රටම පමණක් නොව ලෝකයම අගුලූ දැමූ කාලයක් අප ගත කරමින් හිඳිමු. හෙට කුමක් සිදුවේදැයි නොදන්නා අවාසනාවන්ත බවක් දැනෙමින් තිබේ. මේ සියලූම අර්බුද අතර ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට ද උදා වූයේ අභාග්‍ය සම්පන්න අවධියකි.
එක පැත්තකින් කොවිඩ් අර්බුදයයි. තවත් පැත්තකින් ගුරු අරගලයයි. ඒ අතරට බලධාරීන්ගේ හිතුවක්කාරකම් ද එක් විය. බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය එක තැනක නැවතී තිබුණේය. කියන්නට කෙනෙක් හිටියේ නැත. කරන්නට දෙයක් තිබ්බේ ද නැත.
අතිවිප්ලවීය අධ්‍යාපනික සංකල්පයක් මතුව එන්නේ ඒ අතරය. මේ විප්ලවීය අධ්‍යාපනික මෙහෙයුම ඩී.පී එඩියුකේෂන් නමින් නිර්මාණය වන්නේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වූ කෝටිපති ධම්මික පෙරේරා මහතාගේ කෝටියක් වටින සංකල්පයක් අනුව ය.
DP එඩියුකේෂන් සම්පූර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් වූ අතර ‘මව්රට’ අපි මුලින්ම මේ පිළිබදඔබට කිව්වේ හැමදෙයක්ම දෙවියන්ට භාර දෙන රටේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය භාර ගන්නට DPට හැකි යැයි අපට හැගුණු බැවිනි.
මේ වන විට ඒ වටා එක්ව ඇති සිසු සිසුවියන් ප‍්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන් නොනැවතී DP එඩියුකේෂන් ශ‍්‍රී ලාංකික තරුණ දරුවන් වෙනුවෙන් ද නව අධ්‍යාපන අවස්ථාවක් සකසමින් හිඳී.
ඒ, මොරටුව සරසවිය හා එක්ව සකසන ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය විෂයයන් සහිත ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය. වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන් 20,000කට පමණ මේ හරහා නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිබව DP එඩියුකේෂන් මේ වනවිටත් ප‍්‍රකාශයට පත් කර ඇත.
මේ සියල්ල සමග දැයේ දරුවන්ට සිය අධ්‍යාපනය සම්බන්ධව වූ ඉච්ජාභංගත්වය පහව ගොස් තිබේ.
ඒ වෙනුවෙන් DP එඩියුකේෂන් සාර්ථක සහ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර අවසන්ය. එය වඩාත් ක‍්‍රමවත්වීම සහ පුලූල් වීම ආරම්භ වී අවසන්ය. එසේනම් දැයේ දරුවන්ගේ හෙට දවස DPට බාරයි කියනා එකේ වරදක් අපට නොපෙනේ.










