායක බලතල නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිවරු කරපු ගොඩක් දේවල් කරන්න ඊළඟ ජනාධිපතිවරයාට බලයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට වැඩ කරන්න පුළුවන් වුණාට ඊළඟ ජනාධිපතිවරයාට කැබිනම් ආමාත්‍ය ධුරයක් වත් දැරීමේ බලයක් නැහැ කියලයි ව්‍යවස්ථා විශේෂඥයෝ කියන්නේ.
හැබැයි ඒ හේතුව හින්දා ඊළඟ ජනාධිපතිවරයණය පිළිබඳ තියෙන උනන්දුව නම් පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. ජනාධිපතිවරණය පිළිබඳ රටේ ජනතාව තුළ තියෙන උනන්දුව කොයි හැටි වෙතත් දේශපාලන පක්ෂ සහ දේශපාලනයට ඍජුව සම්බන්ධ අය අතරේ ඒ ගැන තියෙන්නේ ලොකු උනන්දුවක්. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන්ගේ ලැයිස්තුව බැලුවම තමයි ඒ උනන්දුව කොච්චරක්ද කියලා හොඳටම තේරුම් යන්නේ. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් ගණන 35ක්. ඒකත් මේ ජනාධිපතිවරණයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්. මොකද ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වැඩිම අපේක්ෂකයන් ගණන තමයි මේ. ඒ හින්දම ලංකාවේ මැතිවරණයකදී සකස් කළ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සකස් කරන්නත් මැතිවරණ කොමිසමට සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරණය සඳහා වියදම් කරන මුදලත් දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඒ වියදම රුපියල් කෝටි 700 දක්වා ඉහළ යන්න පුළුවන් කියලයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ.
ඡන්දදායකන්ගේ පහසුව සඳහා ජනාධිපතිවරණයේ ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් මැතිවරණ කොමිසම මේ වෙද්දි නිකුත් කරලා තියෙනවා. ඒ ඡන්ද පත්‍රිකාව දැක්ක ගමන් ඕනෑම කෙනකුගේ හිතට නැඟෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා තිබුණත්, ඡන්ද පොළට ගිහින් ඒ අපේක්ෂකයාගේ සලකුණ හොයාගන්න කොච්චර වෙලාවක් යයිද කියන එක තමයි ඒ. මොකද තම ඡන්ද සලකුණ සඳහා සත්ව රූප යොදාගත් අපේකෂකයෝ 10 දෙනෙක් මේ ලැයිස්තුවේ ඉන්නවා. ප්‍රධාන පක්ෂයක සලකුණ මාරුවෙලා ඒ සලකුණට සමාන වෙනත් සලකුණක් වෙත ඡන්දය ලබාදුන්න කතාවක් මීට කාලෙකට කලින් ජනාධිපතිවරණයකට පස්සේ සමාජයේ පැතිර ගිය හැටි මතකනේ. ඒ වගේම ඒ අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය නොසිතූ විදියට ඉහළ ගිහිල්ලත් තිබුණා. ඒ හින්දා මේ ජනාධිපතිවරණයෙදිත් ඒ වගේ දේවල් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා.
අකාරාදී පිළිවෙළට සකස් කළ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ පූජ්‍ය අපරැක්කේ පඤ්ඤානන්ද හිමියන්ගේ නම. උන්වහන්සේ ඡන්ද සලකුණ වෙන්නේ සුනඛයා. ලැයිස්තුවේ දෙවැනි තැනට ඉන්න එස්. අමරසිංහ මහත්මයාගේ ඡන්ද සලකුණ වෙන්නේ ලේනා. ආරියවංශ දිසානායක මහතා රාජාලියා ලකුණෙනුත්, ජයන්ත කැටගොඩ මහතා රයිනෝසිරස් ලකුණෙනුත්, මිල්රෝයි ප්‍රනාන්දු මහතා මුවා ලකුණෙනුත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශ්වයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඡන්ද සලකුණ හංසයා. ඒ.එස්.පී. ලියනගේ මහතා කැන්ගරුවා ලකුණෙනුත්, රජීව විජේසිංහ මහතා බකමූණා ලකුණෙනුත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා.
