ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා පවත්වන පා ගමන අත්හිටුවන්නැයි මීරිගම සහ නිට්ටඹුව පොලිස් ස්ථාන කළ එම ඉල්ලීම අත්තනගල්ල, අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තරංගා රාජපක්ෂ මහත්මිය දෙවැනි දිනටත් ප්‍රතික්ෂේප කළාය.
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ හැලගල කොටසින් විරෝධතා පා ගමන ඉදිරියට යාම වළක්වන නියෝගයක් කරන්නැයි මීරිගම පොලීසිය ඉල්ලා සිටියේ ය.
නිට්ටඹුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පස්යාල සිට කොළඹ බලා ගමන් ගන්නා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි සංවිධානයේ විරෝධතා පා ගමන වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසය.
පසුගිය 04 වැනි දා ද මීරිගම සහ නිට්ටඹුව පොලිස් ස්ථාන ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි සංවිධානයේ පා ගමන අත්හිටුවන්නැයි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කළ අතර මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.










