• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙගා වලට මොකද වෙන්නේ?

August 23, 2021
in Heart
Reading Time: 12 mins read
A A
මෙගා වලට මොකද වෙන්නේ?
Share on WhatsAppShare on Facebook

Shooting කරනවද? නැද්ද?

මේ දවස්වල රටේ පවතින තත්ත්වයත් එක්ක සියලුම ජනතාව පීඩාවිඳින මොහොතක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ පීඩාවල් මැද්දේ ඔබේ මනස සුවපත් කිරීමට කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් විශාල කැපකිරීමක් පසුගිය දවස්වල සිදුකළා. ඔවුන්ද පසුගිය කාලය ඇතුළත මේ කොරෝනා වසංගතයට මුහුණ දුන්න බව ඔබ දන්නවා ඇති. එහෙත් මේ දිනවල විකාශය වන මෙගා ටෙලිනාට්‍ය රූපගත කිරීම් ඉදිරියට සිදු කරනවාද, නැතිනම් ඒ සියල්ලම නතර කළයුතුද කියන තීරණය මත ක්‍ෂේත්‍රයේ විවිධ අයගේ විවිධ අදහස් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරෙනවා. ඉතින් මෙගා ටෙලිනාට්‍ය සඳහා දායකවන ශිල්පීන් කිහිප දෙනෙකුගෙන් අපි එය ගැන විමසා බැලුවා ඔවුන්ගේ අදහස් කොයි වගේද කියලා.

රූපගත කිරීම් කරන්න ඕනේ…
හිරුෂි වසුන්දරා

ටෙලිනාට්‍ය නතර කිරීම වැදගත් කියලා මම අදහස් කරන්නේ නැහැ. රූපගත කිරීම් කටයුතු ඉතාමත් ක්‍රමවේදයක් යටතේ ආරක්‍ෂාකාරීව, පිළිවෙළකට කිරීමයි වැදගත්.

මේ මොහොතේ රටේ ජනතාව මානසිකව පීඩා විඳින මොහොතක ඔවුන්ට රසවින්දනයක් ලබා දිය යුතුයි. මේ දවස්වල මම ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ තමයි වැඩ කරන්නේ.

එහි රූපගත කිරීම් බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි සිදුකරන්නේ. අපේ අධ්‍යක්‍ෂතුමා අපි සියලු දෙනාම සුරක්ෂිතව රකිමින් ඉතාමත් පිළිවෙළට වැඩකටයුතු කරනවා.

අපිට කාගේවත් පිහිටක් නෑ…
දිලිනි ලක්මාලි

‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ තමයි මම පසුගිය දවස්වල එකදිගට වැඩ කළේ.

අපි සියලුමදෙනාගේම ආරක්‍ෂාව ගැන හිතලා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ රනිල් කුලසිංහ ‘වලවෙට්ටුවා’ රූපගත කිරීම් පසුගියදා නතර කළා. එක දිගට විකාශය වෙන නිර්මාණයක් වුණත් ඔහු ගත්ත මේ තීරණය ඉතා අගයකොට මම සලකනවා.

රංගන ශිල්පිනියන් විදියට අපිට එහෙම මාක්ස් දාගෙන වැඩ කරන්න අපහසුයි. අපිට කාගෙවත් රැකවරණ පිහිටක් නැහැ. මේ වෙලාවේ අපි රැකිය යුතුයි සියලුම කලාකරුවන්. මේ වෙලාවේ එකම තීරණයකට ඇවිත් ජීවිතය ගැන හිතන්න.

හැමදේකටම කළින් ජීවත් වෙලා ඉන්න ඕනේ…
ඩිස්නි රාජපක්‍ෂ

පසුගිය දවස්වල මමත් නිර්මාණ කිහිපයක වැඩ කළා. ඒ මොහොතේ මම දැක්කා සියලුමදෙනා වැඩ කරන පිළිවෙළ.

මේ ක්‍ෂේත්‍රය දැන් වගකීමක් නැති තැනට පත්වෙලා. මේ මොහොතේ මුදල ගැන නොහිතා ජීවිත ආරක්‍ෂාව ගැන සිතීමයි වැදගත්.

ඒ නිසා රූගත කිරීම් නතර කිරීම ඉතාමත් වැදගත් මොහොතක් තමයි උදාවෙලා තියෙන්නේ.

මේ මොහොතේ රජය මැදිහත් විය යුතුයි කියලා මම කියන්නේ නැහැ. මොකද රජය කලා ශිල්පීන් ගැන හිතලා කිසිම දෙයක් කරන්නේ නැහැ. සියලුම ශිල්පීන් එකම තීරණයක ඇවිත් ගතයුතු තීරණයක් තමයි දැන්.

අලුත් නිර්මාණවලට යන්නේ නෑ…
චන්දිමා කරුණාදාස

මේ දිනවල ‘පාරදිගේ,’ ‘වියළි’ ටෙලිනාට්‍ය දෙකට සම්බන්ධවෙලා වැඩ කරගෙන යනවා.

නමුත් මේ දිනවලනම් මට රූගත කිරීම් නැහැ. සම්බන්ධ වුණත් ආරක්‍ෂිතව අදාළ උපදෙස් පිළිපදිමින් වැඩකටයුතුවල නිරත වෙනවා. රටේ පවතින තත්ත්වය එක්ක අලුත් නිර්මාණ මම බාර ගන්නේ නැහැ.

තවම ‘කොවිඩ්’ එක්ක ගන්න තීන්දු, තීරණ එක්ක අපි වැඩකටයුතු කරන්න සූදානම්.

රූපගත කිරීම් නවත්වන්න ඕනේ…
දමයන්ති ෆොන්සේකා

මේ මොහොතේ අපි සියලුම දෙනාම ජීවිතයත්, මරණයත් අතර සටන් කරන මොහොතක් උදාවෙලා තියෙන්නේ. මොන දේ කරන්නත් කලින් අපි සියලුම දෙනා ජීවත් විය යුතුයි. පසුගිය දවස්වල මම ‘සිහින ගෙනෙන කුමරියේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන හිටියේ. ඒ නිර්මාණයට සම්බන්ධ වුණු ශිල්පීන් දෙදෙනෙකුටත් ‘කොවිඩ්’ රෝගය වැලඳුණු නිසා ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් නතර කළා.

මම ප්‍රතිපත්තියක් ලෙස කවදාවත් සම්බන්ධ වුණු නිර්මාණයක් අතරමග දාලා ගිහින් නැහැ. මේ මොහොතේ රූපවාහිනී නාලිකාවලට පාඩු ඇති. නමුත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන්, රූපවාහිනී නාලිකාවල අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඒ වගේම සියලුම ශිල්පීන් එකම තීරණයකට ඇවිත් සාකච්ඡා කරලා රූපගත කිරීම් නතර කිරීම වැදගත් කියලයි මම හිතන්නේ. මේ මොහොතේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අපි අනුගමනය කරමින් රැකිය යුතු මොහොතක් උදාවෙලා තියෙන්නේ.

මේ ‘කොවිඩ්’ වසංගතය දුරුවුණු මොහොතක අපි සියලුමදෙනා නැවැත පටන්ගමු. මගේ රටට නිදුක් නිරෝගී, සුවපත් රටක් උදාවේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මරණ 194ක්!

Next Post

කොටස් වෙළෙඳපොළේ හිතාගන්න බැරි නැග්මක්!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.