සත්ව සලකුණු යොදාගනිමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අපේක්ෂකයෝ දෙන්නා ටිකක් විශේෂයි. එම්.කේ. සිවාජිලිංගම් මහතා සහ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා තමයි ඒ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට සහාය දීම වෙනුවට තම ජාතිය වෙනුවෙන් වෙනමම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබීම හින්දා තමයි මේ අපේක්ෂකයෝ දෙන්නා විශේෂ වෙන්නේ. ඒ වගේම පහුගිය කාලේ මේ දෙන්නා සම්බන්ධයෙන් උතුරෙන් සහ නැඟෙනහිරෙන් අහන්න ලැබුණු යම් යම් කාරණා හින්දත් මේ ඉදිරිපත් වීම වැඩිදෙනාගේ අවධානයට ලක්වෙන්න හේතුවෙලා තියෙනවා. සිවාජිලිංගම් මහත්මයාගේ ඡන්ද සලකුණ මාළුවා. හිස්බුල්ලා මහතාගේ සලකුණ ඔටුවා. ඡන්ද සලකුණ විදියට මාළුවා යොදාගැනීමේ විශේෂත්වයක් නොවුණත්, හිස්බුල්ලා මහතාගේ සලකුණ විදයට ඔටුවා යොදාගැනීමේ විශේෂත්වයක් පැහැදිලිවම පේන්න තියෙනවා.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සත්ව රූප යොදාගනිමින් තරගවදින අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ඒ විදියට වෙන් කරන්න පුළුවන්. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද සලකුණ වෙන්නේ පොහොට්ටුව. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත්වුණු පොහොට්ටුව ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවක් සඳහා ඇතුළත් වෙලා තියෙන්නේ පළමු වතාවට වීමත් සුවිශේෂයි. ඊට අමතරව අජන්ත ද සොයිසා මහතා අන්නාසි ගෙඩිය ලකුණෙනුත්, රොහාන් පල්ලෙවත්ත මහතා පොල් ගෙඩිය ලකුණෙනුත් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ඡන්ද පත්‍රිකාවේ දකින්න තියෙන අනෙක් පලතුර තමයි ඇපල් ගෙඩිය. අශෝක වඩිගමංගාව මහතා තමයි ඒ ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.
ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත්තයා සහ ජාතික ජනතා ව්‍යාපාරයේ මහේෂ් සේනානායක මහත්තයත් මෙවර ජනාධිපතිවරණයේදී පෙරළියක් කරයි කියලා විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ අතරින් අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඡන්ද සලකුණ තමයි මාලිමාව. අකාරාදී පිළිවෙළට නම් සඳහන් ඡන්ද පත්‍රිකාවේ අන්තිමටම නම සඳහන්ව ඇති හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ඡන්ද සලකුණ තමයි විදුලි බුබුල.
ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාවේ දකින්න තියෙන රථ වාහන ගණන 4ක්. ත්‍රිරෝද රථය, මෝටර් කාරය, හෙලිකොප්ටරය සහ ට්‍රැක්ටරය තමයි ඒ. එම ලකුණු නියෝජනය කරමින් පිළිවෙළින් සිරිතුංග ජයසූරිය මහතා, අරුණ ද සොයිසා මහතා, අනුරුද්ධ පොල්ගම්පල මහතා සහ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. රථ වාහන සම්බන්ධ ප්‍රධාන උපාංගයක් වන ටයරය ලකුණෙන් ඒ.එච්.එම්. අලෙවි මහතා ඉදිරිපත් වෙලා තියෙනවා. ක්‍රීඩා භාණ්ඩයක් වන පාපන්දුව ලකුණෙන් මොහොමදු ඉල්ලියාම් මහතා සහ ක්‍රිකට් පිත්ත ලකුණෙන් චන්ද්‍රසේකර මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම දුන්න සහ ඊතලය ලකුණ ඉදිරියේ සරත් මනමේන්ද්‍ර මහතාගේ නමත් පලිහ ලකුණ ඉදිරියේ පියසිරි විජේනායක මහතාගේ නමත් ඡන්ද පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා.
