කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට ඇති සංශෝධන සියල්ල අද (03) දිනය ඇතුළත තමන්ට ලබා දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලු පක්ෂවලට දැනුම් දී තිබේ.
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු චමල් රාජපක්ෂ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේදී ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ සිය සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










