• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අසල්වැසියන්ට වැළඳුණු කොරෝනාවෙන් දරුවා බේරාගන්න මියගිය පියාගේ ආත්මය එයි…

August 15, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අසල්වැසියන්ට වැළඳුණු කොරෝනාවෙන් දරුවා බේරාගන්න මියගිය පියාගේ ආත්මය එයි…
Share on WhatsAppShare on Facebook

නිශාන්ත නිවාඩු පාඩුවක් ලැබුණු විගස සිය අසල්වැසි නිවෙසේ සිටින මිත්‍රයා වන සුමේධ සොයා යන්නේ මොනවා හෝ කතාබස් කරමින් පැයක් දෙකක් ගතකරන අදහසිනි. එය ඔහුගේ දින චර්යාවේ පුරුද්දක් වී තිබුණේ සෑම දිනෙකම පාහේ පැයක් හමාරක් එලෙස සුමේධගේ නිවෙසට යෑමට ඔහු පුරුදුව සිටි නිසාය. නිශාන්තට එසේ එන්නට නොලැබුණහොත් සුමේධ, නිශාන්තගේ නිවෙසට යන්නේත් එකම පුරුද්දටය.

තමා මුලින් පදිංචිව සිටි ප්‍රදේශයේ තිබූ සියලු ඉඩකඩම් විකුණා දමා අලුතින් මෙම ඉඩම මිලට ගෙන කුලියාපිටිය ප්‍රදේශයට පැමිණි පසු නිශාන්තට සිටි ළඟම මිතුරා සුමේධ විය. එසේම ළඟම ඥාතියා ලෙස සිටියේද ඔහුම පමණකි.

සුමේධ, නිශාන්ත පැමිණි සමයේම එම ප්‍රදේශයට ඉඩම් රැගෙන පැමිණියකු හෙයින් ඔහුට සිටි හොඳම මිතුරාද නිශාන්ත පමණක්ම විය. එනිසා දෙදෙනාට දෙදෙනා උන්නේ ඉතා සමීප හිතවත්කමකිනි. මේ නිසාම කොරෝනා සමයේ වුවද සිය අසල්වාසිකම් පවත්වන්නට මේ දෙදෙනා අමතක නොකළහ. ඒ කලක සිට එකිනෙකා බැඳී සිටින මිතුදම නිසාය. එනිසා කොරෝනා නීතිරීති අතරේද දෙදෙනාගේ මිතුදම පලුදු නොවීය.

සිය පියාගේ ඉඩම් උරුමයෙන් ඔහුගේ බාල සහෝදරයන් විසින් උදුරාගැනීමේ වේදනාව නිසාම නිශාන්ත තමාගේ ඉඩම් කොටස විකුණා දමා ගමෙන් පිටමං වන්නට තීන්දු කළේ සිතේ වේදනාවෙනි. එහෙත් ඉඩම් ප්‍රශ්න ගැන මනා අවබෝධයකින් සිටි සුමේධ නිතරම සිය මිතුරාගේ සිත ශක්තිමත් කළේය.

ඔය අතරේ පසුගිය දිනෙක නිශාන්ත සිය මිතුරාගේ සුවදුක් අසා දැනගන්නට සිතා ගේට්ටුව අසලට පැමිණියද වෙනදා නොවූ අයුරින් එහි ගේට්ටුව ඇතුළතින් අගුළු දමා තිබිණි. කිහිප වතාවක් කතා කළද වෙනදා මෙන් සුමේධ ‘වරෙන් මචං’ යැයි කියනු ඇසුණේද නැත. එහෙත් කවුදෝ ආගන්තුකයෙක් ගේට්ටුවෙන් එහා සිට කතා කරනු ඇසුණේය.

‘අනේ මහත්තයා, සුමේධ මහත්තයා හොඳටම නිදි. පුළුවන් නම් පස්සෙ එන්න…’

එසේ අමුත්තා කියනු ඇසුණේය. නිශාන්ත එය අනුමත කර ආපසු පැමිණියේ සුමේධ මුරකරුවකු අරගෙන ඇතැයි සිතමිනි. එහෙත් එවැන්නක් ගැන සුමේධ තමාට කිසිදා කියා නොතිබීමද නිශාන්තට ප්‍රශ්නයකි.

මෙලෙස පසු දිනෙක සුමේධගේ නිවෙසට ගිය නිශාන්තට එදින අමුත්තාගේ කටහඬින් ඇසුණේ සුමේධ සිය ඥාතියකුගේ නිවෙසකට ගිය බවකි. ඒ අනුව එදිනද ආපසු හැරී ගිය ඔහු තුන්වැනි දිනයේද පැමිණියේ මිතුරා ගැන සිතේ වූ කලබලයෙනි. එදින අමුත්තා පවසනු ඇසුණේ සුමේධ දින 14කට දුර බැහැර ගමනක් ගිය බවත්, ඔහු පැමිණෙන්නේ තවත් සති දෙකකින් බවත්ය.