දිගින් දිගට කියවාගෙන යද්දි ඉතිරි අපේක්ෂකයන් සඳහා යොදා ගන්නා ඡන්ද සලකුණු තවත් ඉතිරි වෙලා තියෙනවද කියල හිතෙන්නත් පුළුවන්. ඒ වුණාට අපේක්ෂකයෝ තරමටම ඡන්ද පත්‍රිකාව සඳහා යොදාගන්නා සලකුණුත් ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. පී.එම්. එදිරිසිංහ මහතාගේ ලකුණ වෙන්නේ කැටය. සරත් කීර්තිරත්න මහතාගේ ලකුණ විදියට ගිටාරයත්, දුමින්ද නාගමුව මහතාගේ ලකුණ විදියට කුළුගෙඩියත්, සමන් පෙරේරා මහතාගේ ලකුණ විදියට කොඩියත්, බැද්දේගමගේ නන්දමිත්‍ර මහතාගේ ලකුණ විදියට මේසයත් ඡන්ද පත්‍රිකාවේ සටහන් වෙලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙන අනෙක් ද්‍රවිඩ ජාතික අපේක්ෂකයා වන සුබ්‍රමනියම් ගුණරත්න මහතාගේ ඡන්ද සලකුණ වෙන්නේ දුරකතනය. සමරවීර වීරවන්නි මහතාගේ ඡන්ද සලකුණ ලෙස කළු ලෑල්ල ලකුණත්, පානි විජේසිරිවර්ධන මහතාගේ ලකුණ ලෙස කතුරත්, නාමල් රාජපක්ෂ මහතාගේ ලකුණ ලෙස කණ්ණාඩි කුට්ටමත් යොදාගෙන තියෙන බව තමයි මේ ඡන්ද පත්‍රිකාව බැලුවම පේන්නේ.
අපි දැන් අපේක්ෂකයන් 34 දෙනකුගේ ඡන්ද සලකුණු ගැන කතාකරලා ඉවරයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න එකම අපේක්ෂිකාවගේ ලකුණ ගැන විතරයි අපට කියන්න තියෙන්නේ. 1999 වසරෙන් පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පළමු අපේක්ෂිකාව ලෙස පරිසරවේදිනියක වන අජන්තා පෙරේරා මහත්මිය මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදිනවා. බැලූනය තමයි ඇයගේ ඡන්ද සලකුණ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා සකස් කෙරෙන දිගම ඡන්ද පත්‍රිකාව මෙය වුණත්, මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණ සඳහා මීට වඩා දිගින් වැඩි ඡන්ද පත්‍රිකා සකස් වෙලා තියෙනවා. 2010 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 76ක් තරගවැදිලා තියෙනවා. ඒ අතරට ස්වාධීන කණ්ඩායම් 41 ඇතුළත් වෙලා තිබෙන බවත් සඳහන්. තීරු තුනකින් යුක්තව අඩියක් පළලට තමයි එදා ඒ ඡන්ද පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ.
කොහොම වුණත් මේ පාර ඡන්දෙදි තමන් කැමැති අපේක්ෂකයාගේ සලකුණ හරියටම තෝරාගන්න එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි කියන එක තමයි ආයෙත් කියන්න තියෙන්නේ. ඒ හින්දා මේ පත්‍රිකාව කිහිප වරක් පරීක්ෂා කරලා තමන් කැමැති අපේක්ෂකයාගේ ලකුණ තියෙන්නේ කොතැනද කියන එක හොඳට බලාගෙන ඡන්ද පොළට යන එක හැමෝටම හොඳයි කියලත් අපි මතක් කරනවා. මෙවර ජනාධිපතිවරණයේදී 85% ඉක්මවූ පිරිසක් ඡන්දය භාවිත කරයි කියලා මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දී ඡන්ද පොළට ගිහින් තමන් කැමැති අපේක්ෂකයාගේ සලකුණ හොයන්න ගියොත් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ලොකු තදබදයක් ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා. මේ ආදර්ශ ඡන්ද පත්‍රිකාව කල් තියාම නිකුත් කරන්න මැතිවරණ කොමිසම කටයුතු කරලා තියෙන්නෙත් ඒ අරමුණෙන්ම තමයි. ඒ හින්දා එයින් ප්‍රයෝජන ගන්න කියන එක නැවත වතාවක් මතක් කරනවා.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි

Next Post

මුලු උතුරම එක මතයක

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.