ඉන්දියාව සමග පැවති තෙවන විස්සයි විස්සය තරගය ජය ගැනීමත් සමග, තරග තුනකින් යුතු විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර විස්ස අවසානයේ දී කඩුළු අටක් දැවී ලබා ගත්තේ ලකුණු 81 ක් පමණි.
වනිදු හසරංග ලකුණු 9කට කඩුළු 4ක් බිදහෙළීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 03 දී කඩුළු 3 ක් පමණක් දැවී එම ඉලක්කය හඹා ගියේ ය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකා කණ්ඩායම 2019න් පසු පළමු වතාවට විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමය.
මීට පෙර දසුන් ශානකගේ නායකත්වය යටතේම ලංකාව 2019දී පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් ලබා ගැනීමට සමත්ව තිබිණ.










