සැප්තැම්බර් මස 21 වෙනිදා උදෑසන 4.00 පසුව නිරෝධායන ඇඳිරි නිතිය ඉවත් කරන්නේ නම් ඉන් පසුව පැනවිය යුතු සීමාවන් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වන වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී පොහෝය දිනය අරුණු විට අනෙකුත් දිනවල රටේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවත්වාගෙන යෑමට ද උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.
නිරෝධායන ඇඳිරි නිතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.










