• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි පැටවුන් 14ක් නිදහස් කළාට එරෙහිව එන්තරවාසියක්!

September 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහ රෑ අලි පැටියකු අල්ලන්න ගිහින් මින්නේරිය කැලෑව ඇතුළේ ජංජාලයක්!
Share on WhatsAppShare on Facebook

උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දන්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු වගකිව යුත්තන්ට විරුද්ධව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.

වන සතුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා බලපවත්වන්නාවු නීතිය ඇතුලත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව ලියාපදිංචි නොකළ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව චෝදනා එල්ල වී තිබියදී නව නීතියක් හරහා එහි පැරණි හිමිකරුවන්ටම නඩු භාන්ඩවල භාරකාරත්වය යළි ලබා දීමට කටයුතු කර ඇති බව බැවින් මෙසේ නීතිමය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා පැවැසීය.

මේ අනුව දැනට උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනෙක් මාස 03 ක් ඇතුලත ලියා පදිංචි කිරීමේ කොන්දේසිය මත මුදාහැරීම සත්ව අයිතීන් රැකගැනීමේ සංවිධානවල මෙන්ම පරිසරවේදීන් ඇතුලුව පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ විමතියට හේතු වී ඇතැයි ද විතානගේ මහතා කීය.

අලි පැටවුන් ජාවාරමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගෙන ගිය දැඩි බලපෑමිවල ප්‍රතිඵලයක් වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 දෙනෙක් අත් අඩංගුවට ගෙන එහි චූදිතයන්ට නඩු පවරා තිබුණි

මෙම අලි පැටවුන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ මේ රටේ දේශපාලනික බලවතුන් වන බවද අපට දැනගන්නට ඇතැයි කී ඔහු බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමඟ වන සංරක්ෂණ අමාත්‍යවරයා එක්ව 2021 මාර්තු මස 12 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා මෙම අලි පැටවුන් නිදහස් කර ගැනිමට සිදුකළ ඉල්ලීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම බිඳ වැට්ට වීමට හේතු වූ බවයි.

අලීන් මෙල්ල කිරීම සඳහා උල තිබෙන හෙණ්ඩුව පාවිච්චි කිරීමට අනුබල දීමෙන් මෙන්ම සංචාරක ව්‍යාපාරය වැනි දෑ ප්‍රවර්ධනය උදෙසා මිනිසුන් 04 දෙනෙකු පිටේ ගෙන යාමටත්,ලී කොටන් ඇදීමටත් නීතියෙන් අවසර දීමෙන් සිදුවන්නේ සත්ව හිංසනයක් වන බව දැන දැනත් තහනම් දේ නීති ගත කොට ගැසට් පාවිච්චි කරමින් නීතිය නවා එක් එක් පුද්ගලයින්ට අලිපැටවුන් පවරා දීමට කටයුතු කිරීම දැඩි සේ හෙලා දකින බව ද හෙතෙම සඳහන් කළේය.

SendShareShare
Previous Post

21න් පසු රට අරින විදිහ ජනපති ඉල්ලයි!

Next Post

හිරගෙවල් ඇතුළෙන් ෆෝන් 5000ක්! බැටරි 10,000ක්!

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.