• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දවස් 20න් ලියපු පොතට සම්මානත් හම්බුණා

October 17, 2019
in Heart
Reading Time: 2 mins read
A A
දවස් 20න් ලියපු පොතට සම්මානත් හම්බුණා
Share on WhatsAppShare on Facebook

ගුණාත්මක භාවයෙන් යුතු ටෙලිනාට්‍ය කලාවට සමීප වූවන්ට හෝ හරයක් තිබෙන කලාත්මක නවකතා කියවන පාඨකයන්ට තුෂාරි අබේසේකර යනු කවුදැයි හඳුන්වා දීමට අවැසි නැත.
දවස් 20ක් අතුළත ලියූ “සුදු කපුරු පෙති” නවකතාව 2003 සාහිත්‍ය සම්මාන උළෙලෙහි හොඳම නවකතාව වූයේද තුෂාරි හොඳම දේ ඉතා කලාත්මක ලෙසින් පාඨක සිත් තුළට තිළිණ කරන නිසාය.
හෝපලු අරණ, ලාබයි ඇපල් සහ ශ්වේත ගංතීර නැරඹූ ටෙලිනාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට වුවද තුෂාරි පිරිනැමූ අමරණීය මතකය ඉතාම අනභිභවනීය විය.
ඒ නිසාම විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළද තුෂාරිගේ පොතපත ගැනත්, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය ගැනත්, බොහෝ විට බොහෝ දෙනා කතා කළ තරම අප්‍රමාණ විය.
ඉතින්..,
අපටත් හිතුණා තුෂාරි අබේසේකර එක්ක ටිකක් කතා කරන්න. ඒ ඇගේ ලේඛන කලාව හෝ ටෙලි කලාව ගැන නෙවෙයි. ඈ ගැන ඇගේ ජීවිතය ගැන සහ සිතුම් පැතුම් ගැන කතා කරන්න.

කොහොමද තොරතුරු, ඔබ මේ දවස්වල ටිකක් නියඬයි?
පුංචිපහේ විවේක සුවයකයි මම මේ දවස්වල ඉන්නේ. හුදකලාව මගේම ලෝකයක මඳක් තනිව සිටිනවා.
ඒ කියන්නේ කලාව නිසා ඔබ වෙහෙසට පත්ව සිටියද?
අනේ නැහැ. කලාව කියන්නේ මට භාවනාවක් වාගේ විෂයක්. කලාව නිසා දැඩිව වෙහෙසට පත්වුණාය කියන කියමන මට අදාළ නැහැ. හැබැයි මම අතරමඟ නතර නොවී මහා දිග ගමනක නියැළුණා. අන්න ඒ නිසා පුංචි විරාමයක් අරගෙන ටිකක් නිස්කලංකේ ඉන්න ඕනෑ වුණා. ඒ අතර ගෙවී යන කාලය තමයි මේ.
සම්මානනීය නිර්මාණකාරියක බවට පත්වීමේ හීනයක් ඔබට තිබුණද?
සම්මාන ගන්න නම් හීන දැක්කෙ නැහැ. හැබැයි හීන නම් ගොඩක් තිබුණා. ඉස්කෝලේ යන කෙල්ලක කාලේ මම ගායිකාවක වීමේ හීනයක හිටියා. ඉන් පස්සේ පාසලේ විවිධ ප්‍රසංගවල නාට්‍යවලට එක්වෙමින් දක්‍ෂ නිළියක වීමෙ හීනයක් දැක්කා. යෞවනියක ජීවිතයට අවතීර්ණ වෙනකොට ඒ හීින සේරම අතෑරිලා තිබුණා. ඉන් පස්සේ හෙමින් හෙමින් සිතට ආවෙ ලේඛිකාවක වීමේ හීනයයි.
ඒ හීනේ සැබෑ වෙලා තුෂාරි අබේසේකර ලේඛිකාවක් වුණා. පළමුවෙන් යොවුන් පත්තර කලාවට සමීප වුණා. ඉන් පස්සේ දවස් 20කින් “සුදු කපුරු පෙති” ලියලා සම්මානත් ගත්තා.
බොහෝ විට ඔබේ නිර්මාණවලට ගැහැනිය වස්තු බීජය වන්නේ ඇයි?
ගැහැනියක නැති නිර්මාණයක් කොයින්ද? හැමෝම තම නිර්මාණයන්ට ගැහැනියව තමයි කේන්ද්‍ර කරගන්නේ.
ගැහැනිය කියන්නේ හරිම අපූරු මැවීමක්. අනෙක ගැහැනිය කේන්ද්‍ර කොට තනන නිර්මාණයන්වල මොකක්දෝ මන්දා සියුම් සාර්ථකත්වයක් තිබෙනවා.
අනෙක අපේ රටේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර වශයෙන්ද බොහෝ උසස් කලාකරුවන් තම නිර්මාණයන්ට බොහෝ විටම දායක කොට ගන්නේ ගැහැනියවයි.
ඔබ තනන නිර්මාණවල ගැහැනිය බොහෝ විට මෘදු බවින් තොරයි නේද?
ගැහැනිය විවිධාකාරයි. මෘදුයි, මටසිළුටුයි, ඒ වගේම නාරිලතා පුෂ්පයක් වාගේ ලාලිත්‍යයි. හැබැයි, මහා සාගරයක් වාගේ වරින් වර වෙනස් විය යුතු අවස්ථාවන් ඇගේ ජීවිතය තුළට පැමිණෙනවා. එතැනදී තමයි යම් කැලඹීම් මත අර ඉහත කී මෘදු වස්තුව ප්‍රචණ්ඩව හැසිරෙන්නේ.
මා තනන නිර්මාණයන් තුළින් ප්‍රකට වන්නේද ගැහැනියකගේ ජීවිතයේ විවිධ වූ පැතිකඩයි.
ගායිකාවක සහ රංගවේදිනියක වීමේ සිහිනය යටපත් වීම ගැන හිතට දුක නැද්ද?
ගායිකාවක වීමේ හීනය ඉටුවුණා. මිල්ලෑව වලව්ව ටෙලිනාටකයේ තේමා ගීතය, අමරසිරි පීරිස් මහතා සමඟ ගායනා කරන්නේ මමයි. ඒ ගීතය රචනා කළෙත් මමයි. රාජ්‍ය සම්මාන උළෙලකදී හොඳම ගීත රචනය සඳහා එය නිර්දේශ වීම මට සතුටක්.
අද මෙගා නාට්‍ය කලාව හරසුන් ගමනක නියැළිලා නේද?
ඒ ගැන කතා කරන්නටවත් මම කැමැති නැහැ. ඒ තරමටම එය ඛේදනීයයි.
තුෂාරි අබේසේකර කියන කලාකාරිය ගැන ඔබ තෘප්තියට පත්වෙනවද?
ඔව්.., මතක හිටින යමක් ප්‍රේක්‍ෂකයන් සහ පාඨකයන් වෙනුවෙන් කළා නේද කියන නිරහංකාර සතුට මා සතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්-TNA සාකච්ජා දිගටම

Next Post

ශ්‍රීලනිප 2ක් එජාප ‌‌වේදිකාවට එන්න රහස් සාකච්ජා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.