• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…

August 19, 2021
in Heart
Reading Time: 3 mins read
A A
රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…
Share on WhatsAppShare on Facebook

වටිනාකමක් නොලැබුණාම හිතට දුකයි…

වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ චරිත සඳහා ජන ජීවිතයේ අප නෙත ගැටෙන සැබෑම චරිත ජීවමාන කරන්නට සුවිශේෂ හැකියාවක් ඇති ඔහු තුසිත ලක්නාත්. ඔහුගේ රංගනයන් අපට මේ දිනවල ‘සකර්ම’ ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. මෙවැනි චරිතවලට පණ පොවන්නට කැපවෙන ශිල්පීන්ට අපේ රටේ අද සිදුවෙලා තියෙන්නේ උඩුගං බලා පිහිනනවා වැනි තත්ත්වයකට මුහුණ දෙන්නටයි. තුසිත සමග අපි කළ කතාබහේදී ඒ ගැනත් කතා කරන්නට අමතක කළේ නෑ.

තුසිත, කොහොමද ඉතින්?
ගැටලුවක් නෑ. හෙමිහිට වැඩ කරගෙන යනවා.

කොරෝනා අවදානම හැම තැනම තියෙනවා. ඒ අතරතුරත් ඔබ රූගතකිරීම්වලට සම්බන්ධ වෙනවද?
මේ දවස්වල මම අලුත් නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපේ ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕනෙ. අපට මොනව හරි වුණොත් කවුරුවත් වගකියන්නෙ නැහැ. අනෙක මගේ උපාධියේ අධ්‍යයන කටයුතු වගේම රැකියාවත් කරගෙන යනවා. ඒ සඳහා මම මූලිකත්වය දීලා තියෙන්නෙ මේ දවස්වල.

‘කිරි පුතා’ ගැන ඔබට මොකද හිතෙන්නේ?
‘සකර්ම’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘කිරපුතා’ චරිතය මට ලොකු වෙනසක් දැනුණා. දේශීය, විදේශීය ප්‍රේක්ෂක පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා හිතුවටත් වැඩිය.

‘සකර්ම’ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ ‘පරඬැල්’ නවකතාව ඇසුරෙන්. ඉතින් ඔබ ඒ නවකතාවට සාධාරණයක් කළා කියලා හිතනවද?
ඇත්තටම මට ප්‍රසන්න අයියා කිව්වා නවකතාව කියවන්න එපා කියලා. ඉතින් මට තවම ‘පරඬැල්’ නවකතාව රසවිඳින්න බැරි වුණා. ටෙලිනාට්‍ය අවසන් වුණාම මම නවකතාව කියවන්න තමයි හිතාගෙන ඉන්නේ. මම උත්සාහ කළේ තිර පිටපතේ මට දැනුණු කිරි පුතාට සාධාරණයක් කරන්නයි. මම හිතනවා මම ගත්ත උත්සාහය සාර්ථක ඇති කියලා. කිරි පුතා වැනි චරිත අද සමාජයේ ඕනෑ තරම් ඇති කියලත් මම හිතනවා.

ඔබ රංගනයෙන් දායක වුණු බහුතරයක් නිර්මාණ සම්භාව්‍ය නිර්මාණ කියලා හිතනවද?
සමාජයට හොඳ පණිවුඩයක් දෙන හොඳ ගුණාත්මක නිර්මාණවල සුවිශේෂ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ මගේ වාසනාවට කියලා මම හිතන්නේ. ඒ අතරතුර මම මෙගා ටෙලිනාට්‍යවලත් රඟපානවා. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයට මම අවුරුදු පහක ඉඳලා සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.

ගුණාත්මක නිර්මාණ සඳහා ඔබ කැපවී වැඩ කළාට ඊට සරිලන ඇගයීමක් ලැබිලා නැහැ නේද?
එතැන තමයි ප්‍රශ්නය. අපේ කැපවීමට අපට සාධාරණයක් නැහැ. නිෂ්පාදන කටයුතුවල ප්‍රශ්න මතු වුණත් ඒ දේවල් පිටවෙන්නේ එහි රඟපාන ශිල්පීන් මතට. ඇයි ඒ ප්‍රශ්න කලින් සැලසුම් කරගෙන කරන්න බැරි? ඒ කිසිම ප්‍රශ්නයක් අපට අදාළ නැහැ. අපි වෘත්තිය විදියට කරන්නේ රඟපෑම. ඉතින් ඒ සඳහා නිසි වටිනාකමක් නොලැබුණාම හිතට දුකයි. අවසානයේ මුදල් ඉල්ලන්න ගියාම නැති ප්‍රශ්න. හැබැයි ඔය ප්‍රශ්න මෙගා ටෙලිනාට්‍යවල නැහැ.‌ මොකද දවසේ පඩියට වැඩ කරන නිසා. අපට කිසි ප්‍රශ්නයක් නැතුව දවසේ මුදල ගෙවනවා. ගුණාත්මක නිර්මාණයක් සඳහා අපිත් හොඳට මහන්සි වෙලා වැඩ කරන්නේ අපටත් ඒ නිර්මාණයේ වටිනාකමක් දැනෙන නිසයි.

ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ මුදල්ද? එහෙමත් නැත්නම් නිර්මාණයද?
මෙහෙමයි, ලංකාවේ අපට එහෙම තෝරා බේරාගෙන නිර්මාණ කරන්න බැහැ. අපි වෘත්තීය රංගන ශිල්පීන් ලෙස කටයුතු නරන නිසා අපි හිතන්නේ මුදල ගැන. අපි ජීවත්වෙන්නේ මේ මුදලෙන්. අපට වෙන කිසිම ආදායමක් නැහැ. මම හිතන්නේ මුදල ගැනයි. මොකද මට පවුලක් ඉන්නවා. මට දරුවන් ඉන්නවා. ඔවුන් ජීවත් කරන්න තමයි මම මේ මහන්සි වෙන්නේ.

ලංකාවේ නිර්මාණ කලාවට පනතක් තිබුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද?
එහෙම පනතක් නැති නිසා තමයි අද ශිල්පීන් කම්කරුවන් ගානට වැටිලා දවසේ පඩියට නිර්මාණවල වැඩකරන්න සිදුවෙලා තියෙන්නේ. 1947දි වගේ තමයි ඔය කියන පනත ඉන්දියාවට වගේම ලංකාවටත් ගෙනාවේ. නමුත් අද ඉන්දියාව කලාවෙන් පෝෂණය වුණු රටක් බවට පත්වෙලා. ලංකාවෙත් ඔය කියන පනත තිබුණා නම් ලංකාවේ නිර්මාණ කලාවටත් සුබවාදී කාලයක් මේ වන විට උදාවෙන්න තිබුණා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!

Next Post

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ටත් කොරෝනා!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් සඳහා ඇමෙරිකානු ජනතාවගෙන් හිමිවන සහාය පහත වැටී ඇති බවත්, එම හමුදා...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.