• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

July 28, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් සඳහා ඇමෙරිකානු ජනතාවගෙන් හිමිවන සහාය පහත වැටී ඇති බවත්, එම හමුදා ක්‍රියාමාර්ගවල පැහැදිලි අරමුණක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත් වී ඇති බවත් නවතම Reuters මතවිමසුමකින් හෙළි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News

මාස පහක් තිස්සේ ඇදී යන මෙම යුදමය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ මතවිමසුමට අනුව, ඉරානයට එරෙහි යුද්ධයට සහාය දක්වන්නේ ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බවයි එම මතවිමසුමෙන් අනාවරණය වි ඇත්තේ.

ඉරාන නායකයින් බලයෙන් පහකිරීමට සහාය වීම, ඉරානයේ බැලස්ටික් මිසයිල බලපෑම නැති කිරීම සහ න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීම වැනි විවිධ අරමුණු ට්‍රම්ප් විසින් වරින් වර ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් මතවිමසුමට අනුව, ඇමෙරිකානුවන්ගෙන් 69% ක් (ඊට රිපබ්ලිකන් පාක්ෂිකයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුද ඇතුළත් වේ) විශ්වාස කරන්නේ ඉරානයට එරෙහි හමුදා මැදිහත්වීමේ ප්‍රධාන අරමුණු මොනවාදැයි ට්‍රම්ප් විසින් පැහැදිලි කර නොමැති බවයි.

ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප් තීරණ ගනු ලබන්නේ වෙනස් වන ජනමත විචාරණ මත පදනම්ව නොවන බවයි.

ඉරානය කිසිදිනෙක න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීම ඇමෙරිකාවේ ප්‍රධාන අරමුණ බව අවධාරණය කළ ඇය, “ඇමෙරිකානු ජනතාවට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා තීරණාත්මක පියවර ගන්නා සේනාධිනායකයෙකු සිටීමයි” යනුවෙන් ඇය පවසා සිටියා.

පෙබරවාරි 28 වන දින ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, මෙම යුද්ධය සඳහා ලැබෙන ජනප්‍රියතාව 40% ට වඩා අඩු මට්ටමක පවතින බවයි වාර්තා වෙන්නේ.

මෙය ඇමෙරිකාව මැදිහත් වූ පසුගිය අනෙකුත් යුද්ධවල මුල් කාලසීමාවන්ට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් බව සඳහන්.

පසුබිම් වෙනස් වුවද, 2003 සිට 2011 දක්වා පැවැති ඉරාක යුද්ධයේ මුල් මාසවලදී 70% ක පමණ ඇමෙරිකානු ජනතාවගේ සහාය ඊට හිමිවුණා.

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන කොංග්‍රස් මණ්ඩල මැතිවරණයට පෙර, යුද්ධය කෙරෙහි පවතින ජනප්‍රියතාව අඩුවීම ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

“අපි ඇයි ඔවුන් එක්ක යුද්ධයක් පටන් ගත්තේ කියලා පැහැදිලි නැහැ. මට කිසිම අදහසක් නැහැ,” යනුවෙන් ජෝර්ජියා ප්‍රාන්තයේ විශ්‍රාමික ඉංජිනේරු ශිල්පියෙකු වන ඇලෙක්ස් වොමැක් පවසා සිටියේ.

1991 ගල්ෆ් යුද්ධය හැසිරවූ ආකාරය නිසා රිපබ්ලිකන් පක්ෂයට එක්වූ හිටපු නාවික හමුදා සෙබළෙකු වන ඔහු, මෙම යුද්ධය නිසා ට්‍රම්ප් කෙරෙහි තිබූ සහාය අඩු වූ බවයි සඳහන් කරන්නේ.

මේ දක්වා ඇමෙරිකානු සෙබළුන් 18 දෙනෙකු මියගොස් ඇති අතර, ඉරානයේ සහ ලෙබනනයේ දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් තිබෙනවා.

යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය බොහෝ ඇමෙරිකානුවන්ගේ ගෘහස්ථ ආර්ථිකයට දැඩි පහරක් වී තිබෙනවා.

පෙබරවාරි 28 යුද්ධය ආරම්භ වීමට පෙර ඩොලර් 3 ක් ලෙස පැවැති ගෑසොලින් ගැලුමක සාමාන්‍ය මිල මේ වන විට ඩොලර් 4 ඉක්මවා තිබෙනවා.

ජෝර්ජ් අයි.ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ සමයේ ධවල මන්දිර ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කළ රිපබ්ලිකන් දේශපාලන උපායමාර්ගිකයෙකු වන ඇලෙක්ස් කොනන්ට් පැවසුවේ, “මෙය පක්ෂයට විවිධ පැතිවලින් දැඩි පීඩනයක් එල්ල කරනවා. ජනවාරි මාසයේ සිට ධවල මන්දිර නිලධාරීන් පැවසුවේ ආර්ථික කරුණු මත මැතිවරණය දිනිය යුතු බවයි. නමුත් විදේශ ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කර ඇති විට ආර්ථික තර්ක ජයග්‍රහණය කිරීම අපහසුයි.” යනුවෙනුයි.

නවතම Reuters මතවිමසුමට අනුව, ස්වාධීන ඡන්දදායකයින් අතරින් 36% ක් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වන අතර රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන්නේ 20% ක් පමණයි.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද ස්වාධීන ඡන්දදායකයින් වැඩි කැමැත්තක් දක්වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි.

2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී ට්‍රම්ප් කියා සිටියේ තමන් ඇමෙරිකාව දීර්ඝකාලීන යුද්ධවලින් මුදාගන්නා බවයි.

ජෝර්ජියා ප්‍රාන්තයේ ස්වාධීන ඡන්දදායකයෙකු වන රායන් ඇන්ඩර්සන් (Rhyan Anderson) සඳහන් කළේ, ට්‍රම්ප් ඉශ්‍රායලයට හෝ වෙනත් මිත්‍ර රටවලට උපකාර කිරීමට වඩා ඇමෙරිකාවේ අභ්‍යන්තර ගැටලුවලට අවධානය යොමු කළ යුතු බවයි. “මට වඩාත්ම වැදගත් වන්නේ රට තුළ සිටින ජනතාව ගැන අවධානය යොමු කිරීමයි. මිත්‍ර රටවල් සිටින බව ඇත්ත, නමුත් මෙහෙත් විශාල පිරිසකට උපකාර අවශ්‍යයි,” ඔහු පවසා සිටියා.

SendShareShare
Previous Post

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

Next Post

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.