ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
SLT-MOBITEL සමූහය සතු දැනුම හා අත්දැකීම් සමගින්, විද්වතුන්, සන්නිවේදන ක්ෂේත්‍රය, සෙසු සම්බන්ධිත පාර්ශ්ව, සහ ව්‍යවසායකයන්ද සම්බන්ධ කරගනිමින්, ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් විසඳුම් හඳුන්වාදීම මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත.
“Intrapreneurship Studio” Entrepreneurship Studio සහ Venture Capital Studio යන ප්‍රධාන පදනම් තුන ඔස්සේ ‘The Embryo’ වැඩසටහන ක්‍රියාවට නැංවේ.











