• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ඇමැතිවරු තුන් දෙනෙක් වැඩ බාරගන්න ආවේ කොහොමද?

August 20, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
අධ්‍යාපන ඇමැතිවරු තුන් දෙනෙක් වැඩ බාරගන්න ආවේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

දරුවන්, ගුරුවරුන් රැකගෙන දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට කැපවන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඒ, අමාත්‍යංශයේදී ඊයේ (19) දිනයේදී සිය ධුරයේ වැඩ භාරගනිමිනි.

පශ්චාත් අධ්‍යාපන ක්‍රම රාශියක් ඇතිකළ යුතු බවත් අධ්‍යාපනයේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවත් පැවසු ඔහු ලෝකයේ නව පර්යේෂණ, සොයාගැනීම් අනුව මෙරට අධ්‍යාපනයද වෙනස් විය යුතු බවද සඳහන් කළේය. පාසල් හැරයන දරුවන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු පැවසිය. පශ්චාත් කොරෝනා සමයේදී, ජනාධිපතිතුමාගේ දැක්ම අනුව දියුණු රටක අනාගත බලාපොරොත්තු සඳහා, අපේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කරන, කාර්මික හා වෘත්තිමය පාඨමාලා තුළ කරන වෙනස්කම් පිළිබඳ , විශ්වාසය හා ශක්තිය ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්න තුන් දෙනකුද එම අවස්ථාවට එක්ව සිටීමය. ඒ ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත්ය.

අභිනව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස, අධ්‍යාපන අමාත්‍යංශයෙදී වැඩ භාරගත්, පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී කළ සම්පුරණ කතාව මෙසේය.

“සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා, එය ක්‍රියාත්මක කරගැනීම සඳහා ඇති කළ සුවිශේෂ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයන්න අපි එලෙසම බැඳී සිටිනවා. එලෙසම විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ අන්‍යෝන්‍ය විශ්වාසය, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය ඇමතිවරුන් සමග පවත්වාගෙන යාම මෙන්ම ඉදිරියට යාමට සැමගේ සහයෝගය අපේක්ෂා කරනවා. අභියෝග මැද අපේ සමාජය, නිර්මාණශීලීව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම දැනුම කියන එක සුවිශේෂ දෙයක් බවට අද පරිවර්තනය වෙලා තියෙනවා, රාජ්‍ය සේවය තුළ වගේම නව පරම්පරාව තුළ. ඒ නිසා දැනුම තමයි වස්තුව වී තිබෙන්නේ කියන එක ඔප්පු කරන්න, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට පුළුවන් වෙලා තියෙනවා. එය ආඩම්බරයක්, නිදහස් අධ්‍යාපනයේ පියාටත්. එදා සිට අධ්‍යාපනය ඉදිරියට ගෙනයන්න පුළුවන් වීම තිබෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට ඒ ශක්තිය ලැබී තිබෙනවා.

දවසින් දවස, අධ්‍යාපන ක්‍රමය, අධ්‍යාපන ව්‍යුහය අපේ අචාර්ය, මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් පාසල් දරු පරම්පරාවට, විශ්වවිද්‍යාල පද්ධතියේ දරුවන්ට , නව ක්‍රමවේද නිර්මාණය කරන්න සිද්ධ වුනා. තොරතුරු තාක්ෂණයේ, නව සන්නිවේදන ක්‍රම කෙලෙසද ඒ සඳහා පරිවර්තනය කරගන්නේ ? මට මතකයි, ජපාන රට, රුපවාහිනිය දෙනකොට කිව්වේ, මේ ලංකාවේ අධ්‍යාපනයට දෙන සුවිශේෂී පරිත්‍යාගයක් කියලා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඇති අභිමානය නිසයි එහෙම වුනේ. වසර ගණනාවක් ගතවුනා, එම ප්‍රයෝජනය රුපවාහිනි, ගුවන් විදුලි තරංග මාලාවලින් ඇතුළු විද්‍යුත් මාධ්‍යන්ගෙන් ලබාගැනීමට. රටේ මේ තිබෙන අර්බුදය මැද, අපේ රටේ බුද්ධිමතුන්ට, උගතුන්ට ඒවායේ ප්‍රයෝජනය ගතහැකි අකාරය පැහැදිලිවී තිබෙනවා. පසුගිය කැබිනට් රැස්වීමේදී අනුමත කළා, චැනල් හතක් ප්‍රයෝජනයට ගන්න අධ්‍යාපන වැඩපිළිවෙළට. ඒ වගේම පාසල් නිල ඇඳුම් නියමිත වෙලාවට ලබාදීමේ වැඩපිළිවෙළත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

