• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිච්චා වෙන්න ලැබුණෙ මගේ පෙර පිනකට…

August 19, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හිච්චා වෙන්න ලැබුණෙ මගේ පෙර පිනකට…
Share on WhatsAppShare on Facebook

රඟපෑම කියන්නෙ භාවනාවක්…

ආදරයෙන් අන්ද වුණු මිනිසුන් අද සමාජයේ බහුලව දකින්නට ලැබෙනවා. ඒ අතර ආදරය කියන ඒ උත්තරීතර සෙනෙහස නොමැතිව පීඩා විඳින මිනිසුන් අප රටේ මොන තරම් ඇතිද? එලෙස ආදරය අහිමි වෙලා ආදරය සොයන සුවිශේෂී චරිතයක් තමයි ‘සකුගේ ලෝකය’ටෙලිනාට්‍යයේ ‘හිච්චා’. ‘හිච්චා’ට මෙවැනි ඉරණමක් අත්වුණේ කොහොමද කියලා ඔබ හදවතින්ම දුක්වෙනවා ඇති. ‘හිච්චා’ට මවුපියන්ගේ ආදරය අඩු වුණත් ප්‍රේක්‍ෂක ආදරය දෝතපුරා පිදීමට ඔබ සූදානමින් සිටින බව අපි දන්නවා. ඉතින් මේ දවස්වල කා අතරත් කතාබහ වෙන මේ සුවිශේෂී චරිතය නිරූපණය කරන රංජිත් කඩුපිටිගේ ප්‍රථම වතාවට මාධ්‍යයට හඬ අවදි කළේ ‘මව්රට’ පුවත්පත සමගයි.

ඒත් ඔබව දැන් ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘හිච්චා’ ලෙසට නේද?
‘හිච්චා’ චරිතය මගේ පෙර කළ පිනකට ලැබුණු චරිතයක්. විශේෂයෙන්ම ‘සකුගේ ලෝකය’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා මම ගැන මානුෂිකත්වයෙන් බැලුවා. එතුමා මට දෙවියෙක්. මම මෙයට පෙරත් ඔහුගේ ‘සොඳුරු ගිම්හානය’ ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් කළා. ඒ දැන හැඳුනුම්කම මත ප්‍රියන්ත අයියා මම ගැන මානුෂිකව හිතලා තමයි ඔහු මාව මේ චරිතයට තෝරා ගත්තේ. ඒ වගේම අජිත් ලොකුගේ අයියාත් ලොකු සහායක් දුන්නා. ප්‍රියන්ත අයියා මට මේ අවස්ථාව දුන්නාට මම හිතන්නේ මෙවැනි චරිතයක් මට වෙන අධ්‍යක්‍ෂවරයකු දෙයි කියලා.

දැන් ඔබ ‘හිච්චා’ නිසාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත්වෙලා කියලා හිතනවද?
මම ජනප්‍රිය චරිතයක් වෙන්න හිතාගෙන ඒ ප්‍රතිරූපය මවාගෙන කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. මම රඟපෑමට යොමු වුණේ භාවනාවක් කියලා හිතාගෙන මගේ හිත සැහැල්ලු කර ගැනීම සඳහායි. රඟපෑම මම දකින්නේ භාවනාවක් විදියටයි.

පසුගිය දවසක ඔබ ජනප්‍රිය රංග ශිල්පියෙක්ගෙන් කම්මුල් පහරක් කෑවා නේද. මොකක්ද ඇතිවුණු ප්‍රශ්නය?
‘හිච්චා’ චරිතය තුළින් තමයි මට එහෙම කම්මුල් පහරක් කෑවේ. ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් තමයි වෙද මහතා ලෙසට රඟපාන්නේ. දැහැමි කරන බොරුවකට ‘හිච්චා’ව අහුකරනවා. ඒ වේදනාවට තමයි වෙද මහත්තයා මට ගහන්නේ.

‘හිච්චා’ චරිතය ඔබේ ජීවිතයට සමාන චරිතයක් බව ඔබ විශ්වාස කරනවද?
මගේ ජීවිතයේ ආදරය කියන දේ නොලැබ, දුක් විඳලා තැනකට එන්න උත්සාහ කරපු සංවේදී චරිතයක්. ඉතින් ඒ වගේම තමයි ‘හිච්චා’ටත් තමන්ගේ මවුපියන් ආදරය නැතුව වෙද ගෙදරක හැදී, වැඩී ජීවත් වෙන චරිතයක්. මගේ ජීවිතයට බොහෝ සමානකම් තිබෙන නිසා ‘හිච්චා’ තුළම ජීවත් වුණු නිසාම රඟපාන්න පහසුවක් වුණා.

ඔබ සැබෑ ජීවිතයේදී ආදරය විඳිනවාද?
මගේ ජීවිතයේ ඒ ආදරය මට අහිමි වුණාට මම තවමත් හොයන්නේ ඒ ආදරයයි. එතැනින් එහාට මට හිතන්නට තවත් දෙයක් නැහැ. මාව තේරුම් ගත්ත කෙනෙක් තවම හමුවෙලා නැහැ. ඉතින් මගේ ආදරයට කවදා අත්තටු ලැබෙයිද කියලා මම සිහින දකිනවා. ඒ තරමට මට තවත් ජීවත් වෙන්නට ආදරය අවශ්‍ය නිසා.

රංජිත් අපි කැමැති ඔබ මේ ක්‍ෂේත්‍රයට ආපු ගමන්මග ගැන කෙටියෙන් දැනගන්නට?
මම පාසල් යන කාලේ ඉඳලම නළුවෙක් වෙන්න ගොඩාක් සිහින දැක්කා. ඉතින් පාසලේදීත් නළුවා මම තමයි. ඉතින් මම ඔහොම පාසලේ වේදිකාවේ රඟපාමින් සෞන්දර්ය විශ්වවිiාලයට තේරුණා. එතැනින් තමයි මම මේ රඟපෑම කියන විෂය ගැන තවත් හොයන්නට පටන්ගත්තේ.

ඔබව ගොඩදෙනෙක් දැන හඳුනගත්තේ ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය හරහා නේද?
මම ඒ චිත්‍රපටයේ ‘කොණ්ඩඤ්ඤ බමුණා’ගේ චරිතය තමයි නිරූපණය කළේ. ඉන්පසු ‘ප්‍රේමය’ නම් චිත්‍රපටයේ ‘ප්‍රියන්ත’ චරිතයට නිරුපණය කළා. මේ චිත්‍රපටවල මම නිරූපණය කරපු චරිත මගේ රංගන දිවියට අත්වැලක් වුණා කියලා මම මුලින්ම කියන්න කැමැතියි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දැන්ම ඇඳිරි නීතිය නොදැම්මොත් මහා විනාශයක්! විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවසන් නිවේදනය නිකුත් කරයි! (VIDEO)

Next Post

ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක්! ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.