ඇතැම් රසායනික පොහොර ලංකාවට ආනයනය කිරීම සදහා අනුමැතිය ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ නිවේදනය සිදු කොට තිබේ.
ආනයන අපනයන පාලකවරයා විසින්ද ඊට අදාළ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාද අද දින පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කිරීමට පියවර ගෙන තිබිණ.













