• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නුවර වැවේ කඳුළු කතාව

October 16, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නුවර වැවේ කඳුළු කතාව
Share on WhatsAppShare on Facebook

අපි දැන් ඉන්නේ කන්ද උඩරට සෙංකඩගලපුර රාජධානියේ. අපට ඈතින් පේන්න තියෙන්නේ උතුම් වූ දළදා වහන්සේ වැඩවාසය කරන මහනුවර ශ්‍රී දළදා මාලිගාව. ඒ වගේම දැන් අපිත් දළදා මාලිගාවත් අතර තියෙන්නේ නිහඬවම ඉන්න නුවර වැව. ඇත්තටම අපි නුවරට ආවේ නුවර වැවේ අතීතය හොයන්න. නුවර වැව රවුමට ආපුවම එක පැත්තකින් අපිට පේන්නේ දළදා වඳින්න යන මිනිස්සු. ඒ නැත්නම් නුවර වැවේ සීතලත් එක්ක ආදරේ උණුහුම විඳින ආදරණීය මිනිස්සු. ඒත් නැත්නම් ගස් සෙවනක් යටට වෙලා කල්පනා ලෝකවල තනිවුණු මිනිස්සු. ඒත් ඔය හැමදෙයක් දිහාම නිහඬවම බලන් ඉන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි ඉස්සරහින් පෙනෙන නුවර වැව. කියවන ඔබ නොදන්නවාට නුවර වැවටත් කතාවක් තියෙනවා. හැබැයි ඒක හුඟාක් දුක හිතෙන කඳුළුත් එක්ක ලියවුණු කතාවක්. මේ නුවර වැව දන්න හුඟාක් මිනිස්සු ඒ කතාව දන්නේ නෑ. ඒ හින්දා කියවන ඔබ වෙනුවෙන් අපි ඒ කතාව පළමුවැනි වතාවට ඔන්න නුවර අහස යට ඉඳගෙන කියනවා.

නුවර වැවේ ඉතිහාසය ගත්තම ඒකට තියෙන්නේ මහා දිගු ඉතිහාසයක්. එදා ඔය වැව මුලින්ම හඳුන්වලා තියෙන්නේ “කිරි මුහුද” කියලා. ඒකට හේතුව තමයි ඒ වැවේ කිරි ඉබ්බෙක් වාසය කිරීම. එදා වැව තියෙන ඉසව්වේ හරි අපූරු කිරි ඉබ්බෙක් වාසය කරලා තියෙනවා. ඊට පස්සේ රජතුමා ඒ ඉබ්බා වෙනුවෙන් දැනට නුවර වැව තියෙන තැන නැගෙනහිර කෙළවරේ පොකුණක් හදනවා. එදා ඉඳන් ඒ පොකුණ හඳුන්වලා තියෙන්නේ කිරි මුහුද කියලා. ඉතින් ඊට පස්සේ කාලයත් එක්කම ඔය පොකුණ මැදිවෙන්න නුවර වැව හැදෙනවා. ඉතින් ඒ වැවත් එදා ඉඳන්ම හඳුන්වලා තියෙන්නේ කිරි මුහුද කියලමයි. කොහොමින් හරි ඉංග්‍රීසි ජාතික ඩොයිලිගේ දිනපොතේ මේ කිරි මුහුද ගැන එක සටහනක් තිබිලා තියෙනවා. ඩොයිලි ඒක ලියලා තියෙන්නේ 1810 අවුරුද්දේ ඔක්තෝබර් 23 වැනිදා. ඒ හින්දා කිරි ඉබ්බගේ කතාව ගොතාපු එකක් වෙන්නත් බෑ. ඉතින් කොහොම හරි නුවර වැව කිරි මුහුද විදියට මුලින්ම නිර්මාණය වෙන්නේ ඔන්න ඔහොමයි. හැබැයි දැන් කවුරුත්ම ඒකට කිරි මුහුද කියන්නේ නෑ. මොකද දැන් ඒකට කියන්නේ “නුවර වැව” කියලා.