එහෙත් එදින සවස් වෙද්දී සුමේධගේ නිවෙසට සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණියේ කොරෝනා තත්ත්වය ගැන දැනුම් දෙන අදහසිනි. ඔවුහු එහි තාප්පයේ ‘නිරෝධායනය වන නිවෙසකි’ යන ලේබලය ඇලවීය. යළිත් දින 14ක් යනතුරු මිතුරා දකින අදහස අමතක කළ නිශාන්ත මිතුරාටත්, මිතුරාගේ නිවැසියන්ටත් උදේ, දහවල්, රාත්‍රී ආහාර සකසා අවශ්‍ය සත්කාර සේවා කළේය. එය දින දහහතරම නොඅඩුව ඉටුකළ නිශාන්තට සුමේධගේ නිවෙසට තමා ගිය අවස්ථා මඟහැරවූ අමුත්තා ගැන තොරතුරු සුමේධගෙන් ඇසුවේ, ඔහුගේ කොරෝනා තත්ත්වය සුවවූ පසුවය.

‘හැබැයි ඔයාගෙ ගෙදර මං එන්න එද්දි ඔයාගෙ මුර අංකල් ඔයා නෑ කිව්වෙ නැත්නම් මටත් කොරෝනා හැදිලා, ගෙදර අයටත් හැදෙනවා…’

දිනක් නිශාන්ත සිය මිතුරාට පැවැසුවේ සිනාමුසුව කොරෝනා ගැන කතාබස් කරමිනි.

‘මුරකාරයා? උඹට පිස්සුද? මං මුරකාරයො ගන්නෙ නැහැ. අනිත් එක මට කොරෝනා කියලා මං දන්නෙත් නෑ, අර වයිෆ්ලගෙ මල්ලි පොසිටිව් වුණාමනේ ඒ බව අපි දැනගත්තේ. මං ඒත් බැලුවා උඹ මොකද මට නොකියා පරණ ගම පැත්තෙ ගියේ කියලා.

දෙදෙනාටම දෙදෙනාගේ කතා පටලැවිල්ලකි.

‘මං පරණ ගමට ගියේ නැහැ. උඹ ගමනක් ගිය බවක් තමයි උඹලගෙ ගෙදර හිටපු ඒ අංකල් කිව්වේ’

‘අංකල්… කවුද ඒ?’

‘ඇයි අර උඹලගෙ ගෙදර ගේට්ටුව ළඟ හිටපු අංකල්…’

නිශාන්තට සුමේධගේ නිවෙසේ සිට පැවසූ ආකාරයටම සුමේධටද නිශාන්තගේ නිවෙස අසල සිට එකම බොරුව කියූ වයස්ගත පුද්ගලයා ගැන දෙදෙනාම උන්නේ සැකයෙනි. අවසානයේ හරි තොරතුරක් සොයා සුමේධ සිය සී.සී.ටී.වී. දර්ශන පවා බලන්නට පටන් ගත්තේය.

එහිදී නිශාන්ත පැමිණෙන අයුරුත්, ඔහු ගේට්ටුවෙන් පිටත සිට මොන මොනවද කියන අයුරුත්, ඒ හා සමානවම සිය ගේට්ටුවෙන් ඇතුළත යම් ඡායාවක් සැරිසරන අයුරුත් සුමේධට දැකගන්නට ලැබිණි. ඊළඟට තමාට නිශාන්තගේ නිවෙස ළඟදී බොරුවක් කියූ පුද්ගලයාගේ හැඩරුව මතකයේ තබාගත් ඔහු ඒ බව නිශාන්තට පැවසුවේ එදින සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි. එහිදී සුමේධ පැමිණ කතාකරන අයුරු තිබුණද ඔහු අසල කිසිවකු සිටින අයුරක් සටහන් නොවීය. අවසානයේ සුමේධ පැවසූ තොරතුරු අනුව එම හැඩරුව සිය පියාට තිබූ බව මතකයට නගාගත් නිශාන්ත තමා සතුව තිබූ පියාගේ ඡායාරූපයක් පෙන්වීය.

‘ඇත්තටම නිශාන්ත මේ අංකල් තමයි මට කතා කළේ’

නිශාන්තට මෙය මහත් ප්‍රශ්නයක් වූයේ සුමේධගේ පිළිතුර නිසාමය. අවසානයේ ඔහු මේ ගැන තමාගේ හිතවතකු හරහා බණ්ඩාර මහතාට දැනුම් දී තොරතුරු විමසීය.
ඉතා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවකු වූ බණ්ඩාර මහතා නිශාන්තගේ පියාගේ ආත්මය ගෙන්වා කතාබස් කළේය.

‘මට බය හිතුණා මගේ දරුවට කොරෝනා හැදෙයි කියලා. සුමේධ දරුවත් ඒ ගැන නොදැන සිටි නිසයි මං බොරු කියලා දෙන්නා හමුවෙන එක නතර කළේ.’
බණ්ඩාර මහතාගේ මුවින් ඒ වචන පිට වුවද ඒ හඬ පියාගේ හඬම බව නිශාන්ත පැහැදිලිවම හඳුනා ගත්තේය.

අවසානයේ ඔහු සිය පියා වෙනුවෙන් සාංඝික දානමය පුණ්‍යකර්මයක් ඉදිරි දිනෙක පවත්වන්නටද පොරොන්දු විය. ඒ පියා ගැන උපන් මහත් ආදර ගෞරවයකිනි.

නම් ගම් මනඃකල්පිතයි
සත්‍ය කතාවකි

සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

ආණ්ඩුවයි-දෙමළ සන්ධානයයි රහස් හමුවක! මහින්දගේ ලියුම විසිවෙයි! විමුක්තිට සුනේත්‍රා හරස් වෙයි! (රාජ්‍ය රහස්)

Next Post

විවාහයේදී තීන්දු ගන්න හතේ බලවත්තු…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.