කොරෝනා ආසාදනය වී සිටින පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පසුගිය අගහරුවාදා දින පැය 3ක කාලයක් සභා ගැබේ රැදී සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තුවේ සීසීටීවී පරීක්ෂාවේදී මේ බව අනාවරණය වී ඇත.
ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන්ට නිරෝධායනය වන ලෙස මේ වනවිට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම එදින ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.