නුවර වැව මැද තියෙන අපූරු දූපත ගැනත් ටිකක් කියන්න ඕනේ. එදා ඉඳන් ඒක හැඳින්වුවේ “ජයතිලක මණ්ඩපය” කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නුවර වැව හදලා ඊළඟට කළේ ඒ වැව මැද තිබුණු එක්තරා පස් කන්දක් දූපතක් බවට පත් කරපු එක. ඔහු එහෙම කළේ තමාට විවේක සුවයෙන් ඉන්න. කොහොම හරි ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැව මැද ඒ දූපතේ මණ්ඩපයක් හදවනවා. එහෙම හදලා ඒ වටා පරිසරය අලංකාර විදියට නිර්මාණය කරවනවා. අන්න එහෙම හැදුණු අපූරු දූපත තමයි “ජයතිලක මණ්ඩලය” බවට පත්වෙන්නේ. කොහොමින් හරි ඔය රජතුමා දවසකට දෙතුන් වතාවක්ම වගේ ජයතිලක මණ්ඩලයට ඇවිත් ගිහින් තියෙනවා. එදා ඒකට එන්න තිබුණයි කියන්නේ අකුළන්න පුළුවන් පාලමක් මඟින්. ඒ පාලමත් තිබිලා තියෙන්නේ “උල් පැන් ගේ” විදිහට හඳුන්වපු බිසෝවරු වැවේ නාපු ස්ථානය ළඟ. ඒත් කාලයත් එක්ක අද නම් ඒ අපූරු පාලමේ නටබුන්වත් දකින්න නෑ. හැබැයි එදා දූපතේ තිබුණයි කියන ජයතිලක මණ්ඩපයේ නටබුන් නම් අපේ සංස්කෘතික ත්‍රිකෝණයට පින්සිද්ධ වෙන්න අදටත් දකින්න පුළුවන්. අවසානයේදී ඉංග්‍රීසීන් උඩරට අත්පත් කරගැනීමත් එක්ක මේ ජයතිලක මණ්ඩපය ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගබඩාවක් විදියටත් භාවිත කරලා තියෙනවා.

දළදා මාලිගාව සමීපයේ තියෙන නුවර වැව ගැන කිව්වොත් වැව වටා තියෙන වලාකුළු බැම්ම ගැනත් නොකියා බෑ. ඇත්තටම නුවර වැව වටේ තියෙන අර අලංකාර පවුරටයි අපි වලාකුළු බැම්ම කියන්නේ. අපි දැනගත්තු විදියට වළාකුළු බැම්මේ දිග මීටර් හයසීයකට එහා තියෙනවා. ඒ වගේම ඔබත් දැකලා ඇති වලාකුළු බැම්මේ තියෙන ත්‍රිකෝණාකාර කවුළු. ඒ කවුළු එදා තිබිලා තියෙන්නේ රජ කාලේ තිබූ විශේෂ උත්සව අවස්ථාවලදි පහන් පත්තු කරන්න. එදා එහෙම පහන් පත්තු කළාය කියලත් සඳහන් වෙනවා. ලේඛක ඒ.සී. ලෝරිගේ “GAZETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON” කියන කෘතියේ තියෙන විදියට ඔය වලාකුළු බැම්මේ කොටසක් හදන්නට භාරවෙලා තිබිලා තියෙන්නේ ගන්නොරුව ටිකිරි ගම්මැහේගේ වසමේ මිනිසුන්ට වගේම පරකටවෙල ආරච්චිගේ මිනිසුන්ට. ඒත් ටිකිරි ගම්මැහේගේ වසමේ ඒ මිනිස්සු ඒක කලට වෙලාවට අවසන් කරලා නෑ. ඒ හින්දා අපේ රජතුමාට තරහා ගිහින් ටිකිරි ගම්මැහේව හිරේ දාලා ගම්මැහේ තනතුරත් අහිමි කෙරුවයි කියනවා. ඉතින් ඔන්න ඔය වගේ අඳුරු කතා රැසක් එක්කයි වලාකුළු බැම්ම හැදෙන්නේ. ඒත් ඉතින් ඒ අඳුරු කතා අපේ අය නම් තවමත් දන්නේ නෑ.