ඉතා කේන්ද්‍රීය ජාතික කර්තව්‍යක් හැටියට සෑම රජයක් ම අධ්‍යාපනය සලකා තිබෙනවා. ඒ නිසා තමයි, දැනුමෙන්- සාක්ෂරතාවයෙන් ලෝකයේ ඉහළින් ම ඉන්න රටක් බවට පත්ව ඇත්තේ. ඒ මිනුම තුළ ශ්‍රී ලංකාව අදත් ඉදිරියෙන් සිටිනවා. ආසියාව තුළ ඒ උරුමය අපට කියන්න පුළුවන් වී තිබෙනවා. අනිත් එක තමයි සෞඛ්‍ය. මේ දෙක තමයි වගා කටයුතු කිරීමේ ආයතන හැර, ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන්, කේන්ද්‍රීය ලෙස සුවිශේෂ කාර්යභාරයක් කරන්නේ.

ඩොනමෝර් ආණ්ඩු කාලේ නිදහස් අධ්‍යාපනයක් තිබුණේ නෑ. ඒ වෙනුවෙන් අපේ මහා සඟරුවන ඇතුළු ප්‍රභූන් ගෙනගිය විවිධ උද්ඝෝෂණ, ඉල්ලීම් හරහා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ඇමතිතුමාට පුළුවන් වුනා, නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න, එක වැඩි ඡන්දයකින්, එක වැඩි ඡන්දයකින්. අනිත් අය විරුද්ධ වුනා. නමුත් එය ඉදිරියට ගෙන යන්න ඉන්පසුව නොනවත්වා මහා ගංගාවක් සේ එය ඉදිරියට ගමන් කළා. අලුත් අතු ගංගා පෝෂණය කරමින් එය ඉදිරියට ගමන් කළා.

ලෝකය වෙනස් වී තිබෙනවා. ලෝකය ඒකාකාර නෑ. ලෝකය දිනෙන් දින විවිධ පර්යේෂණ , සොයාගැනීම් සමගින් වෙනස්වෙමින් ඉස්සරහට යනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද එලෙස ඒවා ප්‍රයෝජනයට ගැනීමට හැකි, නිර්මාණශීලි ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න, අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා අපි ක්‍රියාත්මක කරමු.

තව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ ශිෂ්‍යයන් හතළිස් පන් ලක්ෂය වගේම ඒ අයගේ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා, මගේ දරුවට හොඳ අනාගතයක්, මගේ දරුවට තියෙන එක ම වස්තුව අධ්‍යාපනයයි, දැනුමයි කියලා. වෙන වස්තු ඔක්කොම ගංවතුර ආවහම යනවා, සුනාමි ආවහම යනවා. එත් දරුවන්ට දැනුම දීම අපේ රටේ දෙමාපියන්ගේ ප්‍රර්ථනාවයි. එය අපේ රටෙත් ප්‍රර්ථනාවයි. රටක දියුණුව, ශක්තිය, අනාගතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ, එවැනි අධ්‍යාපන රටාවකින් කරන මහා දායදයකින්. ඒ නිසා අපි බරපතළ අභියෝග හරහා ඒ වෙනුවෙන් වැඩ කරමු.

විභාග පවත්වා ගැනීමේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනේ. අපිට හරස් වී තිබෙන්නේ කෝවිඩ් වසංගතය පමණයි. එය ලොවම වෙලාගත් දෙයක් ලංකාවට සීමාවෙලා නැහැ. එහෙම දෙයක් නැති රටවල් ලෙස ප්‍රකාශයට පත්වෙච්ච රටවල්, ඊයේ පෙරේදා යළිත් ඊට ගොදුරු වුනා. ලොවම මෙය ජයගැනීමේ දැවැන්ත උත්සාහයක යෙදිලා තිබෙද්දී අපේ රට තුළ එය ජයගැනීමට අවශ්‍ය ප්‍රධාන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මොකද මිනිස් ජිවිත ආරක්ෂා කිරීම තරම් දෙයක් නෑ.පළවෙනි පියවර එයයි. මිනිස් ජිවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය එන්නත දීම, අනෙකුත් දේවල් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට කරන්න පුළුවන් වී තිබෙනවා.

අපේ ශිෂ්‍ය දරුවන්ට මගපෙන්වන ගුරුවරු, අපි ඔවුන්ට වැඳලායි පන්තියෙන් එළියට එන්නේ. අපි බුදුන්ටයි, අම්මටයි තාත්තටයි වැන්දට පස්සේ වඳින්නේ අපේ ගුරුවරුන්ට. ඒ තරම් හැදියාවකින් යුක්තව තමයි, අපේ රටේ ගුණ ධර්මවලින්, සාර ධර්මවලින් ඔවුන් අගය කරන්නේ. අපිට ගුරු පරම්පරාවට ම එන්නත දෙන්න පුළුවන් වුනා. රජය මේ සඳහා ගෙනයන වැඩපිළිවෙළ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයටත් විශාල වැඩ කොටසක් ඉටු කරනන් සිද්ධ වෙනවා.

