ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම අද (17) දිනයේ යාපනයේ සංචාරයකට එක්ව සිටිති.
ඒ යාපනය ජාත්‍යන්තර ගුවන්තොට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහාය.
මීට පෙර දමිළ මාධ්‍ය ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගී නොවන බව වාර්තා කර තිබුණත් එම මාධ්‍ය වාර්තා අසත්‍ය කරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව මෙම උත්සවයට සහභාගී වී තිබිණ.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං යන පිරිස ඇතුළු අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.