අද නුවර වැවට යටවෙලා තියෙන බිම එදා දවසේ හඳුන්වලා තියෙන්නේ “ටිඟොල්වෙල” බිම කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ ඔය ටිඟොල්වෙල කියන්නේ මැසි මදුරුවන්ගෙන් පිරුණු අපිරිසිදු වූ මඩ ගොහොරුවක්ලු. ඒත් ඉතින් ඒ මඩ ගොහොරුව එක තැනකදී වාසියකට හැරවිලත් තියෙනවා. ඒක තමයි 1803 අවුරුද්දේ උඩරට ආක්‍රමණයේදී මහනුවර නගරය ගිනිබත් කරපු ඉංග්‍රීසි සොල්දාදුවන්ට හැදුණු මැලේරියාව වසංගතය. ඇත්තටම ඒක හැදෙන්න එදා බලපාලා තියෙන්නේ අර ටිඟොල්වෙල කියලයි ඔන්න කියන්නේ. හැබැයි ඒක වැව හදපු අපේ මිනිසුන්ටත් බලපාලා තියෙනවා. “හෙන්රි චාල්ස්” නම් ඉංග්‍රීසි ලේඛකයා 1840 අවුරුද්දේ ලියපු “CEYLON AND THE CINGALESE” නම් කෘතියේ තියෙන විදියට නුවර වැව හැදීමෙන් මහනුවර නගරය අලංකාර වූ බවත් වැව හැදීමේදී පල් වූ ජලයේ බැස සිටීම නිසා ශරීරගත වූ විෂබීජවලින් හැදුණු විවිධ වූ රෝගාබාධ නිසා මිනිස්සු ගණනාවක්ම මිය ගියා කියලා කියනවා. එදා මිනිස්සු වැව හදන්න යොදාගෙන තියෙන්නේ වැටුපකට නෙවෙයිලු. ඇත්තටම ඒක රාජ අණක්. ඒක නිසා මිනිස්සු වැව හදන්න අකැමැත්තෙන් හරි ඇවිත් තියෙනවා.

අපි අද මේ කතාකරන නුවර වැව හදන සැලැස්ම එදා හදලා තියෙන්නේ “දේවේන්ද්‍ර මූලාචාරින්” කියලයි කියන්නේ. ඔය කාලේ දේවේන්ද්‍ර මූලාචාරින් කියන්නේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. කොහොමින් හරි එවකට රටේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා විදියට කටයුතු කරලා තියෙන්නෙත් දේවේන්ද්‍ර මූලාචාරීන්ම තමයි. ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවත් ඔහුගේ සැලැස්මට අනුව හදපු එකක් කියලයි කියන්නේ. එදා ඔන්න ඔය හේතූන් හින්දම එතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ හිත දිනාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඔහු ගැන තවත් පිරිසක් හුඟාක් අකැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ තමයි උඩරට ප්‍රධානීන්. පස්සේ ඔවුන්ගේ කුමන්ත්‍රණයක් උඩ දේවේන්ද්‍ර මූලාචාරින් ඔහු විසින්ම සැලසුම් කළ අර වැවේ ගිල්වලා රජතුමාට හොරෙන් මරනවා. හැබැයි කොහොම හරි රජතුමාට ඒක ආරංචි වෙනවා. ඒත් ඒ මරණයට හරි හේතුව නම් රජතුමාට දැනගන්න ලැබෙන්නේ නෑ. එදා රජතුමා හිතන්නෙත් ඒක අබිරහස් මරණයක් කියලයි. කොහොම හරි ඊට පස්සේ රජතුමා ඒ ගැන සෑහෙන්න ශෝකයට පත්වුණා කියලා කියනවා.