පාසල් හැරයන දරුවෝ. ඒත් අපේ දරුවෝ. ඇයි පාසලකට ඇවිත් එය හැර යන්නේ ? එය බරපතළ අභියෝගයක්. ඒ සඳහා මැදිහත් වෙන්න පුළුවන් හැම මාර්ගයක් ම අපි සෙවිය යුතුයි. ඒ සඳහා කමිටු දෙකක් පිහිටුවා තිබෙනවා. පාසලෙන් පසු සමාජගත වන දරුවා ශක්තිමත් පුරවැසියෙක් කරන්න නම් පශ්චාත් අධ්‍යාපන ක්‍රම රාශියක් ඇතිවිය යුතුයි. උසස් අධ්‍යාපනයට යාමට නොහැකි, එහෙත් වෘත්තීය පුහුණුව වගේ ඒවා ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

අපේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නේද ? එය විශේෂයෙන් සැලකිය යුතු දෙයක්. විශේෂයෙන් සඳහන් කරන්නේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පාසල් පද්ධතිය ඇතුළු සම්පත් මීටත් වැඩිය අධ්‍යාපනය සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ක්‍රමවේදයන් සලකා බැලීම හුඟක් වටිනවා.

පාසල් දහදාහක් තියෙන රටක, ජාතික පාසල් තුන්සිය ගණනයි තියෙන්නේ. අනිත් සියලු පාසල් බලන්න වෙන්නේ පළාත් සභා හරහා. ඒ නිසා අප පවත්වාගෙන යා යුතු ඉහල ගුණාත්මකභාවය ගෙනයන්න, ඒ පරිපුරණ අධ්‍යාපන ක්‍රියාදාමය සාර්ථක කරන්න, පළාත් සභාවලත් පූර්ණ සහයෝගය,පූර්ණ සහභාගිත්වය අවශ්‍ය වෙනවා. අපට තියෙන්නේ, සෞභාග්‍යයේ දැක්ම සියලු රටවැසියාට එකලෙස ලබාදෙන්න පුළුවන්, දැනුම දායාද කරන මහත්වූ කර්තව්‍යට එක්වීමයි. මම අමාත්‍යවරයා ලෙස ඒ සඳහා කැපවෙනවා. රාජ්‍ය ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ අනෙක් සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මේ උදාවී ඇත්තේ අපේ ජිවිත කාලයේ කවදාවත් දක්නට නොලැබුණ කාල පරිච්ඡේදයක්. අහලා තියෙන ඒවා තියෙනවා. ලෝක යුද්ධ කාලයේ මෙහෙමයි, පාසල් වෙන තැන්වලට මාරු කළා, ආදී දේවල්. ඒත් අද තොරතුරු තාක්ෂණයේ නව මාවත් පාවිච්චි කරන්න පුළුවන් වීම නිසා, එදා තිබුණ තාත්වයට් වඩා වෙනස් විදියට මීට මුහුණ දිය හැකි තත්ත්වයක් තියෙනවා. නමුත් ලෝක යුද්ධයටත් වඩා යුද්ධයක් ලෝකය පුරා හමායනවා, ඒ මේ කොරෝනා වසංගතය. එයින් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගෙන, ජනාධිපතිතුමාගේ දැක්ම අනුව දියුණු රටක අනාගත බලාපොරොත්තු සඳහා, පශ්චාත් කෝවිඩ් සමයේ අනිවාර්යයෙන් ඒ දියුණුව අපේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කරන, කාර්මික හා වෘත්තිමය පාඨමාලා තුළ එය ඇතිකරන, විශ්වාසය හා ශක්තිය අපට තියෙනවා.”
……………………………
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ 2021.08.19 පැවති මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක පුජ්‍ය දොඩම්පහළ රාහුල හිමියෝ, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියෝ ඇතුළු මහා සංඝ රත්නය වැඩම කර අමාත්‍යවරයාට ආශීර්වාද කළහ. එමෙන්ම ජී එල් පිරිස්, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුද, සුසිල් ප්‍රේමජයන්ත,පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද, අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යංශ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.

…………………………………

SendShareShare
Previous Post

බැසිල් විමල් හදිසි හමුවක්!

Next Post

ජනපතිතුමනි රට වහන්න එපා! පොඩි මිනිහා ගැන හිතන්න! ඇමැති ප්‍රසන්න ජනපතිට ලියුමකින් දැනුම් දෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.