ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම මුල්කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජා දිගටම පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත.
පලාලි ජාත්‍යන්තර ගුවන්තොට අද (17) දිනයේ විවෘත වුවත් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා කිරීම සදහාම අගමැතිවරයා ඊයේ (16) දිනයේ යාපනය බලා පිටත්ව ගොස් තිබිණ.
ඒ අනුව අගමැතිවරයා හා දෙමළ සන්ධානය අතර සාකච්ජාවක් ඊයේ පැවැත්වී ඇති අතර දැනට දෙමළ සන්ධානය ඉදිරිපත් කර ඇති කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බවක්ද දැනගන්නට ඇත.