නුවර වැව ගැන කිව්වොත් නුවර වැවේ ශ්‍රී දළදා මාලිගාව ළඟම තියෙන “බිසෝ උල්පැන් ගෙය” ගැන නොකියා බෑ. එතැන තමයි එදා රජතුමාගේ බිසෝවරු ස්නානය කළාය කියලා කියන්නේ. දැන් එතැන අපට පේන්න තියෙන්නේ 1825 අවුරුද්දේ ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් එතැන අලුතින් සැලසුම් කරලා හදපු ගොඩනැඟිල්ල. එක කාලයක ඒක ඉංග්‍රීසින් විසින්ම පුස්තකාලයක් විදියටත් භාවිත කරලා තියෙනවා. දැන් කියවන ඔබ අහයි එදා තිබුණු මුල් උල්පැන් ගෙයට මොකද වුණේ කියලා. ඇත්තටම ඒක 1803 අවුරුද්දේ ඉංග්‍රීසි හමුදාව විසින් ගිනි තබා විනාශ කළා. ඊට පස්සේ තමයි කාලයත් එක්ක බිසෝ උල්පැන් ගෙයි තිබුණු ඒ පැරැණි අත්තිවාරම වගේම තටාකයත් සංස්කෘතික අරමුදල විසින් කැණීම් කරලා සංරක්ෂණය කළේ. වර්තමානය වෙද්දි හෙක්ටයාර් දහනවයකට එහා වපසරියක නුවර වැව පැතිරිලා තියෙනවා. ඒ වගේම වැවේ උපරිම ගැඹුර මීටර් දහඅටක්. ඊළඟට ජල පෝෂක ප්‍රදේශය ගත්තොත් ඒකත් වර්ග කිලෝ මීටර් දෙකකට එහා තියෙනවා. ඒ වගේම අපි දන්න ඒ වැව රවුමත් කිලෝ මීටර් හතරක් විතර දිගයි.
මුල් කාලයේ නුවර වැව හදන වැඬේට බොහෝ පිරිස් විරුද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ උඩරටට දැවැන්ත වූ සතුරු ආක්‍රමණ පැවති කාලයක අලංකාරයට පමණක් වැව හැදීම. කොහොම හරි සිංහලේ අවසානම රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දේවේන්ද්‍ර මූලචාරින්ගේ සැලැස්මට අනුව වැව හදනවා. මුලින්ම අඩි දෙකකට එහා වැව් බැම්මක් හදලයි වැවේ වැඬේ පටන් ගන්නේ. ඒ වෙද්දි ඉංග්‍රීසීන් උඩරටට ඇවිල්ලයි තිබුණේ. කොහොම හරි වැව හැදිල්ල පස්සේ තිබුණේ බොහොම දුක්මුසු අඳුරු කතාවක්. රජතුමාගේ ආඥවට අනුව එදා නුවර අසල කෝරළවල ගම්වල හිටපු සියලු දෙනාම දින සති මාස ගණනාවක් මේ වැවේ වැඩ කරලා තියෙනවා. ඒත් ඔය මිනිස්සුන්ට රජතුමා වැටුපක් ගෙවලා නෑ. එදා මිනිස්සු වැඩට ඇවිත් තියෙන්නෙත් ගෙදරිත් බත් මුලක් පවා බැඳගෙන. ඒත් එහෙම ගේන්නත් නැති මිනිස්සු තෝර කොළ කාලයි වැවේ වැඩ කරලා තියෙන්නේ. ඒත් තෝර කොළ පිසගැනීමටවත් පිළිවෙළක් නොතිබුණු මිනිස්සු ඒවා බඬේ බැඳගෙනයි වැවේ වැඩට ඇවිල්ලා තියෙන්නේ. ඔවුන් සිරුරේ උෂ්ණත්වයට තැම්බී ගිය ඒ තෝර කොළවලින් යැපිලා තමයි එදා වැවේ වැඩ ටික කරලා තියෙන්නේ. එහෙම බැලුවම නුවර වැවේ වතුර වෙලා අපිට පේන්නේ ඒ අහිංසක මිනිස්සුන්ගේ කඳුළුයි දහඩියයි කියන එකේ වරදකුත් නෑ.

නුවර වැවේ අද කතාව ගත්තොත් නම් මේ වැවේ මසුන් මරන්න නීතියෙන් තහනම්. උඩවත්ත කැලෙන් බහිරව කන්දෙන් හන්තාන කන්දෙන් වගේම අර දුනුමඬලාව රක්ෂිතය හෙවත් වාකර් වත්ත කියන කඳු පන්තීන්වලින් ගලන් එන ජල ධාරාවලින් තමයි නුවර වැව දැන් පෝෂණය වෙන්නේ. ඒත් අද නුවර ජනාකීර්ණ නගරයක් වීම උඩ ඒක වැවටත් බලපාලයි තියෙන්නේ. ඒක නිසාම වැවේ ඉඳන් අඩි 100ක් එහාට යනකල් කිසිම විදියක අලුත් ඉදිකිරීමක් කරන්න බෑ. ඒ වගේම වැවට සමීප මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2000ක් තරම් ඉහළ බෑවුම්වලත් ඉදිකිරීම් කරන්න බෑ. එහෙම කියන්නේ මහනුවර මහ නඟර සභාව. ඒත් අද මහනුවර කියන්නේ අපේ රටේ ජනාවස වැඩිපුරම තියෙන වායු දූෂණය අතින් ඉහළින්ම තියෙන නගරයක්. ඒත් නුවර වැව මහනුවර මහ නගර සභාව, වාරිමාර්ග දෙපාර්තුමේන්තුවත් එක්ක එකතු වෙලා අනාගතයට පරිස්සම් කරනවා. ඉතින් පූජනීය වූ දළදා වහන්සේ වඳින්න යන ගමන් ඔබ ඉදිරියේ නිහඬව ඉන්න නුවර වැවේ ඒ මහා ජලකඳට යටවුණු කතාව ඔන්න ඔහොමයි. හැබැයි අදින් පස්සේ මේ කතාව තවදුරටත් රහසක් නෙවෙයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

යාපනයට ඉන්දීය යානයක් ‌‌ගොඩබස්සයි

Next Post

බේස් ගිටාරයේ ෆාස්ට් රිදම් එක අර්නි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.